6. සකුණග්ඝි සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි - සකුණග්ඝී = පක්ෂීන් නසයි යන අරුතින් සකුණාග්ඝී නම් වේ. මෙය උකුස්සාට තවත් වචනයකි. සහසා අජ්ඣප්පත්තා = ලෝභය නම් අපරාධයෙන් පැමිණි. අලක්ඛිකා = භාග්‍යය නැති අප්ප පුඤ්ඤා = පින් පිරිහුණ සචච්ඡමයං (සචෙ + අඡ්ඡ මයං) ඉදින් අද අපි නඞ්ගල කට්ඨරකණං = නගුලෙන් කෘෂි කටයුතු කිරීම. “කට්ඨං” යනු ඛෙත්තට්ඨාන හෙවත් කුඹුර කරන තැන යන අරුතයි. ලෙඩ්ඩුට්ඨානං = බිඳෙන තැන. අච්චමානා = කියන්නාහු තමාගේ ශක්තිය පිළිබඳව යහපත් වැනුම් කියන්නාහු යන අරුතයි. මහන්තං. ලෙඩ්ඩුං අභිරුහිත්‍වා = මේ දෙසින් උකුස්සා එන විට මේ දෙසින් නික්මෙමි, මෙදෙසින් පැමිණෙන කල්හි මෙ දෙසින් නික්මෙමි යනුවෙන් සලකා, උදුනක සලකුණින් පිහිටි ගල් තුනෙහි එක් ගලක් මතට නැග සිටියේය. සන්‍ධාය = ඊතලයක් ගලපනු මෙන් ගලපා. මනාව තබා බහු අගතො ඛො ම්‍යායං = මා සඳහා මේ දුරස්තර වූ ස්ථානයට පැමිණියේය, සුලු දුරක් ඉතිරිව ඇත, දැන් මා අල්වා ගන්නේයයි දැන දැවමුවා පක්ෂියකුමෙන් ඒ ගල් අතරෙහිම පෙරලී. පච්චුපාදි = පිළිපන්නේ පිවිසියේ යන අර්ථයයි. උරං පච්චතාළෙසී = එක පහරින්ම කැට කුරුල්ලාගේ හිස සිඳ ඌ අල්වා ගනිමියි වේගයෙන් ආ බැවින් වේගය දරා ගැනීමට නො හැක්කේ ඒ ගලෙහිම ළය වැදුණේය. එකෙණෙහිම ඔහුගේ හෘදය මාංසය පැලී ගියේය. ඉක්බිති කැට කුරුල්ලා නියම ලෙසම සතුරා පිටු දැක්කෙමියි තුටු පහටු වූයේ එම සතුට ඔහුගේ හදවතෙහි ද ඔබ මොබ විහිද ගියේය.
7. මක්කට සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි - දුග්ගා = යාමට අපහසු වූ චාරී = සංචාරය ලෙපං ඔඩ්ඩෙන්ති = නුගරුක්වල කිරි ආදිය යොදා ආලේප කරත්. එය වඳුරන්ගේ ඉරණම් ගමන යන තැන යයි සලකා වෘක්ෂ ශාඛා ආදියෙහි තබත් පඤ්චොඩ්ඩිතො = පස් පොලකින් කත් ලීය ඇතුල් කොට ගතයුතු කල් පසුම්බි මෙන් බැඳ එල්වන ලද්දේ. ථුනං සෙති = කෙඳිරි ගාමින් නිදයි.
