2. දෙවන විහාර සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි - විවේකයේ හේතුව කියන ලද පිළිවෙළින් ම දත යුතුය. මිච්ඡාදිට්ඨි වූපසම පච්චයා = මිථ්යා දෘෂ්ටිය සන්සිඳීම නම් සම්යක් දෘෂ්ටියයි. ඒ නිසා සම්යක් දෘෂ්ටි හේතුවෙන් යමක් වින්දනය කරන ලද්දේ යයි කියවිණි ද එයම මිථ්යාදෘෂ්ටිය සන්සිඳීමේ හේතුව යයි දත යුතුය. මේ සූත්රයෙහිදී වනාහී හැඟීම් ඇතිකර ගන්නාහු විපාක වින්දනය ඉතා දුරකදී වුව ග්රහණය කරත් යයි කියන ලදී. මේ ක්රමයෙන් සියළු තන්හි අරුත් දත යුත්තේය. යම් යම් අයට සන්සිඳීමේ හේතුවක් වූයේ යයි කියන ලද්දේද, ඒ ඒ අයට ප්රතිපක්ෂ ධර්ම හේතුවෙන්ම ඒ ඒ වින්දනය වීයයි අදහස් කරන ලදී. ඡන්ද වූපසම පච්චයා යන ආදියෙහි වනාහී ආශාව සන්සිඳීමේ හේතුවෙන් ප්රථම ධ්යාන වින්දනය දත යුත්තේය විතර්ක සන්සිඳීමේ හේතුවෙන් ද්විතීය ධ්යාන වින්දනය ද, සංඥා හේතුවෙන් සංඥා සමාපත්ති සයක වින්දනයද සංඥා හේතුවෙන් සංඥා සමාපත්ති සයක වින්දනයද සංඥා සන්සිඳීම් හේතුවෙන් ම නේවසඤ්ඤා නාසඤ්ඤායතන වින්දනය ද වේ යයි දත යුත්තේය. ඡන්දොච වූපසන්තො යන ආදිය කියන ලද අරුත් ඇත්තේමය.
7. දෙවන පරිසුද්ධ සූත්ර වර්ණනාව
තුන් වැන්නෙහි - සෙක්ඛො = හික්මීම් ස්වභාව යයි. කුමක් පිළිබඳව හික්මෙයි ද යත්:- ත්රිවිධ ශික්ෂාවයි. සෙඛාය = ඵල තුන ද, මාර්ග සතර ද සමග උපන් එම නොනිමි කාර්යයන් ඇති බව නිසා තමාගේ කාර්යය අනුව තව ද ශික්ෂණයෙහි යෙදේය යන අදහසින් “සෙඛා” යයි කියනු ලැබේ. සිවුවැන්න, පස්වැන්න, සයවැන්න හා සත්වැන්න පහසු අරුත් ඇත්තේමය.
8-10. කුක්කුටාරාම ආදි සූත්ර වර්ණනා
අට වැන්නෙහි - උම්මග්ගො = ප්රශ්න විමර්ශනය කිරීම, ප්රශ්න ගවේෂණය යන අරුත් ඇත්තේය. එවංහි ත්වං ආවුසො යන මෙය ඔහුගේ ප්රශ්නයෙහි පිහිටුවීම පිණිස කීය. නවවැන්න හා දසවැන්න පහසු අරුත් ඇත්තේමය.
දුතිය වර්ගය නිමියේය.
3. මිච්ඡත්ත වර්ගය
1-10. මිච්ඡත්ත ආදි සූත්ර වර්ණනා
තතිය වර්ගයේ පළමු වැන්නෙහි - මිච්ඡත්තං = මිථ්යා ස්වභාවය සම්මත්තං = යහපත් ස්වභාවය මිච්ඡා පටිපත්තාය කරණ හේතු = වැරදි ප්රතිපත්ති පිළිපැදීමේ හේතු යම් හේතුවකින් මිථ්යා ප්රතිපත්ති අනුව ක්රියා කරයි ද ඒ හේතුව නිසා යන අර්ථයයි. නාරාධකො = සපයන්නෙක් නැත. ඤායං ධම්මං = ආර්ය මාර්ග ධර්මය. මිච්ඡා ඤාණි = වැරදි නුවණ වැරදි ලෙස සිතා බලන්නා. මිච්ඡා විමුත්ති = අසත්ය ලෙස වටහා ගත් විමුක්තිය. තුන් වැන්න ආදියෙහි නෛර්යාණික නොවන විමුක්තිය යන අදහසයි. මේ සූත්ර සතරෙහිදී (සසරෙහි) පැවැත්ම හා ඉන් මිදීම (නො පැවැත්ම) කියන ලදී. මෙහි පසු කොටස් දෙකෙහි වනාහි පුද්ගලයා (ගෙන්) විමසන ලද්දේ ධර්මය බෙදන ලදී. මෙසේ ධර්මය විසින් පුද්ගලයා දක්වන ලදී. සුප්පවත්තියො = මනාව පැවැත්විය යුතු. යම්සේ කැමති කැමති දිසාවට යොමු කරවමින් දුවයි ද එසේ පැවතීමට හැකි වේය යන අර්ථයයි. සවූපනිසං සපරික්ඛාරං = ප්රත්ය සහිත වූයේ, පිරිවර සහිත වූයේ, සෙස්ස සියළු තන්හි පහසුවේමය.
තතිය වර්ගය නිමියේය.
4. පටිපත්ති වර්ගය
1-10. පටිපත්ති ආදි සූත්ර වර්ණනා
සිවු වැන්නෙහි - මිච්ඡා පටිපත්තිං = වැරදි ප්රතිපත්තිය මිච්ඡා පටිපන්නං = වැරදි මගට පිළිපන්. මෙසේ එක් සූත්රයක් ධර්මය වශයෙන්ද, (තවත්) එක් සූත්රයක් පුද්ගල වශයෙන් ද දේසනා කරන ලදී. අපාරාපාරං = සසරින් නිවනට යාම. පාරගාමිතො = මෙහි පරතෙරට යමෙක් ගියාහු ද, යමෙක් යත් ද. යමෙක් (මතුවට) යන්නෝද ඒ සියල්ලෝම පාරගාමීහුය (පරතෙරට යන්නෝය) යි දත යුත්තේය.
තීරමෙවානු ධාවති = සසරෙහිම දුවයි, සසරෙහි හැසිරෙයි. කණ්හං = අකුසල් දහම්ඔකා අනොකං = සසරෙහි පැවැත්මෙන් මිදී ලබන නිවන ආගම්ම = අරභයා, සඳහා හේතු කොට පරියොදපෙය්ය = පිරිසිදු කරන්නේය. චිත්තක්ලෙසෙහි = සිත කිලිටි කරවන්නාවූ කෙලෙස් වලින් සම්බොධියඞ්ගෙසු = සප්ත බෝධ්යංගයන්හි