9. පඨම ඡඵස්සායතන සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි ඵස්සායතනානං යනු ස්පර්ශ කාරක ස්ථානයන්ගේ යනු අදහසයි. අවුසිතං වාසය නොකළ ආරක දුරින් එත්‍ථාහං භන්තෙ අනස්සාසිං “ස්වාමීනි, මම මේ සස්නෙහි සැනසීමක් නො ලැබුවෙමි, මම විනාස වූයේ වෙමි”යි කියයි. භාග්‍යවතුන් වහන්සේ “මේ භික්ෂුව මේ සස්නෙහි” මම විනාස වූයේ වෙමි යි කියයි, කිම්ද? මොහුට (පඨවි ආදී) ධාතු කර්මස්ථාන කසිණ ආදියෙහි නො ගැළපීමක් ඇත්තේදැයි” සිතා එබන්දක් ද නො දක්නා හු, කවර නම් කමටහනක් මොහුට සුදුසු වන්නේදැයි සිතූහ. ඉක්බිති (චක්ෂුරාදී අධ්‍යාත්මික ආයතන සය ද රූපා දී බාහිර ආයතන සයද වශයෙන් දොළොස් ආකාර වූ) ආයතන කර්මස්ථානයම සුදුසු යයි දැක ඒ බව කියන්නෝ තං කිං මඤ්ඤසි භික්‍ඛු (මහණ ඔබ කුමක් කියන්නෙහිද) යන ආදිය වදාළහ. සාධු යනු එම පැහැදිලි කිරීමට සතුට ප්‍රකාශ කිරීමයි. ඒසේවන්තෝ දුක්ඛස්ස යනු මෙයම පවත්නා දුකෙහි කෙළවරය. සිඳී යාමය. නිවනය යන අදහසයි.
10. දුතිය ඡඵස්සායතන සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - අනස්සාසිං යනු “සැනසුමක් නොලැබු වෙමි. විනාසවූයේ වෙමි” යන අදහසයි. ආයතිං අපුන බ්භවාය මෙහි මතු පුනර්භවයක් නැත, නිවන ලැබේ යන අදහසයි. නො ඉපදීම සඳහා (කෙළෙස්) ප්‍රහීන වන්නේය යන අදහසයි.
11. තතිය ඡඵස්සායතන සූත්‍ර වර්ණනාව
එකොළොස් වැන්නෙහි පනස්සස්සං යනු විනාශ වූයේ, අතිශයින්ම විනාශ වූයේ යන අදහසයි. සෙස්ස (පෙර) කියන ලද පරිද්දෙන්ම දත යුත්තේය.
දෙවන මිගජාල වග්ගය නිමියේය.
8. ගිලාන වර්ගය
1-5. ගිලාන ආදි සූත්‍ර වර්ණනා
ගිලාන වර්ගයේ පළමුවැන්නෙහි - අමුකස්මිං යනු අසවල් තැන. අසවලා කෙරෙහි යන අදහස් ඇත්තේ වේ. අසුකස්මිං යන්න ද නියමිත පදය ලෙස යෙදේ. අප්පඤ්ඤා තො යනු අන් අය විසින් නොදන්නා ලද්දා වූ, අප්‍රකට වූ අයෙක් යන අදහසයි. නවක වූයේ නමුදු ඇතැමෙක් රාහුල තෙරුන් මෙන් ද සුමන සාමණේරයන් මෙන් ද (අනුන් විසින්) දන්නා ලද්දෙක් වෙයි. මේ තෙමේ වනාහී නවකයෙක් ද අනුන් විසින් නොදන්නා ලද්දෙක් ද (හෙවත් අප්‍රකට වූවෙක් ද) වෙයි. සෙස්ස මෙහි කියන ලද ක්‍රමය අනුවම වේ. මින් පසු එන (සූත්‍ර) සතරෙහිද (පිළිවෙළ) එසේමය.
6. අවිජ්ජා සූත්‍ර වර්ණනාව
සයවැන්නෙහි - අනිච්චතො ජානතො = දුකය. අනාත්මය යන වශයෙන් දන්නා තැනැත්තා හට ද සංසිඳීමක් වේමය. මේ වනාහී අනිත්‍ය ලක්ෂණය පෙන්වා කියනු ලැබූ කල්හි අවබෝධ කරගන්නා තැනැත්තාගේ අදහසින් කියන ලදී.
7. දුතිය අවිජ්ජා සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි - සබ්බෙධම්මා යනු (කාමාවචර, රූපාවචර, අරූපාවචර යන) සියලු ත්‍රෛභූමික ධර්මයෝය. නාලං අභිනිවෙසාය යනු තදින් ග්‍රහණය කර ගැනීම සුදුසු නොවේ යන්නයි. සබ්බ නිමිත්තානි යනු (නිමිති වශයෙන් ගත හැකි සියළු සංස්කාරයන් හෙවත්) සියළු සංස්කාර නිමිති යන අදහසයි. අඤ්ඤතො පස්සති යනු දැනුම අඩු ආසාවන් සහිත පුද්ගලයා යම් අයුරකින් (නිමිති) දකී ද, (පිරිපුන් දැනුම ඇති. ආසාවන් රහිත) පුද්ගලයා එයට වෙනස් අයුරකින් නිමිති දකියි යන අදහසයි. දැනුම අඩු, ආසාවන් සහිත පුද්ගලයා සියළු නිමිති ආත්මය වශයෙන් දකියි. පිරිපුන් දැනුම ඇති, ආසාවන් රහිත පුද්ගලයා වනාහී (නිමිති) අනාත්ම වශයෙන් දකියි. ආත්ම වශයෙන් නොදකියි. මෙසේ මේ සූත්‍රයෙහි අනාත්ම ලක්ෂණයම කියන ලදී.
8. සම්බහුලභික්ඛු සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි - ඉධ නො මෙහි “නො” අක්ෂරය නිපාතයක් පමණක් වේ. සෙස්ස පැහැදිලිය. මෙහි දී හුදෙක් දුඃඛ ලක්ෂණයට කියන ලද්දේයයි දත යුතුයි.
9. ලෝක සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - ලුජ්ජති යනු වැනසෙයි. බිඳෙයි යන අදහසයි. මෙහි දී අනිත්‍ය ලක්ෂණය කියන ලදී.
10. ඵග්ගුන සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - ඡින්නප්පඤ්ච යනු තෘෂ්ණාව නම් ක්ලේශය සිඳුන බැවින් ඡිනන පපඤ්ච යයි කියන ලදී. යන අදහසයි. (ඡින්න - සිඳුන පපඤ්ච = සසරෙහි පමා කරවන කෙලෙස්) ඡින්න වටුමෙ = තෘෂ්ණාව නම් වූ මාර්ගයාගේම සිඳී බිදී යාම සිදු වු බැවින් ඡින්නවටුමෙ යි කියන ලදී. කිං පුච්ඡාමීති පුඛ්ඡති ඉකුත් බුදුවරුන් විසින් පරිහරණය කරන ලද ඇස් කන් ආදිය විමසමියි ප්‍රශ්න කරයි. නැතහොත් ඉදින් මාර්ගය වැඩූ කල්හි ද අනාගතයෙහි ඇස්, කන් ආදීන්ගේ පැවැත්ම වර්ධනය වන්නේ නම් එය විමසමියි ප්‍රශ්න කරයි.