4. වත්ථ සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - සති සම්බොජ්ඣඞ්ගො ඉති චො මොහොති = ඉදින් මා හට මෙසේ සති සම්බොජ්ඣඞ්ගය (හෙවත් නිවන ලැබීමට උපකාරී වන පිරිසිදු සිහිය) ලැබේ නම්. අප්පමාණොති මෙ හොති = මෙසේ ප්‍රමාණි නො කළ හැකි තරම් (දෙයක්) මාහට ලැබේ. සුසමාරද්ධො = ඉතා හොඳින් පිරිපුන් තිට්ඨන්තං = මෙහිදී සති සම්බොජ්ඣඞ්ගය අට අයුරකින් පවතී. මෙනෙහි නොකළ බැවින් වන ඉපදීම ද, මෙනෙහි කළ බැවින් වන නො ඉපදීම ද වශයෙන් සති සම්බොජ්ඣඞ්ගය පිහිටයි. පැවැත්ම ද, නො පැවැත්ම ද, නිමිත්තද, නිමිත්ත රහිත බව ද, මෙනෙහි නොකිරීමෙන් වන සංස්කාරයන් ද, මෙනෙහි කිරීමෙන් වන සංස්කාරයන්ද වශයෙන් සති සම්බොජ්ඣඞ්ගය පවතී. මේ අට අයුරින් පිහිටන්නේ යයි තෙරුන් වහන්සේ දනිති. කියන ලද ආකාරයට වෙනස් වූ අට අයුරකින් හැසිරෙන්නා එසේ හැසිරෙන බව තෙරුන් වහන්සේ දනිති. සෙසු බොජ්ඣඞ්ගයන්හි ද මේ පිළිවෙළම වේ.
මෙසේ මේ සූත්‍රයෙහි දී තෙරුන් වහන්සේගේ බෝධ්‍යඞ්ග ශක්තීහු කියන ලදහ. යම් කලෙක වනාහී තෙරුන් වහන්සේ සති සම්බොජ්ඣඞ්ගය මූලික කර ගෙන ඵල සමවතට සමවදීද එකල්හී ඉතිරි බෝධ්‍යඞ්ග සය ඒ අනුව පවතියි. යම් කලෙක ධම්ම විචය ආදී බොජ්ඣඞ්ගයන් අතුරෙහි එකක් මුලික කරගන්නේ නම්, එකල්හිද සෙසු බෝධ්‍යඞ්ග ඒ අනුව පවතින්නේ යයි යනුවෙන් මෙසේ ඵල සමවත්හි තමාගේ හුරු පුරුදු බව දක්වමින් තෙරණුවෝ මේ සූත්‍රය දෙසූහ.
5. භික්ෂූ සූත්‍ර වර්ණනාව
පස් වැන්නෙහි - බොධාය සංවත්තන්ති = අවබෝධය පිණිස පවතී. කුමක් අවබෝධ කර ගැනීම පිණිසද යත් මාර්ගය විසින් සකස් නො කරන ලද නිවන (අවබෝධ කර ගැනීම පිණිස) යි. නුවණින් සලකා බැලීම පිණිස (අවශ්‍ය) කාර්යය කරන ලද්දේ මාර්ගයෙන් හෝ කෙලෙස් සිඳ දැමීමෙන් හෝ අවබෝධ කර ගැනීම පිණිස ඵල වශයෙන් අවබෝධය පිණිසයයි කියන ලද්දේ වෙයි. ඒ හේතුවෙන් ම මෙහිදී නිවන සාක්ෂාත් කිරීම පිණිස කෙලෙස් ප්‍රහාණය කිරීම, නුවණින් සලකා බැලීම යයි යන සියල්ල දක්වන ලදි.
