8. නිබ්බෙධ සූත්ර වර්ණනාව
අට වැන්නෙහි - නිබ්බෙධ භාගියං = විනිවිද දකින දැනුම ඇති අයගෙන් කෙනෙක් සති සම්බොජ්ඣඞ්ග භාවිතෙන = දියුණු කරන ලද යහපත් සිත නමැති සම්බොධ්යංගයෙන් සති සම්බෝධ්යංගය භාවිත කොට සිටි බැවින් මෙසේ මෙහි මාර්ග බෝධ්යාංගයෝ මිශ්රව පවතිත්. ඒ බෝධ්යංගයන් විසින් වර්ධනය කොට පැවති සිත ලෝකෝත්තර ලෙසම උපන්නක් වෙයි. එය ද මාර්ගය ආශ්රිතවූවක්කොට මිශ්රවූවක්ම යයි කිවයුතු වන්නේය.
9. ඒකධම්ම සූත්ර වර්ණනාව
නව වැන්නෙහි - සඤ්ඤොජන විනිබද්ධා = එකට බැඳුණ සංයෝජනයන් අජ්ඣොසානා = අවසන් කොට ග්රහණය කර ගැනීමෙන්
10. උදායි සූත්ර වර්ණනාව
දස වැන්නෙහි - අබහුකතො = නො කරන ලද බුහුමන් ඇත්තේ. උක්කුජ්ජාව කුජ්ජං = මෙහි “උක්කුජ්ජ” යනුවෙන් හට ගැන්ම කියනු ලැබේ. “අවකුජ්ජ” යනුවෙන් අවසානය කියනු ලැබේ. හට ගැන්මය, අවසානය යන වශයෙන් පරිවර්තනය වෙමින් විමසා බලන්නේ යයි දක්වයි. ධම්මොච මෙ අභි සමෙතො = ඒකරාශී වූ විදර්ශනා ධර්මය ඇත්තේ, මග්ගො = විදර්ශනා මාර්ගයයි. යම් හෙයකින් තෙරුන් වහන්සේ එසමයෙහි සෝවාන් වී සිටියාහු නම් මත්තෙහි මාර්ග තුන සඳහා ද, ඉදින් අනාගාමී වී සිටියාහු නම් අර්හත් මාර්ගය සඳහා ද මේ විදර්ශනාව දත යුතුය. තථා තථා විහරන්තං = ඒ ඒ ආකාරයෙන් වාසය කරන්නා වූ තථත්තාය = ඒසේ වීම සඳහා ඛීණජාති = (ඉපදීම නැති කරන ලදී) යන මේ ආදියෙන් “තථත්තාය” යන්න අදහස් කරන ලදී. එසේ වීම යන අදහස දැක්වේ. නුවණින් සලකා බැලීම පිණිස පමුණුවනු ලැබේය යන්න මෙහි අදහස වේ. එය දක්වමින් මෙසේ කීහ. සෙසු සියල්ල පහසු අරුත් ඇත්තේමය.
තෙවන උදායි වග්ගය නිමියේය.
4. නීවරණ වර්ගය
3. කිලේස සූත්ර වර්ණනාව
සිටුවන වර්ගයේ තෙවැන්නෙහි - න ච පභස්සරං = බැබලීමක් නැති. පභඞ්ගුච = බිඳෙන ස්වභාවය. අයො = කළු පැහැති ලෝහය හැර, මෙහි දී ඉතිරි ලෝහ වර්ග සතර කියන ලදී. සජ්ඣුං යනු = රිදී චිත්තස්ස = චාතුර්භූමික කුසල චිත්තයාගේ ත්රෛභූමික චිත්තයාගේ ද ක්ලේශයෝ වෙත්. ලෝකෝත්තර සිතේ කෙලෙස් තත්ත්වය කෙසේ ද යත් - කෙලෙස් ඉපදීමට ඉඩක් නොදේද, එම හේතුවෙන් මේවා ලෞකික තැනැත්තාට ද, ලෝකෝත්තර තැනැත්තාට ද කෙලෙස් නම් වේ. පභඞ්ගුච = අරමුණු සුණු විසුණු බවට පත්වීම නිසා සිදු වන බිඳෙන බව අනාවරණ = කුසල් දහම් ආවරණය නොකරත්ය යන අදහසින් “අනාවරණ” නම් වේ. චෙතසො අනුපක්කිලෙසා = චාතුර්භූමික චිත්තයාගේ කෙලෙස් නැති අවස්ථාව
7. ආවරණ සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි පඤ්ඤාය දුබ්බලී කරණා = ප්රඥාවේ මන්දභාවය සිදු කරන්නෝ නීවරණයන්ගේ නිරන්තර හට ගැන්මක් ඇති කල්හි ඒ අතරතුරෙහි උපදින ප්රඥාව දුබල වේ, අඩු වේ. හීන වේ.
