8-10. කුක්කුටාරාම ආදි සූත්‍ර වර්ණනා
අට වැන්නෙහි - උම්මග්ගො = ප්‍රශ්න විමර්ශනය කිරීම, ප්‍රශ්න ගවේෂණය යන අරුත් ඇත්තේය. එවංහි ත්‍වං ආවුසො යන මෙය ඔහුගේ ප්‍රශ්නයෙහි පිහිටුවීම පිණිස කීය. නවවැන්න හා දසවැන්න පහසු අරුත් ඇත්තේමය.
දුතිය වර්ගය නිමියේය.
3. මිච්ඡත්ත වර්ගය
1-10. මිච්ඡත්ත ආදි සූත්‍ර වර්ණනා
තතිය වර්ගයේ පළමු වැන්නෙහි - මිච්ඡත්තං = මිථ්‍යා ස්වභාවය සම්මත්තං = යහපත් ස්වභාවය මිච්ඡා පටිපත්තාය කරණ හේතු = වැරදි ප්‍රතිපත්ති පිළිපැදීමේ හේතු යම් හේතුවකින් මිථ්‍යා ප්‍රතිපත්ති අනුව ක්‍රියා කරයි ද ඒ හේතුව නිසා යන අර්ථයයි. නාරාධකො = සපයන්නෙක් නැත. ඤායං ධම්මං = ආර්ය මාර්ග ධර්මය. මිච්ඡා ඤාණි = වැරදි නුවණ වැරදි ලෙස සිතා බලන්නා. මිච්ඡා විමුත්ති = අසත්‍ය ලෙස වටහා ගත් විමුක්තිය. තුන් වැන්න ආදියෙහි නෛර්යාණික නොවන විමුක්තිය යන අදහසයි. මේ සූත්‍ර සතරෙහිදී (සසරෙහි) පැවැත්ම හා ඉන් මිදීම (නො පැවැත්ම) කියන ලදී. මෙහි පසු කොටස් දෙකෙහි වනාහි පුද්ගලයා (ගෙන්) විමසන ලද්දේ ධර්මය බෙදන ලදී. මෙසේ ධර්මය විසින් පුද්ගලයා දක්වන ලදී. සුප්පවත්තියො = මනාව පැවැත්විය යුතු. යම්සේ කැමති කැමති දිසාවට යොමු කරවමින් දුවයි ද එසේ පැවතීමට හැකි වේය යන අර්ථයයි. සවූපනිසං සපරික්‍ඛාරං = ප්‍රත්‍ය සහිත වූයේ, පිරිවර සහිත වූයේ, සෙස්ස සියළු තන්හි පහසුවේමය.
තතිය වර්ගය නිමියේය.
4. පටිපත්ති වර්ගය
1-10. පටිපත්ති ආදි සූත්‍ර වර්ණනා
සිවු වැන්නෙහි - මිච්ඡා පටිපත්තිං = වැරදි ප්‍රතිපත්තිය මිච්ඡා පටිපන්නං = වැරදි මගට පිළිපන්. මෙසේ එක් සූත්‍රයක් ධර්මය වශයෙන්ද, (තවත්) එක් සූත්‍රයක් පුද්ගල වශයෙන් ද දේසනා කරන ලදී. අපාරාපාරං = සසරින් නිවනට යාම. පාරගාමිතො = මෙහි පරතෙරට යමෙක් ගියාහු ද, යමෙක් යත් ද. යමෙක් (මතුවට) යන්නෝද ඒ සියල්ලෝම පාරගාමීහුය (පරතෙරට යන්නෝය) යි දත යුත්තේය.
තීරමෙවානු ධාවති = සසරෙහිම දුවයි, සසරෙහි හැසිරෙයි. කණ්හං = අකුසල් දහම්ඔකා අනොකං = සසරෙහි පැවැත්මෙන් මිදී ලබන නිවන ආගම්ම = අරභයා, සඳහා හේතු කොට පරියොදපෙය්‍ය = පිරිසිදු කරන්නේය. චිත්තක්ලෙසෙහි = සිත කිලිටි කරවන්නාවූ කෙලෙස් වලින් සම්බොධියඞ්ගෙසු = සප්ත බෝධ්‍යංගයන්හි
සාමඤ්ඤත්‍ථං = නිවනයි. එය ද ශ්‍රමණ භාවයෙන් එළඹිය යුතු වන බැවින් “සාමඤ්ඤත්ත” යයි කියනු ලැබේ. බ්‍රහ්මඤ්ඤං ශ්‍රේෂ්ඨ භාවය බ්‍රහ්මඤ්ඤත්‍ථං = නිවන බ්‍රහ්ම ස්වභාවයෙන් (හෙවත් උත්තම ස්වභාවයෙන්) එළඹිය යුතු වන බැවින් (එසේ කියන ලදී) යට යම් යම් තන්හි වනාහී මේ සූත්‍ර තුනෙහි ද “රාගක්‍ඛයො” (රාගය ක්ෂය කිරීම) යන්නා සඳහන් වූයේ ද, ඒ ඒ තන්හි අර්හත්වය ද පිහිටන්නේම යයි කියත්.
