8. නිගණ්ඨ සූත්ර වර්ණනාව
අටවැන්නෙහි - තෙනු පසඞ්කමී = සූත්ර ධර්මයන් අවබෝධ කළ ධර්මය දැනගත්, ආනාගාමී ආර්ය ශ්රාවකයෙක් වූ තමා කුමක් හෙයින් නග්න ස්වභාවය පිළිපදින නිසරු නිගණ්ඨයන් වෙත පැමිණියේද? වැරැද්දෙහි දොස් දැක්වීම සඳහා සහ වාද කිරීම පිණිස කරුණු මතු කිරීම සඳහාය. නිගණ්ඨයෝ වනාහී “ශ්රමණ ගෞතමයන්ගේ ශ්රාවකයන් තද කිහිරි කණු මෙන් කිසිවකු හා සමග පිළිසඳර කථාවක් හෝ නොකරති”යි දොස් කියති. එම දෝෂාරෝපණයෙන් නිදහස් වීම පිණිස ද, ඔහුට වාදයකට කරුණු මතු කරමියි කියා, ඒ පිණිසද එහි පැමිණියේය. නඛ්වා හං භන්තෙ භගවතො සද්ධාය ගච්ඡාමි = යමකුට (ප්රස්තුතකාරණය) නුවණින් අවබෝධ නොවූයේ වේද? හෙතෙම “මෙය මෙසේ වේල” යනුවෙන් (ශ්රැති සුචනයෙන්) අනිකකුගේ විශ්වාසය අනුව යන්නේය. මා වූ කලි මෙය නුවණින් අවබෝධ කර ගන්නා ලදි. එහෙයින් මම මෙහිදී භාග්යවතුන් වහන්සේ පිළිබඳ ශ්රද්ධාවෙන් (ඒ මතය අනුව) නොයන්නෙමියි දක්වමින් මෙසේ කීය. (නුවණින් ලත් අවබෝධය නිසා ඒ මතය අනුව යන්නෙමි” යන අදහසයි)
ඔලොකෙත්වා = කය පෙරටු කොට, කුස පිටතට නෙරපා, ගෙල ඔසවා පරීක්ෂා සහිතව බලා බාධෙතබ්බං මඤ්ඤෙය්ය = යම් අයුරකින් ක්රියා කිරීමෙන් විනිවිද යාම සිදුනොවන්නේ වේද, එසේ වනු පිණිස වළක්වා තැබිය යුත්තේ යයි හෝ, බැඳ තැබිය යුත්තේ යයි හෝ සිතන්නේය. සහධම්මිකා = හේතු සහිතව අථමං පටිහරෙය්යාසි සද්ධිං නිගණ්ඨ පරිසාය = මේ පිළිබඳ අරුත් දන්නා ලද කල්හි (මෙසේ කිව හැකි වේ) නිශ්පිරිස සමග මා වෙතට පැමිණෙන්නැයි ද, දොරටුවෙහි සිටි මා වෙත අවුත් තමා පැමිණි බව දන්වන්න යයි ද යන අදහසයි. එකො පඤ්හො ප්රශ්න කිරීමේ එක් පිළිවෙළක් ද, ප්රශ්න සොයා යාමේ එක් පිළිවෙලක් ද යන අර්ථ ඇත්තේ වේ. එකො උද්දෙසො = මේ එකක් කවර නම් එකක් උදෙසා පවතීද? එකං බ්යාකාරණං = සියලු සත්ත්වයෝ ආහාර නිසා ජීවත් වෙති යන මේ එකම ප්රකාශනයයි. සියලු තන්හිම මෙසේ අර්ථ දත යුත්තේය.
9. අචෙල සූත්ර වර්ණනාව
නව වැන්නෙහි - කීවචිරං පබ්බජිතො = පැවිද්දට කොපමණ කල් වේද යන අරුතයි. උත්තරී මනුස්ස ධම්මො = මනුස්සධම්ම නම් දශකුශල ධර්ම මාර්ගයන්ය. ඒ මනුෂ්ය ධර්මයන් හට ද වඩා උසස් වන අල්මරියඤාණ දස්සන විසෙසො = ආර්ය භාවය සිද්ධ කිරීමට සමත් බැවින් “අලමරිය” යයි කියන ලද ඥාන දර්ශන විශේෂය. නග්ගෙය්ය = නිර්වස්ත්ර භාවයෙන් මුණ්ඩෙය්ය = (හිස) මුඩු කළ ස්වභාවයෙන් වාළි නිපෙපාථනාය = වැලි ගසා දැමීමෙන් බිම හිඳගත් අයකුගේ ආසන ස්ථානයෙහි ඇලී ඇති පස් දූවිලි වැලි ආදිය ගසා දැමීම සඳහා ගන්නා ලද මොණර පිලක පමණින් යන අරුතයි.