10-15. ඡෙදනාදි සූත්ර වර්ණනා
ඡෙදන ආදියෙහි දී ඡෙදනං යනු අත් කපාදැමීම් ආදියයි. වධො යනු මරා දැමීමයි. බන්ධො යනු බඳින රැහැන් ආදියෙන් බැඳීමයි. විපරාමොසො = හිමවිපරා මොසො, ගුම්බවිපරාමොසො යනුවෙන් මෙය දෙවැදෑරුම් වේ. යම් හෙයකින් හිම වැටෙන සමයෙහි හිමෙන් සැඟවී සිට මඟට පිළිපන් ජනයන් (ගෙන්) මං පහරත් ද මෙය “හිම විපරිමොසො” නම් වේ. යම් හෙයකින් පඳුරු ආදියෙහි සැඟවී සිට මංපහරත් ද මෙය “ගුම්බ විපරාමොස” නම් වේ.
ආලොපො යනුවෙන් ගම් නියම්ගම් ආදියේ පැහැර ගැනීම කියනු ලැබේ. සාහසාකාරො = සැහැසි ක්රියා නිවෙස්වලට ඇතුල් වී මිනිසුන්ගේ පපුවට ආයුධයක් තබා තමා කැමති බඩු (පැහැර) ගැනීම, මෙසේ කැපීම්, මැරීම්, බැඳීම්, මං පැහැරීම්, ගම් පැහැරීම් යන මේවායින් (භික්ෂූහු) බැහැර වූවාහුය. සෙස්ස සියලු තැන්හි පහසු වේ.
ආමක ධඤ්ඤ පෙය්යාල වර්ණනාව නිමි.
සච්ච සංයුත්තය සමාප්තයි.
සාරත්ථප්පකාසිනී නම් වූ සංයුත්ත නිකායට්ඨ කථාවෙහි
මහාවග්ග වණ්ණනාවද නිමියේය.
මහාවග්ග වණ්ණනාවද නිමියේය.