චතුත්‍ථ වර්ගය නිමියේය.
5. අඤ්ඤතිත්ථියපෙය්‍යාලය
1-8. විරාග ආදි සූත්‍ර වර්ණනා
අඤ්ඤ තිත්‍ථිය පෙය්‍යාලයෙහි (හෙවත් අන්‍ය තීර්ථක සංක්‍ෂෙප කරණයෙහි) අද්ධාන පරිඤ්ඤත්‍ථං = සංසාර දීර්ඝ මාර්ගය (ඉක්මවා) නිවනට පැමිණ පිරිපුන් දැනුමක් ලබා ගත්තේ නම් වෙයි. එහෙයින් නිර්වාණ මාර්ගය පූර්ණ ලෙස දැන ගන්නා ලද්දේ යයි කියනු ලැබේ. ඒ සඳහාය යන අර්ථයයි. අනුපාදා පරිනිබ්බාණාත්‍ථං = හේතු රහිත වන නිර්වාණය සඳහා මෙසේ මෙම පෙය්‍යාලයෙහි (සංක්‍ෂෙප කරණයෙහි පඤ්චාභිඥා සහිත) විද්‍යාඥානය ඇතුළත් විමුක්ති ඵලයෙන් අර්හත්වය කියන ලදී. ඥාන දර්ශනයෙන් නුවණින් සලකා බැලීම කියන ලදී. සෙසු කරුණු වලින් “නිවන” කියන ලදී.
අඤ්ඤ තිත්‍ථිය පෙය්‍යාලය නිමියේය.
6. සූරියපෙය්‍යාලය
1-14. කල්‍යාණමිත්ත ආදි සූත්‍ර වර්ණනා
සූරිය පෙය්‍යාලයෙහි - කල්‍යාණ මිත්‍රතාවය අරුණෝදයෙහි ආරම්භය මෙනි. කල්‍යාණ මිත්‍ර ස්වභාවයෙහි සිට උපන් බැවින් විදර්ශනා සහිත ආර්ය මාර්ගය සූර්යයාගේ පහළ වීම වැනි යයි කියනු ලැබේ. සියළු තන්හි මෙසේ අර්ථ දත යුතු වේ. සීල සම්පදා = චතු පාරිශුද්ධි ශීලය. ඡන්‍ද සම්පදා = ක්‍රියාකරනු කැමැත්ත, කුසලයෙහි කැමැත්ත අත්ත සම්පදා = සමෘද්ධ වූ සිත් ඇති බව, දිට්ඨි සම්පදා = ඥාන සම්පත්තිය. අප්පමාද සම්පදා = ක්‍රියා කරවන අප්‍රමාද සම්පත්තිය = යොනිසො මනසිකාර සම්පදා = පිළිවෙළ මෙනෙහි කිරීමේ සම්පත්තිය නැවත “කල්‍යාණ මිත්තතා” යන ආදිය සම්මා දිට්ඨි ආදියට වෙනස්වූ ආකාරයකින් ද අදහස් දැක්වීම පිණිස කියන ලදී. මේ සියළු ම සූත්‍ර වෙන් වෙන් පුද්ගලයන්ගේ අදහස් වශයෙන් කියන ලද්දේය.
සුරිය පෙය්‍යාලය නිමියේය.
7-12. එකධම්මපෙය්‍යාලය
1-14. කල්‍යාණමිත්ත ආදි සූත්‍ර වර්ණනා
ධර්මයේ එක් කොටසක් සංක්‍ෂෙප කිරීම ද, කොටස් පෙළක් සංක්‍ෂෙප කිරීම ද වෙන් වෙන් එක් එක් පුද්ගල අදහස් වශයෙන්ම කියන ලදී. එසේ කියන ලද කල්හි අවබෝධ කරගත යුතු අයගේ අදහස් වශයෙන් කියන ලදී.
13. අප්පමාද වර්ගය
1-4. තථාගත ආදි සූත්‍ර වර්ණනා
අප්පමාද පෙය්‍යාලයෙහි - එවමෙව ඛො = මෙහි යම් සේ සකල සත්ත්වයන්හට සම්මා සම්බුද්ධයන් වහන්සේ අග්‍රවෙත් ද, එසේ සකල කුසල ධර්මයන්හට ද ඒවා කරවන්නා වූ අප්‍රමාදය (නම් තැනැත්තා) අග්‍රයයි දැක්විය යුතුය. ලෞකික කුශල ධර්ම ලෝකෝත්තර නොවේ ද? මේ කාමාවචර කුශල ධර්ම පවා කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර වශයෙන් චාතුර්භූමික වේ. මෙය කෙසේ නම් ඒවා අතරේ අග්‍ර වේද? ලැබෙන පමණින් අප්‍රමාදව ඔව්හු ප්‍රතිලාභ ලබත් එහෙයින් හේ ඒ ඔවුන් අතරෙහි අග්‍ර වේ. එබැවින් “ඒ සියල්ල අප්‍රමාදය මුල් කොට ඇත” යන ආදිය කියන ලදී.