4. මහක සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - සෙසකං විස්සජ්ජෙථ = තෙරණිවරුන් සමගම එකතු වී ලෝහ තැටිය පිරිසිදු කොට කිරිබත් බෙදා ඔහුට දුන් හ. ඔහු කිරිබත් බෙදා ඔහුට දුන් හ. ඔහු කිරිබත් අනුභව කොට තෙරවරුන් සමග යනු කැමැත්තේ මෙසේ සිතීය. නිවසෙහි දී වනාහී උවැසිය ඉතිරි (ප්‍රමාණ) ය ගැන විමසයි. මෙහි වනාහී මා විසින් යමක් කියන ලද්දේ නම්, මේ දාස මෙහෙකරුවෝ (ඒ ගැන) නො විමසන්නෝ ය. මෙසේම මේ ප්‍රණීත කිරිබත විනාස වන්නේ යයි ඔවුන්හට දීමට කැමති වන්නේ මෙසේ කීය. කුට්ඨි තං = ඉතා රත් වූ, යටින් රත්වූ වැල්ලේද, උඩින් අව්වෙන් ද ඉතා තියුණු ලෙස රත්වූ යන අරුතයි. මේ වනාහී ත්‍රිපිටක බුද්ධවචනයෙහි නො වෙනස්ව එන පදයකි. පවෙලිය මානෙන = සැඟ වී, ඉවත් ව පවතින සාධුඛ්වස්ස භන්තෙ = ඔවුන් හට පහසු වාසස්ථානයක් කරන්නෙමියි සිතා මෙසේ කීය.
ඉද්ධාභි සංඛාරං අභි සංඛරි = මෙහි මන්දගාමී ලෙස ශීත වාතය හමා යේවා, වළාකුළු රැස් වී එකිනෙකෙහි ගැටේවා ය අධිෂ්ඨාන ඍද්ධියක් කළේය. නොයෙක් අයුරින් වාතය හමමින් වැසි වසීවා යි යනුවෙන් ද අධිෂ්ඨානයක් කළේය. හුදෙක් වාතය සහිතව වැසි වසීවා යි යනු ද තවත් අධිෂ්ඨානයකි. විවිධ අයුරින් මඳ මඳව ශීත වාතය මගින් වළා කුළු එක් රැස් කොට වැස්ස වසීවා යයි ද, වළාකුළු එකිනෙක ගැටේවා යිද එක් අධිෂ්ඨානයකි. මෙසේ විවිධ වූ අධිෂ්ඨානයන් විය. කියන ලද පිළිවෙලින්ම නානා විධ ක්‍රියාවන් සඳහා එක් අධිෂ්ඨානයක් ද වශයෙන් වූයේ මය. තමා විසින් පාදක කොට ගත් ධ්‍යානයෙන් නැගී මූලික කටයුතු ඇති ව කරන ලද ක්‍රියාවන්හි යෙදීමෙන් විවිධ අයුරින් ක්‍රියාකරන්නහුගේ මහග්ගතවූ (හෙවත් උසස් තත්ත්වයේ වූ) අධිෂ්ඨානයන් ඉෂ්ට වේමය. ඔතාසෙධී = විසුරුවා හළේය.
5. කාමභූ සූත්‍ර වර්ණනාව
පස් වැන්නෙහි - නෙලඞ්ගො = නිර්දෝෂී, සෙත පච්ඡාදො සුදු පැහැති වැස්ම. අනීඝං = දුක්නැති මුහුත්තං තුණ්හී හුත්‍වා = එහි අර්ථය සොයා බැලීම සඳහා ත්‍රිපිටකය කණෙහි කුණ්ඩලාභරණයක් මෙන් චලනය කරමින් (හෙවත් ත්‍රිපිටකය අසා ඉගෙන ගනිමින්) මෙය මෙහි අර්ථය දැයි විමසා බැලීම පිණිස මොහොතක් නිහඬ වී. විමුත්තියා = අර්හත් ඵල විමුක්තියෙන් මේ ප්‍රශ්නය කියන්නාවූ උපාසක තෙමේ දුෂ්කර වූ කාර්යයක් කළේය. සම්මා සම්බුදු රජාණෝ “මහණෙනි. මෙහි පැමිණෙන්නාවූ, සුදු පැහැති, සිහින් සිරුරක් හා උස් නැහැයක් ඇති මේ භික්ෂුව යුෂ්මතුන් හට පෙනේ දැ”යි තමාට පෙනෙන අයුරින් විචාළහ. මේ වනාහී පවත්නා පිළිවෙළ සැලකිල්ලට ගෙන කියන ලද්දකි. (මෙහි “විමුත්ති” යන) මෙය අර්හත්භාවයට තවත් වචනය කැයි කීහ.
6. දුතිය කාමභූ සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි - කතිනුඛො භන්තෙ සඞ්ඛාරා = මේ ගෘහපති තෙමේ වනාහී නිරෝධය වින්දනය කරයි (වැළඳගෙන සිටියි) ඒ නිසා නිරෝධය පාදක කරගත් සංස්කාරයන් විමසන්නෙමි”යි සිතා මෙසේ කීය. තෙරුන් වහන්සේ ද ඔහුගේ අදහස දැන, පුණ්‍යකර්ම රැස් කිරීම් ආදී වූ නොයෙක් සංස්කාරයන් පවත්නා කල්හිදු කාය සංස්කාරාදිය ම කියන්නෝ තයො ඛො ගහපති යන ආදිය කීහ. එහිදී කය හා බැඳී ඇති බැවින්, කය විසින් සකස් කරනු ලැබේ යයි ද, නිපදවනු ලැබේයයි ද යන අදහසින් “කාය සංඛාර” නම් වේ. වචනය හා බැඳී ඇති බැවින්, වචනය විසින් සකස් කරනු ලැබේ යයි ද, නිපදවනු ලැබේයයි ද යන අදහසින් “වචී සඞ්ඛාර” නම් වේ.
කස්මා පන භන්තෙ = මෙහිදී කුමක් (පිළිබඳව ප්‍රශ්න කරන්නේදු මේ සංස්කාරයෝ ඔවුනොවුනට ඊර්ෂ්‍යාවෙන් ඇලවනාහුය, සැඟවී පවත්නාහුය, දර්ශනය නොවන්නාහුය. එසේම කාය ද්වාරයෙහි අල්වා ගැනීම්, ග්‍රහණය කර ගැනීම්, මුදා හැරීම්, සෙලවීම් ආදී තත්ත්වයනට පමුණුවා උපන් කාමාවචර කුසල චේතනාවන් අට ද, අකුසල චේතනාවන් දොළසද යනුවෙන් මෙසේ කුසලා කුසල චේතනා විස්ස ද, ආශ්වාසයන් ද “කාය සමාචාර” යයි කියනු ලැබේ. කාය වාක් ද්වාරයන්හි චලනයකට නො පැමිණ රහසිගතව හිඳ සිතන්නහුට උපන් එකුන් තිසක් වූ කුසලා කුසල චේතනාවන් ද. සංඥා හා වේදනා යන මේ ධර්මයන් දෙක ද “චිත්ත සඞ්ඛාර” යයි කියනු ලැබේ. මෙසේ මේ සංස්කාරයන් ඔවුනොවුනට ඊර්ෂ්‍යාවෙන් ඇලළුණේ, සැඟවී පැවතුණේ, දර්ශනය නොවූයේ වෙයි. ඒවා ප්‍රකට කිරීම් හෝ හෙලි කිරීම් නො කොට කතා කරන්නෙමියි (සිතා) ප්‍රශ්න කළේය.