8. සූද සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි - සුදො = බත් සකස් කරන්නා (අරක් කැමියා) නානච්චයෙහි = නොයෙක් දෝෂයන්ගෙන්, නොයෙක් ආකාරයන්ගෙන් යන අර්ථයයි. නානච්චයෙහි යනු ද (නානාචයෙහි යන) මෙම පාඨයම වේ. අම්බිලග්ගෙහි = ඇඹුල් සහිත කොටසින් සියලුතන්හි මේ පිළිවෙළම වේ. අභිහරති = ගැනීම සඳහා අත විහිදුවයි. බහුං ගණ්හාති = එකවරම අල්වා ගැනීමෙන් වැඩි කොටසක් ගන්නා තැනැත්තා ද, නැවත නැවත ගන්නා වූ තැනැත්තා ද විශාල වූ ප්‍රමාණයක් ගන්නේම වෙයි. අභිහාරානං = සියයක් හෝ දහසක් ඉවත් කොට ගෙන එන ලද අස්වැන්න පිළිබඳ උපක්කිලෙසා = (කාමච්ඡන්‍ද, ව්‍යාපාද, ථීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන) නීවරණ පස නිමිත්තං න උග්ගණ්හාති = මාගේ මෙම කමටහන අනුපිළිවෙළ සමග හෝ (මාර්ග චිත්තයට ආසන්නවම පෙරටුව පැවති සිත වන) ගෝත්‍රභූ චිත්තය සමග හෝ ගැටී සිටියේ යයි නොදනියි. තමාගේ සිතට නිමිත්තක් ගැනීමට නොහැකි වෙයි. මේ සූත්‍රයෙහිදී විදර්ශනාවෙහි පූර්වභාගය පිළිබඳ සතිපට්ඨානයම කියන ලදී.
9. ගිලාන සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි - බෙලුව ගාමකෙ = වේසාලිය අසල මෙම නම ඇති එක්තරා දොරටු ගමක් ඇත. එහි යථාමිත්තං යන ආදියෙහි මිත්තා = මිත්‍රයන්ම සන්‍දිට්ඨා = ඒ ඒ තන්හි එකතු වී දැකීමෙන් පමණක් මිතුරු බව පවත්වා ගන්නා දෘෂ්ට මිත්‍රයෝ. ඉතා බලවත් නොවන මිත්‍රයෝ. සම්භත්තා = මනා ආහාර දෙන ස්නේහවන්ත වූ බලවත් මිත්‍රයෝ යම් අයට යම් තැනෙක්හි මෙබඳු භික්ෂූහු වෙත් ද එබඳු වූ යුෂ්මත්හු ඒ ඒ තන්හි වස් එළඹෙන්නාහු යන අරුතයි. එහෙයින් මෙසේ කීහ. ඒ තෙරවරුන්ගේ පහසු විහරණය පිණිස ඒ අයහට බේලුව ගමෙහි සෙනසුන ප්‍රමාණවත් නො වේ. ආහාරද හිගය. මුළු වේසාලියෙහිම බොහෝ සෙනසුන් ඇත. ආහාරද සුලභය. එබැවින් මෙසේ කීය.
එසේ නම් කුමක් හෙයින් සුවසේ යවයි කියා නොයැවීද යත් - ඔවුන් හට අනුකම්පා වෙති. උන් වහන්සේට මෙසේ සිත් විය. “දසමසක කාලයක් සිට පිරිනිවන් පාන්නෙමි. ඉදින් මේ පිරිස දුරට යන්නාහු නම් පිරිනිවෙන කල්හි මා දැකීමට නොහැකි වෙති,” යනුවෙනි. ඉක්බිති ඒ පිරිසට මෙසේ සිතීමට ඉඩ ඇති විය හැක. කෙසේද යත් - ශාස්තෲන් වහන්සේ පිරිනිවෙන සේක්. යයි අපහට සිතුවිලි මාත්‍ර සලකුණක් හෝ නො දුන්හ. ඉදින් දන්නෙමු නම් මෙසේ දුරෙක නොවසන්නෙමුයි විපිළිසර වන්නෝය. වේසාලිය අවට වෙෙසන්නාහු වනාහී මාසයකට අටවරක් පැමිණ දහම් අසන්නාහ. බුදුන් වහන්සේගේ අවවාද ලබා ගන්නාහයි පිටත් නො කළහ.