එවං විමුත්තා = මෙහි දී යටපත් කිරීමෙන් ලබන මිදීම (වික්‍ඛම්භන විමුත්ති), තාවකාලික මිදීම (සමුච්ඡේද විමුත්ති), සන්සිඳීම් වශයෙන් ලබන මිදීම (පටිප්පස්සද්ධි විමුත්ති), සසරින් ගැලවීමෙන් ලබන මිදීම (නිස්සරණ විමුත්ති) යන පංචවිධ විමුක්තිය අදහස් වේ. එහිදී සමාපත්ති අට තමා විසින් යටපත් කරන ලද නීවරණ ආදියෙන් මිදුණ බැවින් යටපත් කිරීමෙන් ලබන මිදී ම (වික්‍ඛම්භන විමුත්ති) යන ගණයට වැටේ. අනිත්‍යයයි නුවණින් සලකා බැලෙන අනුපස්සනාවන් සත, ඒවා එකිනෙකට සාපේක්ෂකව පටහැණි වීම් වශයෙන් නිදහස් බැවින් තාවකාලික මිදීම (තදඞ්ග විමුත්ති) යන ගණයට වැටේ. ආර්ය මාර්ග සතර පටහැණිව පවත්නා කෙලෙස්වලින් මිදුණ බැවින් සිඳ දැමීමෙන් ලබන මිදීම (සමුච්ඡෙද විමුත්ති) යන ගණයට වැටේ. ශ්‍රමණ භාවයේ සෝවාන් ආදී ඵල සතර මාර්ගයන්ගේ බලයෙන් ක්ලේශයන්ගේ සන්සිඳීමේ ස්වභාවයෙහි උපන් බැවින් සන්සිඳීමෙන් ලබන මිදීම (පටිප්පස්සද්ධි විමුත්ති) යන ගණයට වැටේ. නිවන කෙළෙස්වලින් ඉවත්ව ඇති බැවින්, පහ වූ බැවින්, දුරස්තරව සිටින බැවින් “සසරින් ගැලවීමෙන් ලබන මිදීම” (නිස්සරණ විමුත්ති) යන ගණයට වැටේ. මෙසේ මෙම පංචවිධ විමුක්තීන්ගේ වශයෙන් මෙසේ මිදුනාහයි යනුවෙන් මෙහි අර්ථය දත යුත්තේය.
කිම්පන තෙ සාරිපුත්ත යෙ තෙ භවිස්සන්ති = අතීතයෙහි වූ දේ නිරුද්ධ විය. නොපවතින ස්වභාවයට පත් විය. පහන් දැල්ලක් මෙන් නිවී ගියේය. [need trans]
අනාගත බුදුවරුද ජාත නොවූහ. නො උපන්නෝය. අනුත්පන්නයහ. ඔබ කෙසේ නම් උන්වහන්සේලා ගැන දන්නෙහිද? උන්වහන්සේලා පිළිබඳ දැනීම පා සලකුණු නැති අහසෙහි පියවර සලකුණක් දැක්වීම මෙන් වෙයි. දැන් මා සමග එකම විහාරයෙහි වාසය කරන්නෙහිය, එක්ව පිඬු පිණිස හැසිරෙන්නෙහිය, දහම් දෙසන කල්හි දකුණු පස හිඳින්නෙහිය. කිම ඔබ විසින් මාගේ ගුණ තමාගේ තමාගේ සිතින් පිරිසිඳ දන්නා ලද්දේද? ඒවා අනුගමනය කරන්නේදැයි යනුවෙන් මෙසේ ප්‍රශ්න කළහ. ප්‍රශ්න කරනු ලැබූ කල්හි තෙරණුවෝ “ස්වාමීනි, එය එසේ නොවේ” හෙවත් නොහෙතං භන්තෙ යනුවෙන් එය ප්‍රතික්ෂේප කරති.
තෙරණුවන් හට ද දන්නා දෙයක් ඇත, නො දන්නා දෙයක් ඇත. කිම ඒ තෙරණුවෝ දන්නා දෙය ප්‍රතික්ෂේප කරත් ද, නැතහොත් නො දන්නා දෙය ප්‍රතික්ෂේප කරත් ද? දන්නා දෙයක් ප්‍රතික්ෂේප නො කරති. නො දන්නා දෙයම ප්‍රතික්ෂේප කරති. තෙරණුවෝ වනාහී පිළිපැදීම ඇරඹුණ කල්හිම මෙම පිළිපැදීම ශ්‍රාවක පාරමී ඥානයෙහි පවතින්නක් නොවේයයි අවබෝධ කළහ. හේ තෙමේ මේ පිළිපැදීම තමාගේ ශ්‍රාවක පාරමී ඥානයෙහි නොපවතී යයි ප්‍රතික්ෂේප නොකොට තමා නොදන්නා සර්වඥතාඥානය එය නැත ස්වාමීනි (නො හෙතං භන්තෙ) යි කියා ප්‍රතික්ෂේප කරයි. ඒ නිසා අතීත අනාගත වර්තමාන බුදුන් වහන්සේලාගේ ශීල සමාධි ප්‍රඥා යන විමුක්තිය ඇති කිරීමට සමත් වූ සර්වඥතා ඥානය මාහට නැතැයි යන මෙය ද භාග්‍යවතුන් වහන්සේ මා හට දන්වන සේක.
එත්‍ථ = අතීත ආදී වශයෙන් බෙදා දැක්වූ මේ බුදුන් වහන්සේලා කෙරෙහි අථ කිඤ්චරහි = එසේ නම් මෙවන් නුවණක් නැති කල්හි ඔබ විසින් කුමක් නිසා මෙය කියන ලද දැයි කියයි. ධම්මන්‍වයො = ප්‍රත්‍යක්ෂ ලෙස දැනගත් ඥානයේ පිළිපැදීම අනුගමනය කොට උපන් අනුමාන ඥානය. භාග්‍යවතුන් වහන්ස. පිළිවෙළ ග්‍රහණය කර ගැනීම යයි දන්නා ලද ශ්‍රාවක ඥානයෙහි පිහිටා සිටම මේ ආකාරයෙන් දැන ගනිමියි කියයි. තෙරණුවන්ගේ පිළිවෙළ ග්‍රහණය කර ගැණීම අප්‍රමාණ විය, සීමා රහිත වේද, එසේම පිළිවෙළ ග්‍රහණය කරගත් ධර්මසේනාපති (සැරියුත් මහ) තෙරුන්ගේ ද ඥානය සීමා රහිත වේ. ඒ නිසා ශාස්තෲන් වහන්සේ මෙසේ අනුත්තරය හ යි හේ තෙමේ දනියි. තෙරුන් වහන්සේගේ පිළිවෙළ ග්‍රහණය කර ගැනීමේ ස්වභාවය සර්වඥතා ඥානයේ ස්වභාවයමය.
මෙවිට එම පිළිවෙළ ග්‍රහණය කර ගැනීම පැහැදිලි කරනු පිණිස උපමාවක් දක්වන්නේ සෙය්‍යථාපි භන්තෙ (ස්වාමීනි, කෙසේද යත්) යන ආදිය කීය. එහිදී යම් හෙයකින් මධ්‍ය දේශයේ නගරයේ බාහිර ආධාරක සහිත ප්‍රාකාර ස්ථිර හෝ වේවා, නොහොත් දුර්වල හෝ වේවා, හැම අයුරින්ම සම හෝ රණසඞ්ක නොවේ. එහෙයින් එය නොසලකා පච්චන්තිමං නගරං = (ප්‍රත්‍යන්ත දේශයෙහි වූ නගරයය) යි කීය. දළ්හුද්දාපං දළ්හ පාකාර තොරණං = ස්ථිර වූ ප්‍රාකාරය සහ ස්ථිර වූ බාහිර බැම්ම. එකද්වාරං = (එක් දොරටුවක්) යි කුමක් නිසා කීයේද යත් බොහෝ දොරටු ඇති නගරයක පණ්ඩිත දොරටු පාලයෝ බොහෝ දෙනෙක් සිටිය යුතුය. එක දොරටුවක් පමණක් නම් එක් පණ්ඩිත දොරටු පාලයෙක් සෑහේ. ප්‍රඥාවෙන් තෙරුන් වහන්සේට සම වූ අන් අයෙක් නැත. එහෙයින් තමාගේ පාණ්ඩිත්‍යයට උපමා කරනු පිණිස එකම දොරටුපාලයකු දැක්වීම පිණිස “එකද්වාරං” යි කීය.
පණ්ඩිතො = පණ්ඩිත භාවයෙන් යුක්ත වූයේ ව්‍යත්තො = පාණ්ඩිත්‍යයෙන් යුක්ත වූ පිරිසුදු නුවණක් ඇති තැනැත්තා මෙධාවී = “පදවි ලැබීමට හේතු වූ ප්‍රඥාව” නමැති නුවණින් යුක්ත වූයේ. අනුපරියාය පථ = අනුපරියායන (හෙවත් වටේට පිහිටි) යන නම ඇති ප්‍රාකාර මාර්ගය. පාකාර සන්‍ධිං = ගඩොල් දෙකක් ඉවත් වූ තැන පාකාර විවරං = ප්‍රාකාරයේ කැඩුණ තැනක්. චෙතසො උපක්කිලෙසෙ = පංච නීවරණයෝ සිත අපිරිසිදු කරති, කිලිටි කරති, තැවීම (පීඩාවට පත් කිරීම) සිදු කරති. වෙහෙසවති, එහෙයින් “චෛතසා උපක්කිලෙසා” (සිතේ කිලිටි වීම් යයි කියත්. පඤ්ඤාය දුබ්බලී කරණා = උපදින නීවරණ නූපන් ප්‍රඥාවට ඉපදීමට (ඉඩ) නො වේ. ඒ නිසා පඤ්ඤාය දුබ්බලී කරණ (හෙවත් ප්‍රඥාවගේ දුර්වල කිරීම) යයි කියත්. සුපතිට්ඨිත චිත්තා = සතර සතිපට්ඨානයන්හි පිහිටුවන ලද සිත් (බවට පත්) වී. සත්ත බොජ්ඣඞ්ගෙ යථා භූතං = යථා ස්වභාවයෙන්ම දියුණු කොට අනුත්තරං සම්මා සම්බොධිං = අර්හත් සර්වඥතාඥානය අවබෝධ කළහයි දැක්වේ.