1. අසඞේඛය්ය සූත්ර වර්ණනාව
පස්වන වග්ගයේ පළමුවැන්නෙහි - අසංඛෙය්යො = මිණුම් ප්රමාණය වශයෙන් අසංඛ්ය වූ, යොදුන් වශයෙන් ද මෙයට සංඛ්යාවන් තිබේ. බහුභෙරවං = සප්රාණික වූ ද, අප්රාණික වූද භයානක ආරම්මණයන්ගේ වශයෙන් “බහුභෙරවං” යයි යෙදේ. පුථු = බොහෝ වූ සවන්ති = ගලා බස්නා උපයන්ති = සමීපයට යති.
2. දුතිය අසඞේඛය්ය සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි - යත්ථිමා මහානදියො සංසන්දන්ති සමෙන්ති = (ඉවුරු ආදී) යමක් බිඳුන කල්හි මේ මහා ගංගාවෝ එකතු වෙත් ද, අතරක් නැතිව පවතිත් ද යන අරුතයි.
3. තතිය අසඞේඛය්ය සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි - පුඤ්ඤකාමො = පින් බලාපොරොත්තු වන තැනැත්තා. කුසලෙ පතිට්ඨිතො = මාර්ග කුශලයෙහි පිහිටියේ. භාවෙති මග්ගං අමතස්ස පත්තියා = නිවනට පැමිණීම පිණිස රහත් මඟ වඩයි. ධම්ම සාරාධිගමො = ධම්ම සාර යනුවෙන් ආර්ය ඵලය වූ ධර්මයෙහි සාරය කියනු ලැබේ. එය අවබෝධ වේය යන අදහසින් ධම්ම සාරාධිගම යයි යෙදේ. අවබෝධ කර ගත් (මාර්ග) ඵල ඇත්තේ යන අදහසයි. ඛයෙරතො = කෙලෙස් ක්ෂය කිරීමෙහි ඇලුණේ.
4. අඩ්ඪ සූත්ර වර්ණනාව
සිවු වැන්නෙහි - අචෙථා මහද්ධනො = සත්වැදැරුම් ආර්ය ධනයෙන් ආඪ්යවූයේ ද, මහත් ධනය ඇත්තේ ද වෙයි. එයින්ම හටගත් සම්පත් නිසා “මහා භොග” නම් වේ. සෙස්ස සියළු තැන්හි පහසු වේ.
පස්වන සගාථක පුඤ්ඤාති සන්ද වග්ගය නිමි.
6. සප්පඤ්ඤ වර්ගය
2. වස්සංවුත්ථ සූත්ර වර්ණනාව
සයවන වග්ගයේ දෙවැන්නෙහි අදහස මෙසේ වේ. සෝවාන් වූ භික්ෂුව මෙතෙකින් අවසානයට නොපැමිණ එම ඉන්ද්රිය ශක්තීන් ද, බෝධ්යංගයන් ද ගලපා විදර්ශනා වඩා සකෘදාගාමී මාර්ගයට පැමිණෙයි. සකෘදාගාමී වූ භික්ෂුව අනාගාමී මාර්ගයටද, අනාගාමී වූ භික්ෂුව අර්හත් මාර්ගයට ද පැමිණේ. මේ අදහස සඳහා භාග්යවතුන් වහන්සේ විසින් මේ සූත්රයෙහිදී සස්නෙහි අනුපිළිවෙළ ද ප්රවේණිය ද දේශනා කරන ලදී.
3. ධම්මදින්න සූත්ර වර්ණනාව
තුන් වැන්නෙහි - ධම්ම දින්නො = සත් දෙනාගෙන් එක් අයෙකි. බුද්ධ කාලයෙහි ධම්ම දින්න උපාසකය, විසාඛ උපාසකය, උග්ග නම් ගෘහපතිය, චිත්ත නම් ගෘහපතිය, හත්ථක ආලවකය, චුල්ල අනාථ පිණ්ඩිකය, මහා අනාථ පිණ්ඩිකය යන මේ සත් දෙනා උපාසකවරුන් පන්සියය බැගින් පිරිවර ඇත්තෝ වූහ. මේ (ධම්ම දින්න උපාසක) තෙමේ ඒ සත් දෙනා අතරෙහි එක් අයෙකි.
ගම්භීරා = ධර්ම ගම්භීරතාවයෙන් යුත් “සලල සූත්ර” ආදිය ගිභීරත්ථා = අර්ථ ගම්භීරතාවයෙන් යුත් “චේතනා සූත්ර” ආදිය ලොකුත්තරා = ලෝකෝත්තර අර්ථ දක්වන “අසංඛත සංයුත්ත” ආදිය සුඤ්ඤතා පටිසංයුත්තා = = ශුන්යතාවයන් සත දක්වන්නාවූ “ඛජ්ජනික සූත්රය” ආදිය උප සම්හච්ඡ විහරිස්සාම = ලබාගෙන වාසය කරන්නෙමු. එවංහි වො ධම්මදින්න සික්ඛිතබ්බං = මෙසේ චන්දොපම ප්රතිපදාව, රථ විනීත ප්රතිපදාව, මොනෙය්ය ප්රතිපදාව හා මහා අරියවංස ප්රතිපදාව (යන මේවා) පුරන්නාවූ ඔබ විසින් මෙසේ පුහුණු කළ යුතුය. මෙසේ ශාස්තෲන් වහන්සේ මේ උවසුවන් හට ලොකු වගකීමක් භාර කළහ. කුමක් හෙයින් මොහු තමාගේ තත්ත්වයෙහි සිට අවවාද නො ඉල්වූවෝ ද? විශේෂත්වයකින් තොරව සියලුම බර දැරීමට සමර්ථ වුවන් මෙන් ස්වාමීනි, අපට අවවාද දෙන සේක්වායි ඉල්ලා සිටියහ. එහෙයින් ශාස්තෲන් වහන්සේ ඔවුන් හට ලොකු වගකීමක් ආරෝපණය කරමින් මෙසේ වදාළහ. නඛොනෙතං = මෙය සිදු නො වේ. මෙහි “න” කාරය වනාහී ව්යඤ්ජන සන්ධි මාත්රයක් පමණක් යයි දත යුතුය. තස්මා = යම් හෙයකින් දැන් තමාගේ තත්ත්වයෙහි සිට අවවාද ඉල්ලන්නහුද, ඒ හේතුවෙනි.