9. අචෙල සූත්ර වර්ණනාව
නව වැන්නෙහි - කීවචිරං පබ්බජිතො = පැවිද්දට කොපමණ කල් වේද යන අරුතයි. උත්තරී මනුස්ස ධම්මො = මනුස්සධම්ම නම් දශකුශල ධර්ම මාර්ගයන්ය. ඒ මනුෂ්ය ධර්මයන් හට ද වඩා උසස් වන අල්මරියඤාණ දස්සන විසෙසො = ආර්ය භාවය සිද්ධ කිරීමට සමත් බැවින් “අලමරිය” යයි කියන ලද ඥාන දර්ශන විශේෂය. නග්ගෙය්ය = නිර්වස්ත්ර භාවයෙන් මුණ්ඩෙය්ය = (හිස) මුඩු කළ ස්වභාවයෙන් වාළි නිපෙපාථනාය = වැලි ගසා දැමීමෙන් බිම හිඳගත් අයකුගේ ආසන ස්ථානයෙහි ඇලී ඇති පස් දූවිලි වැලි ආදිය ගසා දැමීම සඳහා ගන්නා ලද මොණර පිලක පමණින් යන අරුතයි.
10. ගිලාන සූත්ර වර්ණනාව
දස වැන්නෙහි - ආරාම දෙවතා = මල් උයන් පළතුරු උයන් ආදියෙහි අධි ගෘහිත දෙවිවරු වන දෙවතා = වන ලැහැබ්හි අධිගෘහිත දෙවිවරු රුක්ඛ දෙවතා = නාමික රාජ කාලයෙහි වෛශ්රවණ දෙවියන්. මෙසේ ඒ වෘක්ෂයන්හි අධිගෘහිත දෙවිවරු ඔසධීතිණවනප්පතීසු = අරළු නෙල්ලි ආදියෙහිද තණ බට සැවන්දරා ආදියෙහිද වනයේ විශාලවෘක්ෂයන්හිද අධිගෘහිත වූ දෙවිවරු සංගම්ම = එක් රැස් වී සමාගම්ම = ඒ ඒ තැන්වලින් පැමිණ, පණිධෙහි = ප්රාර්ථනා වශයෙන් තබන්නෙහිය. ඉජ්ඣිස්සති සීලවතො චෙතො පණිධි = සිල්වත්හුගේ සිත්හි ඇති දේ ඉටුවන්නේය. ධම්මිකො = දස කුසල දහමින් යුක්ත වූ, අගතියට යාමක් නැත්තාවූ ධම්මරාජා = උන්වහන්සේ සඳහාම සම අරුත් ඇති වචනයකි. ධර්මයෙන් ලැබුණ රාජ්යත්වය ඇති බැවින් හෝ “ධම්මරාජා” නම් වේ. තස්මා = ආර්ය පුත්රයෙනි, යම් හෙයකින් අපට (සුදුසු) අවවාද ආදියෙන් අවවාද කරන්නහු ද, එහෙයින් අප්පටි විභත්තං = මෙය භික්ෂූන් හට දෙන්නෙමුය, මෙය තුමූ ම පරිභෝග කරන්නෙමුය යනුවෙන් මෙසේ නොබෙදන ලද දෙය භික්ෂූන් හා සමග (පරිභෝග කළයුතු) පොදු වූ දෙයක්ම වන්නේය යනුයි.
චිත්ත සංයුත්තය සමාප්තයි.
8. ගාමණී සංයුක්තය
1. ගාමණි වර්ගය
1. චණ්ඩගාමණී සූත්ර වර්ණනාව
ගාමිණී සංයුත්තයේ පළමු වැන්නෙහි චණ්ඩො ගාමණී = ධර්ම සංග්රහ කාරක තෙරවරුන් වෙතින් “චණ්ඩ” යන නාමය ලබා ගත් “ගාමණී” නම් වූ එක් තැනැත්තෙක්. පාතු කරොති = කලහ කරන්නහුට එරෙහිව කලහ කරන්නේ, බණින්නහුට එරෙහිව බැණවදින්නේ, පහර දෙන්නහුට එරෙහිව ප්රතිප්රහාර දෙන්නේ ප්රකට කෙරේයයි දක්වයි. න පාතු කරොති = බැණ වැදීම් ලැබුයේ වුව ද කිසියම් සතුරු කමක් නො කරනුයේ යයි දක්වයි.
2. තාලපුට සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි - තාල පුත්තො = එම නම ඇති අයෙකි. නටුවෙන් ගිලිහුණ ඉදුණ තල්ගෙඩියක් වැනි ඔහු ගේ වර්ණය ඉතා ප්රසන්න විය. එබැවින් ඔහුට තාල පුත්ත යයි නම් කළහ. එම තැනැත්තා සම්පූර්ණ කළ ප්රාර්ථනාවන් ඇත්තාවූ පශ්චිම භවයෙහි උපන්නා වූ පුද්ගලයෙකි. යම් හෙයකින් වනාහී අහසට දැමු බෝලයක් මෙන් ප්රතිසන්ධිය යනු අනියත දෙයක් වේද, එබැවින් මේ තෙමේ නැටුම් කුලයෙක උපන්නේ, වැඩි වියට පත් වූයේ නැටුම් ශිල්පයෙහි අග්ර වී මුළු දඹදිව්හිම ප්රසිද්ධ වූයේය. ඔහුට ගැල් පන්සියයක් ද, ස්ත්රීහු පන්සියයක් ද පිරිවරවූහ. ඔහුගේ බිරිඳට ද එපමණම පිරිවර වූහ. ස්ත්රීන් දහසක් ද, ගැල්දහසක් ද සමගින් යම් නගරයකට හෝ නියම් ගමකට පිවිසෙන්නේ ද එහිදී ඔහුට පෙරාතුවම ලක්ෂයක් දෙති. සැණකෙළි වෙස් ගෙන ස්ත්රීන් දහසක් සමග ක්රීඩා කරන ඔහුට එහි කෙළවරක් නැත. ඔහු එදින ස්ත්රීන් දහසක් පිරිවරා ගෙන රජගහ නුවර ක්රීඩා කොට මේරු නුවණක් ඇති බැවින් පිරිවර සහිතවම භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය.