4. සුඛින්ද්රිය වර්ගය
1-5. සුද්ධික ආදි සූත්‍ර වර්ණනා
සිවු වන වර්ගයේ පළමුවැන්නෙහි - සුඛය ද, ඒ සමග උපන් ධර්මයන්ගේ ආධිපත්‍යයේ ප්‍රධානත්වයෙන් යුත් එම ඉන්ද්රියය ද යන අදහසින් සුබින්ද්රිය නම් වේ. දුක්ඛින්ද්රිය, දොමනස්ස ඉන්ද්රිය යන මේවා කාමාවචරම වේ. සෝමනස්ස ඉන්ද්රිය හැර සෙසු රූපාවචර ඉන්ද්රිය ත්‍රෛභූමික වේ. උපේක්ෂා ඉන්ද්රියය චාතුර්භූමික වේ. දෙවැන්න ආදිකොට ඇති සතර චතුස්සත්‍යය වශයෙන් ම කියන ලදී.
6-8. විභඞ්ග ආදි සූත්‍ර වර්ණනා
සය වැන්නෙහි - කායිකං = ශරීරයේ ඉන්ද්රිය වින්දන ශක්තිය හේතුකොට ඇති සුඛං මෙය මෙහි ස්වභාවය දැක්වීමකි. සාතං යනු එයට තවත් වචනයකි. මධුර යනු එහි අරුත යයි කියන ලද්දේ වෙයි. කාය සම්ඵස්සජං = කයෙහි ස්පර්ශ වීමෙන් උපන් සුවය. “සාතං” යන්න කියන ලද පිළිවෙළින් ම අවබෝධ කළ යුතු වේ. වෙදයිතං මෙය මේ පිළිබඳ සියලු වින්දනයනට සමාන ලෙස යෙදේ. අන්‍ය වූ ධර්මයන්ගෙන් විශේෂිත කොට ඇති ස්වභාවය දැක්වීමකි. මේ පිළිවෙළින් සෙසු තැන්හි දී ද අර්ථය දත යුතුය. කායිකං වා චෙතසිකං වා = මෙහිදී වනාහී ඇස ආදීකොට ඇති සෙසු සතර (කණ, නැහැය, දිව, කය) කය පිළිබඳ ඉන්ද්රිය වින්දන ශක්තියෙහි පිහිටුවා උපදවීම් වශයෙන් කායිකයයි කියන ලදී. කායික ඉන්ද්රිය වින්දන ශක්තිය අදුක්ඛමසුඛ (දුක් නැති සැපයද නැති වන්නක්) නම් නොවේ.
9. කට්ඨොපම සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - වින්නං කට්ඨානං = ගිනි දඬු දෙකේ. සඞ්ඝට්ටන සමොධානා = එකට ගැටීමෙන් ද, එකට එකතු කිරීමෙන් ද වශයෙන්, උසමා = උෂ්ණවත් තෙජො = ගින්නෙහි දුම මෙහි දී යට ඇති ගිනි දඬුව මෙන් ස්පර්ශය ද, ගැටීම මෙන් ස්පර්ශය හා ගැටීම ද, ගින්න මෙන් වින්දනය ද දැක්විය යුතුය. වස්තු අරමුණ උඩගිනි දඬුව මෙන් වුව ද, ස්පර්ශය යට ගිනි දඬුව මෙන් වුව ද දැක්විය හැකිය.
10. උප්පටිපාටික සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - යම් සේ ධර්මාරම්මණ වශයෙන් පිළිවෙළින් කියන ලද්දේ ද, එසේම මෙහිදීද මෙම ඉන්ද්රිය විභංගයෙහි (ඉන්ද්රියයන් බෙදා දැක්වීමෙහි) සූත්‍ර හය මෙන් දේශනා කරන ලද බැවින් (මෙය) උප්පටිපාටික සූත්‍රාන්තය නමැයි දත යුතුය. එහි නිමිත්තං යන ආදී සියල්ල “පච්චය” යන්නට යෙදු වෙනත් වචනයන්මය. දුක්ඛින්ද්රියඤ්ච පජානාති = දුඃඛ සත්‍යය වශයෙන්ම දන්නේය. දුක්ඛින්ද්රිය සමුදයං = කටුවකින් විදිනු ලැබූ අයකුට හෝ මකුණකු විසින් දෂ්ට කරනු ලැබූ අයකුට හෝ ඇතිරිල්ලෙහි නැමීම් රැල්ලෙහි (අපහසු) ස්පර්ශය ලැබු අයකුට හෝ දුක් සහිත විඤ්ඤාණයක් උපදීද, එය මෙහි (දුකෙහි) හටගැන්ම යයි දන්නේය.