7. කූටාගාර සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි - ආරාම නිසාදී = ආරාම නිසාදී = ආරාමය ඇසුරු කොට ගෙන වෙසෙන බැවින් “ආරාම නිසාදී” යයි කියන ලදී. පරිසාවචරො = පිරිස සමග හැසිරෙනුයේ පිරිස් අතරෙහි වනාහී අඥානයෝ ද, පණ්ඩිතයෝ ද හැසිරෙති. යම් තැනැත්තෙක් වනාහී පරවාද මර්දනය කොට තමාගේ වාදය (මතය) මතු කොට දැක්වීමට සමත් වේද ඒ තෙමේ පිරිසෙහි (ප්‍රමුඛව) හැසිරෙන්නා නම් වෙයි. ආරාමෙන ආරාමං = ආරාමයෙන් ආරාමයට (අන් භික්ෂූන්) අනුව ගමන් කරමි. බැහැරින් නොවේය යන අරුතයි. උයනෙහි ද මේ පිළිවෙළම වේ. අන් අරමකින් වෙනත් අරමකට පිවිස හෝ, අන් උයනකින් වෙනත් උයනකට පිවිස හෝ යනු මෙහි අර්ථය වේ. ඉතිවාදප්පමොක්‍ඛානි සං සං = ප්‍රශ්න කිරිම මෙසේ වෙයි, පැහැදිලි කරදීම මෙසේ වෙයි, යන මේ ආදී පිළිවෙළින් මෙබඳු මතයක් (වාදයක්) ඇති වෙයි. මතයෙන් (වාදයෙන්) මෙසේ මිදී යාම වෙයි, වාදයන්හි ආනිසංසය මෙසේ වෙයි. උපාරමභානිසං සං = මෙය ප්‍රශ්න කිරීමේ දෝෂයයි. මෙය ප්‍රශ්න විසඳීමේ දෝෂයයි, යනුවෙන් මෙසේ වාද දෝෂයන්ගේ ප්‍රතිඵල දැක්වේ.
කථං භාවිතො කුණ්ඩලිය ඉන්‍ද්‍රිය සංවරෝ = ශාස්තෲන් වහන්සේ “පරිබ්‍රාජකයා විසින් මාගෙන් මෙපමණ ප්‍රශ්න විචාරණ ලදී, දැන් ප්‍රශ්න කිරීමට නො හැකිව සිටී” යයි දැන, “මේ දේශනාව මෙතෙක් මනාව ගැලපී නැත, දැන් එය මනා ගැලපීමට පමුණුවන්නෙමි”යි තමන් වහන්සේ ම ප්‍රශ්න කරමින් මේ දේශනාව ආරම්භ කළසේක. එහි මනාපං නාභිජ්ඣායති යනු තමා ප්‍රිය කරන අරමුණ දැඩි ලෙස ආශා නොකරයි යන අදහසයි. නාවිහිංසති = ආමිෂයෙන් ලබන සතුට හේතුවෙන් හිංසාවෙන් වැළකෙන්නේ නො වෙයි. තස්ස ඨිතොච කායො හොතිඨිතං චිත්තං අජ්ඣත්තං = ඔහුගේ වූ කලී කය ද සිත ද අරමුණු වන අධ්‍යාත්මයෙහි පිහිටියේ වෙයි. සුසණ්ඨිතං = කමටහන් වශයෙන් මනාව පිහිටි සුවිමුත්තං = කමටහන නිසා සිදුවන විමුක්තියේ හේතුවෙන් මනාව නිදහස් වූ අමනාපං = ප්‍රියනොවන අරමුණ න මඞ්කුහොති = එහි මතුවූ බවක් නො වෙයි. අප්පතිත්‍ථීන චිත්තො = කෙලෙස් වශයෙන් යමක් අපේක්ෂා කරන සිත් ඇති තැනැත්තා අදීන මානසො = දොම්නස් වශයෙන් දීන භාවයට පත් නොවන සිත් ඇත්තේ. අබ්‍යාපන්න චෙතසො = දෝෂ වශයෙන් දූෂිත නොවූ සිත් ඇත්තේ
එවං භාවිතො ඛො කුණ්ඩලිය ඉන්‍ද්‍රිය සංවරො එවං බහුලීකතො තීණි සුචරිතානි පරිපුරෙති = මෙහි මෙසේ සුචරිත පූරණය දත යුතුය. මෙම දොරටු සයෙහි දුශ්චරිතයන් අටළොසක් වේ. ඒ කෙසේදයත් ඉෂ්ට වූ ආරම්මණයක් ඇස නමැති දොරටුවෙහි යොමු වූ කල්හි කය වචනය යන අංගයන් චලනය නොකොට එම අරමුණෙහි ලෝභය උපදවන්නහුට “මනො දුශ්චරිතය” සිදු වෙයි. ලෝබ සහිත සිතින් අහෝ මෙය මනෝඥය, සිත් ගන්නේ ය, මනාපය යනුවෙන් කියන්නහුට “වචීදුශ්චරිතය” සිදුවෙයි. එය ම අතින් ස්පර්ශ කරන්නහුට “කාය දුශ්චරිතය” සිදු වෙයි. සෙසු (සොත ආදී) දොරටුවලදී ද මේ පිළිවෙළ ම වේ.