6. ථපති සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි - සාධුකෙ පටිවසන්ති = තමාගේ “සාධුක” නම් වූ ගොදුරු ගමෙහි වෙසෙත් ඔවුන් අතරෙහි ඉසිදත්ත තෙමේ සකෘදාගාමී අයෙකි, පෙර සෝවාන් වී බිරිඳ සමග සතුටින් විසූ අයෙකි. මග්ගෙ පුරිසං ඨපෙසුං = ඔවුන්ගේ මේ දොරටුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ගමන් මග පිහිටියේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ කාලයෙහි ද, අකාලයෙහි ද අපගේ සූත්‍රයන් හෝ ප්‍රමත්තයන් වෙත පැමිණෙත් නම් නැවත දක්නට නොලබන්නෙමුයි මාර්ග මධ්‍යයෙහි පුරුෂයෙකු නැවැත්වූහ.
අනුබන්‍ධිංසු = නුදුරෙහිම පිටුපසින් ලුහු බැන්දාහු භාග්‍යවතුන් වහන්සේ ගැල් යන මාර්ගයෙහි මැද අඩිපාරෙන් වැඩියහ. අන් අය දෙපසෙහි පසු පසින් ගියහ. මග්ගා ඔක්කම්ම = කිසිවකු සමග ගමන් කරන්නාවූ බුදුන් වහන්සේලාට වනාහී සිටියාවූ කිසිවකු සමඟ හෝ, දිවා කාලයෙහි හිඳගෙන හුන් කිසිවකු සමග හෝ පිළිසඳර කතා කිරීමට කරුණු යෙදේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ සිතූහ. මේ අය සමග ගමන් කරන මට පිළිසඳර කතා කිරීම යුතු නොවේ. සිටගෙන සිටින්නවුන් සමග ද කතා කිරීම යුතු නොවේ. මේ අය මගේ සසුනෙහි හිමිකරුවෝය, ලැබූ මාර්ග ඵල ඇත්තෝය. මේ අය සමග හිඳගෙන ම දිවා කාලයෙහි පිළිසඳර කතා කරන්නෙමියි මාර්ගයෙන් ඉවත් වී එක්තරා රුක් මුලකට පැමිණියහ.
පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. ඔව්හු හිරුරැස් වළකන කුඩ ද, සැරයටි හා පාදයන්හි ගල්වන තෙල් ද, අෂ්ටවිධ පානවර්ග ද, සැහැල්ලු පා පළඟ ද ගෙන්වා ගෙන ගියහ. රැගෙන ආ පළඟ පනවා පිළිගැන්වූහ. ශාස්තෲන් වහන්සේ එහි වැඩ හිඳ ගත්හ. එකමන්තං නිසීදිංසු = සෙසු කුඩ ආදිය භික්ෂූ සංඝයාට දෙන්න යයි කියා තුමූ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හිඳගත්හ.
සාවත්‍ථියා කොසලෙසු චාරිකං පක්කමිස්සති ආදී සියල්ල මධ්‍යම ප්‍රදේශය වශයෙන් ම කියන ලදී. කුමක් හෙයින් නියති භාවයක් වේද යත් භාග්‍යවතුන් වහන්සේගේ, චාරිකාවන්හි යෙදීම ද, අරුණෝදයද නියතයකි. මධ්‍යම දේශයෙහි අරුණ නගියි යන්න ද නියත බැවින් මධ්‍යම දේශය වශයෙන්ම කියන ලදී. ආසනෙන නො භගවා භවිස්සති = මෙහිදී හුදෙක් ආසන්න භාවය නිසා ම පමණක් ඔවුන් හට සොම්නස ඇති නොවේ. මෙවිට දන් දීමට ද, සුවඳමල් ආදියෙන් පූජා කිරීමට ද, ප්‍රශ්න ඇසීමට ද ලබන්නෙමු යයි යනුවෙන් ඔවුන් හට සොම්නස උපදී.
තස්මා තිහ ගහපතයො සම්බාධො ඝරාවාසො = ගෘහපතිවරුනි, යම් හෙයකින් ඔබට මා ඈත්වූ කල්හි සොම්නස් ද ඇතිවන්නේය. එහෙයින් ද ගෘහවාසය සම්බාධ සහිතය. ගෘහවාසයෙහි දෝෂයෙන් ඔබට මෙසේ වන්නේය යන මේ කරුණ දැන ගත යුත්තේය. ඉදින් ගෘහවාසය අත්හැර පැවිදිවන්නහු නම් එකල්හි මා සමගම යන්නාවූ ද, එන්නාවූ ද ඔබට එය (සම්බාධ) සිදු නොවන්නේය යන මේ අදහස දක්වමින් මෙසේ කීහ. එහි ඇලීම් සහිතය, කරදර සහිතය යන අරුතින් බාධා සහිත බව දත යුතුය. මහ මැදුරක වසන්නහුට වුවද ඇලීම් සහිතය, කරදර සහිතය යන අරුතින් ගෘහවාසය බාධා සහිතමය. රජා පථො = රාග, ද්වේෂ, මෝහ යන ක්ලේශයන් පැමිණෙන මාර්ගය, පැමිණෙන ස්ථානය යන අර්ථ ඇත්තේය. අබ්භොකාසො පබ්බජ්ජා = පැවිද්ද වනාහී කෙලෙස් රහිතය, පළිබෝධ රහිතය යන අරුතින් අභ්‍යවකාශය මෙනි. සිවුරියන් කුටියක පළඟින් පළඟ ගැටී හුන්නාවූ ද භික්ෂූන් දෙනමකගේ පැවිද්ද ඇලීම් රහිතය, පළිබෝධ රහිතය යන යන අර්ථයෙන් අබ්භොකාස (අභ්‍යවකාශ) යයි නම් වෙයි. අලඤ්චපන වො ගහපතයො අපපමාදාය = මෙ වැනි බාධා ඇති ගෘහවාසයෙහි වසන්නාවූ ඔබට අප්‍රමාදවම සිදු කිරිමට සුදුසුවූ යමක් ඇත යන අර්ථයයි.