බාහිර වශයෙන් දොමනස්සින්ද්රිය සමුදයං යන ආදියෙහි ද ඒවායේ හේතු වශයෙන් ම සමුදය (හටගැන්ම) දත යුතුය. පා සිවුරු ආදී බාහිර සංස්කාරයන්ගේ හෝ සද්ධි විහාරිකයන්ගේ (එක්ව වසන්නවුන්ගේ) හෝ වැනසී යාමකින් දෝමනස්ස ඉන්ද්රියය උපදී, යයි දන්නේය. ඒ අයගේ විනාශය එම දෝමනස්සයන්ගේ හට ගැන්ම යයි දත්ය. මනා වූ ආහාරයක් වළඳා උතුම් සයනයෙක වැදහොත් අයකුගේ අත් පා සම්බාහනයේ ස්පර්ශයෙන් ද, විජිනිපතින් සැලෙන පවනෙහි ස්පර්ශයෙන් ද සුඛ ඉන්ද්රියය උපදී. ඒ ස්පර්ශය එම සුඛ ඉන්ද්රියයේ හට ගැන්ම යයි දන්නේය. මධ්‍යස්ථ ආකාරයෙන් උපේක්ෂා ඉන්ද්රියය උපදී. සප්ත සංස්කාරයන්හි මධ්‍යස්ථ ආකාරය වන එය එම උපේක්ෂා ඉන්ද්රියයේ හට ගැන්ම යයි දන්නේය.
කත්ථචුප්පන්නං දුක්ඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි = මේ ආදියෙහි වනාහී මෙම එකම විනිශ්චය කථාව වෙයි. දුඃඛ ඉන්ද්රියය ප්‍රථම ධ්‍යානයේ උපචාර ක්ෂණයෙහි දී ම (මුලික කොටසේදීම) නිරුද්ධ වෙයි, (ප්‍රහීන වේ.) මෙසේ පවත්නා කල්හි වුවද ඒවායේ අතිශය නිරෝධය (සම්පූර්ණ නිරෝධය) සිදුවන බැවින් මෙම නිරෝධය ද ධ්‍යානයන් හිඳීම සිදු වේයයි කියන ලදී. සම්පූර්ණ නිරෝධය (අතිශය නිරෝධය) යනු නිරුද්ධ වන දෙය ප්‍රථමධ්‍යාන ආදිය හමුවෙහි නිරුද්ධ වීමය. උපචාර ක්ෂණයේදී සම්පූර්ණ නිරෝධයක් සිදු නොවේ. විවිධ ලෙස මෙනෙහි කර බැලීමෙහිදී, ප්‍රථම ධ්‍යාන උපචාරයේදී (හෙවත් ප්‍රථම ධ්‍යානයේ මූලික අවස්ථාවේදී නිරුද්ධ වූ දුඃබ ඉන්ද්රියයේ නැවත උත්පත්තියක් මැසි මදුරු දෂ්ටයෙන්, වාත ආදී ස්පර්ශයෙන් හෝ විසමවූ තාපයෙන් සිදුවන්නේය යන බව අවබෝධ වේ.
ධ්‍යානයේ මුල් අවස්ථාවන්හිදී නිරෝධය සිදු නොවේ. ප්රතිපක්ෂයක් විසින් දුබල නො කරනු ලබන බැවින් ධ්‍යානය තුළදීම ප්‍රීතිය පැතිර සිටීමෙන් සකල ශරීරය සුවයෙන් වෙලී යයි. එසේ වුව ද නිරුද්ධ විය යුත්ත මනාව නිරුද්ධ වේ. දුඃඛයේ ප්රතිපක්ෂය විසින් දුක දුබල කරන ලද බැවින් සුවයෙන් වෙළුණ තැනැත්තා තුළින් දුඃඛ ඉන්ද්රියය පහසුවෙන් නිරුද්ධ වේ. විවිධ මෙනෙහි කිරීම් ඇති ද්විතීය ධ්‍යානයේ උපචාරයේදී ප්‍රහීන වූ දෝමනස්ස ඉන්ද්රිය ඇති තැනැත්තා හට ඒ හේතුව නිසා විතර්ක විචාර හේතු එය (දෝමනස්ස ඉන්ද්රියය) උපදී. විතර්ක විචාර නැති කල්හි එය නො උපදීමය. යම් තැනෙක එය උපදීද, යම් තැනෙක විතර්ක විචාර ස්වභාවයෙහිදී සමාධියේ මුලික අවස්ථා උපදීද, ද්විතීය ධ්‍යානයේ උපචාරයෙහි දී විතර්ක විචාරයන් උපදීද, ද්විතීය ධ්‍යානයෙහිදී ඒවා ප්‍රහීන වීමේ හේතුවෙන් ඒවායේ නො උපදී. එසේම තුන් වන ධ්‍යානයේ උපචාර හීන වූ තැනැත්තහුට වුවද සුඛ ඉන්ද්රියයේ ප්‍රීතියෙන් හටගත් සොඳුරු රූපත් ශරීරය ඇත්තහුට සේම සුඛ ඉන්ද්රියය උපදී තෙවන ධ්‍යානයෙහිදී එසේ නොවේ. තෙවන ධ්‍යානයෙහි දී වනාහී සුඛයට හේතු වූ ප්‍රීතිය සියලු අයුරින්ම නිරුද්ධ වේ. එසේම සිවුවන ධ්‍යානයේ උපචාරයේදී ප්රහීතා වූ සෝමනස්ස ඉන්ද්රියයේ ආසන්න භාවයේ හේතුවෙන් ද, ධ්‍යානයට පැමිණි තැනැත්තාගේ උපේක්ෂාවේ අභාවය නිසා ද, ඒවා මනාව ඉක්මනොයන බැවින්ද එය උපදී. සිවුවන ධ්‍යානයේදී එසේ නොවේ. එහෙයින් එත්ථචුප්පන්නං දුක්ඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති යනුවෙන් ඒ ඒ තැන්හි ශේෂ නො කොට ගන්නා ලදී.