9. සඞ්කාසන සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - අපරිමාණ වණ්ණා අප්‍රමාණ වූ අකුරු බ්‍යඤ්ජනානි = ඒවාටම වෙනත් වචනයකි. බ්‍යංජන නම් වර්ණයන්ගේ ම එක් කොටසකි. සඞ්කාසනා = විභක්තීහුය. එක් එක් සත්‍යය හැම අයුරින්ම විස්තර කරනු ලබන කල්හි වර්ණ (අකුරු) ආදීන්ගේ කෙළවරක් නම් නැත්තේය. එහෙයින් මෙසේ කීය.
10. තථ සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - ස්වභාවය අත්නොහැර පැවතීම යන අරුතින් තථං යි යෙදේ. “දුක්ඛං “ යනු දුකම යයි කියන ලදී. සත්‍ය ස්වභාවයේ හිස් නොවන බව සඳහා අවිතථං යි යෙදේ. දුක් නැත්තෝය යන අදහසින් “අදුක්ඛං” නම් වේ. අන්‍ය වූ ස්වභාවයකට නොපැමිණීම යන අදහසින් අනඤ්ඤථං යි යෙදේ. දුක ය, දුක ඉපදීමය යන ස්වභාවයකට නො පැමිණේ යන අදහසයි. සමුදය ආදියෙහි ද මේ පිළිවෙළම වේ.
දෙවන ධම්ම චක්කප්පවත්තන වර්ගය නිමි.
3. කොටිගාම වර්ගය
1. කොටිගාම සූත්‍ර වර්ණනාව
තුන්වන වර්ගයේ පළමු වැන්නෙහි - අනනුබොධා = අවබෝධ නොකිරීමෙන් අප්පටිවෙධා = අවබෝධ කර නො ගැනීමෙන්.
2. දුතිය කොටිගාම සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි [missing trans]
7. තථ සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි - තස්මා අරියානං සච්චානි = යම් හෙයකින් සත්‍යයන් හා අසත්‍යයන් වෙනස් වෙත්ද, එහෙයින් ආර්යයන්ගේ සත්‍යයන් යයි කියනු ලැබේ. අසත්‍යයන් ද, වෙනස් වන (ස්ථිර නො වන) ස්වභාවයන් ද ආර්ය සත්‍ය වශයෙන් ආර්යයෝ නොපිළිගනිත්.
8. ලොක සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි - තථාගතො අරියො තස්මා අරිය සච්චානි = යම් හෙයකින් ආර්ය වූ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නා ලද බැවින් ද, දේශනා කරන ලද බැවින් ද ඒවා ආර්යයන් සතු වේ. එහෙයින් ආර්යයන්ගේ සත්‍යයන් වන බැවින් ආර්ය සත්‍යයන්ය යන අර්ථ ඇත්තේ වේ.
10. ගවම්පති සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - සහජනියෙ = ජනතාවගෙන් ගැවසුණ නගරයෙහි, යො භික්‍ඛවෙ දුක්‍ඛඤ්ච පස්සති දුක්ඛ සමුදයම්පි සො පස්සති යන මේ ආදිය එකවර අවබෝධ කර ගැනීම් වශයෙන් කියන ලදී. මේ සූත්‍රයෙහි දී වනාහී එක්වර අවබෝධ කර ගැනීමම කියන ලද්දේ වෙයි.
තුන්වන කොටිගම වර්ගය නිමි.
4. සීසපාවන වර්ගය
1. සිංසපා සූත්‍ර වර්ණනාව
සතරවන වර්ගයේ පළමු වැන්නෙහි - යදිදං උපරි මේවා ඉදිරියෙහි දී (ලැබෙයි නෙහොත් හමුවෙයි) සිංසපාවනෙ = සිංසපා (හෙවත් ඇට්ටේරිය) ගස් ඇති වනයෙහි.
2. ඛදිර සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - අනභිසමෙච්ච = නුවණින් එක්තැන් කොට නොගෙන අවබෝධ කොට නොගෙන යන අර්ථයයි.
3. දණ්ඩ සූත්‍ර වර්ණනාව
තුන්වැන්නෙහි - අස්මා ලොකා පරං ලොකං (මනුෂ්‍යයෝ) මේ මිනිස් ලොවින් මත්තෙහි නිරයට ද, තිරිසන් යෝනියට ද, ප්‍රේත ලෝකයට ද, මිනිස් ලොවට ද, දෙව්ලොවට ද යන්නාහුය. නැවත නැවත සසරෙහිම උපදින්නාහුය යන අර්ථයයි.
5. සත්තිසත සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි - එවඤ්චෙ තං භික්‍ඛවෙ අස්ස මහණෙනි, ඉදින් මෙය මෙසේ සිදු වන්නේ නම් යනුයි. නිරතුරුව ශක්තිය පිළිබඳ සිහියෙන් යුතුව කථා කරන්නහුට දුක් දොම්නස් සමගම මේ සත්‍යාවබෝධය සිදු වන්නේ නම් යන අර්ථයයි.
9. ඉන්දඛීල සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි - මුඛං ඔලොකෙන්ති = අදහස දෙස බලත් මෙහිදී අදහස (අජ්ඣාසය) යන්න මුඛය යයි අදහස් කෙරේ.
10. වාද සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි - සිලායවුපො = ගල්ටැඹක් සොළසකුක්කුකො = සොළොස් රියනක් “සොළස කුක්කු” යි ද පාඨයක් වේ. හෙට්ඨානෙමඞ්ගමා = යට පිහිටි ආවාටයට පිවිසියාහු අට්ඨ කුක්කුඋපරි නෙ මස්ස = රියන් අටක් වූ ආවාටයේ මතුයෙහි උඩට මතු වී සිටියාහු වන්නෝය. භුසා = බලවත්වූ සෙස්ස සියලු තැන්හි පහසු වේ.
සිවුවන සිංසපා වර්ගය නිමි.
5. පපාත වර්ගය
1. චින්තා සූත්‍ර වර්ණනාව
පස්වන වර්ගයේ පළමුවැන්නෙහි - සුමාගාධාය පොක්‍ඛරණීයා = මෙම නම ඇති පොකුණෙහි ලොක චින්තං චින්තෙන්තො = සඳ හිරු සාදන ලද්දේ කවරකු විසින්ද (නොහොත් කුමකින්ද) මහ පොළව සාදන ලද්දේ කවරකු විසින් ද (නොහොත් කුමකින්ද) මහ සමුදුර සාදන ලද්දේ කවරකු විසින්ද (නොහොත් කුමකින්ද) සත්ත්වයෝ කවරකු විසින් පහළ කරනු ලැබුවාහුද (නොහොත් කුමන හේතුවකින්ද) පර්වත සාදන ලද්දේ කවරකු විසින් ද? (නොහොත් කුමකින්ද) අඹ තල් පොල් ආදිය සාදන ලද්දේ කවරකු විසින්ද (නොහොත් කුමකින්ද) ලෝකය පිළිබඳ මෙබඳු සිතුවිලි සිතමින් හුන්නේය.