එකං පුරතො එකං පච්ඡතො නිසීදාපෙම = ඒ දෙදෙනා ද සර්වාලංකාරයෙන් සැරසී ඒ නාගයන් දෙදෙනා අතරෙහි ඒ ස්ත්‍රීන් මෙසේ හිඳුවා රජුගේ නාගයා මැදෙහි තබා දෙපසෙහි යති. ඒ නිසා මෙසේ කීහ. නාගොපිරක්‍ඛිතබ්බො = යම්සේ කිසියම් බැහැර කිරීමක් සිදු නොකරයි ද එසේ ආරක්ෂා කළ යුතුවෙයි. තාපි භගිණියො = යම් සේ වරදකට නොපැමිණෙත් ද, එසේවන අයුරින් ආරක්ෂා කළ යුතු වෙත්. අත්තාපි මඳ සිනහ, සිනහ, කියුම් බැලුම් ආදිය නොකරන්නවුන් විසින් තමා ද රැකිය යුතු වෙයි. එසේ කරන තැනැත්තා “මොහු ස්වාමි ද්‍රෝහියෙක්ය” යනුවෙන් නිග්‍රහ කරනු ලැබිය යුත්තෙක් වෙයි. තස්මාතිහගහපතයො = රජවරු වනාහී යම් සේ නිතර රාජභාණ්ඩ වැරදි දෙයෙහි යොදවත් ද, ඒ නිසා ද සම්බාධො ඝරාවාසො රජාපෙථො (කෙලෙස් මඟට යොමුවන ගෘහ වාසය බාධක සහිතය) යනුවෙන් කියන ලදී. යම්සේ වනාහී පාංසු කූලික භික්ෂුව මෙසේ පටිච්ඡාපෙන්තො නත්‍ථි (හෙවත් සඟවන්නෙක් නොවේ) නම් වේද, එසේ හෙයින් පැවිද්දනම් අභ්‍යවකාශය වැනියහයි කියන ලදී. සියලු තැන්හිම මෙසේ වේ. අලඤ්ච පන වො ගහපතයො අප්පමාදාය = අප්‍රමාදවම කටයුතු කරන්න යයි දක්වයි.
මුත්තචාගො = පතුරුවන ලද පරිත්‍යාගය ඇත්තේ පයතපාණී = පැමිණි අයගේ දානය සඳහා සේදු අත් ඇත්තේ වොස්සග්ගරතො = වොස්සග්ග යයි කියනු ලබන ත්‍යාග කිරීමෙහි ඇලුණේ යාචයොගො = ඉල්ලීම සුදුසු වන්නාවූ දාන සංවිභාගරතො = දානයෙහි දී අල්පමාත්‍ර වූ හෝ කිසිවක් ලැබුණේ නම් එය ද බෙදීමෙහි කැමති වන්නාවූ, අප්පටි විභත්තං = මෙය අපට ය, මෙය භික්ෂූන්හටය යනුවෙන් මෙසේ නොබෙදෙන ලද සියල්ල දිය යුතු වී සිටියේය යන අර්ථයයි.
7. වේළුද්වාරෙය්‍ය සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි - වෙළුද්වාරං = ගම් දොරටුවෙහි පරපුරෙන් පැමිණි උණ ගසක් ඇති බැවින් මෙසේ ලැබුණාවූ නාමයක් ඇති ගම අත්තූපනායික = තමා වෙත පැමිණිය යුතු සම්ථප්ප ලාප භාසෙන = නිෂ්ඵල වචන කථා කිරීමෙන් නිරර්ථකවූ අනුවණ වචනවලින් යන අරුතයි.
8-9. ගිඤ්ජකාවසථ ආදි සූත්‍ර වර්ණනා
අටවැන්නෙහි - ඤාතිකෙ = එක් විලක් ඇසුරු කොට සුලු පියා හා මහ පියා යන දෙදෙනකුගේ පුතුන්ගේ ගම් දෙකක් විය. ඒවායින් එක් ගමෙක ගික්‍ජකාවසථ = ප්‍රිය උපදවන, ආශාව ඇති කරවන වාසස්ථානයෙහි. ඕරම්භාගියානං = මගපලවලින් පහළ තත්ත්වයෙහි සිටියවුන්හට කාමභවයෙහිම පිළිසිඳ ගැනීම් කරන්නවුන්ගේ යන අර්ථයයි. “ඞ්රං” යනුවෙන් ලබන ලද නම්වලින් හෝ මාර්ග තුනෙන් බැහැර කළයුතු වේය යනුවෙන් හෝ “ඔරම්භාගියානි” යයි කියනු ලැබේ. එහි කාමච්ඡන්දය, ව්‍යාපාදය යන මේ දෙක සමාපත්තියෙන් හෝ වික්ෂිප්ත නොවන මාර්ගයෙන් හෝ මුළුමනින්ම නැතිවූයේ නොවේ. ඉපදීම් වශයෙන් ඉහළ තත්ත්වයෙහි වූ රූප, අරූප භවයකට හෝ යාමට නො දෙත් සක්කාය දිට්ඨි ආදී තුන එහි උපන් අය ද ගෙන්වා නැවත මෙහි ම උපදවත් යයි යනුවෙන් සියල්ලම “ඔරම්භාගිය” ම වේ. අනාවත්ති ධම්මො = පිළිසිඳීම් වශයෙන් මෙලොවට නොපැමිණෙන ස්වභාවය ඇති