8. අනීවරණ සූත්ර වර්ණනාව
අට වැන්නෙහි - පඤ්චස්ස නීවරණා තස්මිං සමයෙ න හොන්ති සත්ත බොජ්ඣඞ්ගා තස්මිං සමයෙ භාවනා පාරිපූරං ගච්ඡන්ති = හිතකර ධර්මය ශ්රවණය කරන්නා වූ ආර්ය ශ්රාවකයන් වහන්සේට වනාහී පඤ්ච නීවරණ දුරු වෙයි. හෙතෙම ඒ හේතුවෙහි ම පිහිටා උත්තම තත්ත්වය (මාර්ග ඵල) උපදවා ගැනීමට සමත් වෙයි. මෙසේ ඔහුගේ බෝධ්යංග ධර්මයන් සත භාවනාවෙහි පරිපූර්ණත්වයට යයි. එසේ කළ නොහැකි වුවහොත් එතැන් පටන් රාත්රි ස්ථාන දිවා ස්ථානවලට පැමිණියේ ඒ ප්රීතියම අත් නොහරිමින් පංචනීවරණයන් යටපත් කොට උත්තම තත්ත්වය (මාර්ග ඵල) උපදවා ගනියි. එසේ කිරීමෙහි නො හැකිවන තැනැත්තා පවා දින සතක් දක්වා එම ප්රීතියම අත් නොහරිමින් නීවරණයන් යටපත් කොට උත්තම තත්ත්වය උපදවා ගනියි යන මේ කරුණ සඳහා මෙය කියන ලදී. යම් යම් ක්රියාවන්හි යෙදීමේ ආශාවන් ආදිය (කම්මාරාමතාදිය) ඉදිරිපත් වී ධර්ම ශ්රවණය කිරීම් වශයෙන් ප්රීති ප්රමෝද පක්ෂයෙන් එක්වරක් ලබා ගන්නා ලද බෝධ්යංගයන් නසා දමයි. එබඳු වූ, ගැලපෙන ඍතු ආදිය ලබා නැවත උපදින්නාහු ද ඒ සමයෙහි භාවනා පරිපූර්ණත්වයට යන්නාහුම යයි කියනු ලැබේ.
9. මහාරුක්ඛ සූත්ර වර්ණනාව
නව වැන්නෙහි - අඡ්ඣරුහා = ඉහලට නගින අය කච්ඡකො = ඇට සැකිල්ලක් ඇත්තේ. කපිත්ථනො = වානරයන්ගේ පියවුරු වැනි ගෙඩි ඇතැයි කියනු ලබන “පුලිල” ගස.
10. නීවරණ සූත්ර වර්ණනාව
දස වැන්නෙහි - අන්ධකාරණා = අන්ධ භාවය ඇති කරන්නාහු. අචක්ඛුකරණා = ප්රඥාව නමැති ඇස නැති කරන්නාහු පඤ්ඤා නිරොධියා = ප්රඥාව නැතිවීමෙන් විඝාත පක්ඛියා = දුක නමැති කොටසට අයත් අනිබ්බාණ සංවත්තනිකා = නිවණට නො පමුණුවන්නාහු. සෙසු කොටස සියලු තන්හි පැහැදිලි වන්නේමය. මෙම මුළු වර්ගයෙහිදීම මිශ්ර වූ බෝධ්යංගයෝම කියන ලද්දාහුය.
සිවු වන නීවරණ වග්ගය නිමියේය.
5. චක්කවත්ති වර්ගය
1. විධා සූත්ර වර්ණනාව
පස්වන වර්ගයේ පළමු වැන්නෙහි - තිස්සො විධා = මාන්න කොටස් තුන. හෙවත් මාන්නය ම වේ. ඒ ඒ අයුරින් විධාන කරන බැවින් මාන්නයම “විධා” යයි කියනු ලැබේ.
2. චක්කවත්ති සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි - රඤ්ඤො භික්ඛවෙ චක්කවත්තිස්ස = මෙහි තමාගේ ශ්රී සම්පත්තියෙන් සතුටු කරවයි යන අදහසින් “රාජා” නම් වෙයි. ඒ රජතුමා හට “ඔබට චක්ර රත්නය පහළ වේවා” යන කියමනෙන්ද, පුණ්යානුභාවයෙන් පහළ වූ වචනයෙන් “චක්ර රත්නය පහළ වන්නේය” යන කියමන අනුවද “චක්රවර්ති” නම් වෙයි. ඒ චක්රවර්ති රජුගේ යන අදහසින් “චක්කවත්තිස්ස” යයි යෙදේ. පාතුභාවා = පහළ වීමෙන් සත්තන්නං = සංඛ්යා සීමාවකි. රතනානං = වෙන් කරන ලද අර්ථ දැක්වීමකි. මෙහි වචනාර්ථය වූ කලී රතිය (ආශාව) උපදවන්නේය යන අරුතින් “රතනං” යනුයි තව ද?
චිත්තී කතං මහග්ඝඤ්ච අතුලං දුල්ලභ දස්සනං,
අනොම සත්ත පරිභොගං රතනං තෙන චුච්චතීති.
අනොම සත්ත පරිභොගං රතනං තෙන චුච්චතීති.
හෙලබසින් මෙහි අරුත මෙසේ වේ.
විසිතුරු කළ මහඟු අසමවූ දුලබ දැකුමැති,
පබු දනන් පළදින බැවින් මෙය “රතන” යැයි වහරති.
පබු දනන් පළදින බැවින් මෙය “රතන” යැයි වහරති.