2. දුතිය මිගජාල සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි - නන්දිනිරොධා දුක්ඛ නිරොධො යනු තෘෂ්ණාවගේ නිරුද්ධ වීම (නැතිවීම) හේතුකොට ගෙන දුඃඛචක්රයේ (හෙවත් පවත්නා දුකෙහි) නිරෝධය සිදු වේ යන අදහසයි.
3-5. සමිද්ධි මාරපඤ්හ ආදි සූත්‍ර වර්ණනා
තෙවැන්නෙහි - සමිද්ධි ශරීරයේ සොඳුරු බව නිසා මෙම නාමය ලැබී ඇත. ඒ තෙරුන්ගේ වනාහී සිරුර ඉතා රූමත් විය. ප්‍රසාද ජනක විය. ඔසවන ලද මල් කළඹක් මෙන් විය, සරසන ලද මල් ගැබක් මෙන් විය. හැම අයුරින්ම පරිපූර්ණ වූයේ ද සමෘද්ධිමත් ද විය. එබැවින් “සමිද්ධි” යනුවෙන්ම නම භාවිතයට පත් විය. මාරො යනු මරණයයි. මාර පඤ්ඤත්ති යනු මාර යනුවෙන් නාමය ව්‍යවහාරයට පත් විය යන්නයි. අත්ථි මාරොච මාර පඤ්ඤත්තිච යනු එහි මරණය හෝ මරණං යන මේ නාමය හෝ ඇතැයි දැක්වේ යන අදහසයි. සිවු වැන්න පහසුය. පස්වැන්න ද එසේමය.
6. සමිද්ධි ලොකපඤ්හ සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි - ලොකො = විනාස වන්නේය යන අරුතින් “ලෝකය” නම් වේ. මෙසේ මිගජාල තෙරුන්ගේ ආයාචන සූත්‍රයේ පටන් එන සූත්‍ර පහේම සසරෙහි පැවැත්ම හා නැවැත්ම කියන ලදී.
7. උපසෙන සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි - සීතවන එසේ නම ඇති සොහොන් වනාන්තරයකි. සප්ප සොණ්ඩික පබ්භාර නයකුගේ පෙණයට සමාන බැවින් මෙසේ නම ලැබී ඇති පර්වත ගුහාවෙහි උපසෙනස්ස: දම්සෙනෙවි (සැරියුත්) මහ තෙරුන්ගේ කණිටු සොයුරු උපසේන තෙරුන්ගේ ආසී විසෙන පතිතො හොති: තෙරුන් වහන්සේ වනාහී කරන ලද බත් කිස ඇත්තේ (හෙවත් දන් වැළදුයේ) ප්‍රධාන සිවුර ගෙන ලෙණේ සෙවණෙහි. මඳ මඳ වශයෙන් ජනේලයෙන් එන වාතයෙන් පවන් වැදීම ලබමින් හිඳ දෙපට සිවුරෙහි මැස්මක් කරති. එවේලෙහි ලෙණේ පියස්සේ සර්ප පෝතකයෝ දෙදෙනෙක් ක්‍රීඩා කරමින් සිටියහ. ඔවුන්ගෙන් එකෙක් වැටී තෙරුන් ගේ උරහිසෙහි රැඳුනේය. ඒ සර්පයා ද ස්පර්ශයෙන් විෂ ඇතුල් කරන්නෙකි. එබැවින් (සර්පයා) වැටුණ තැනෙහි සිට තෙරුන්ගේ සිරුරෙහි පහන් සිළුවක් පහන් තිරය මැඩ පවත්වා ගෙන සිටින්නා සේ සිරුරට විස ඇතුල් විය. තෙරුන් වහන්සේ විස ගමන් කරන ආකාරය දැක කෙසේ හෝ සර්පයාගේ වැටීමේ සිට විස පැතිරීමේ අවසානය දක්වා තමාගේ සෘද්ධි බලයෙන් රැකෙමින් මේ ශරීරය ලෙන තුළ විනාස නො වේවායි අදිටන් කොට භික්ෂූන් හට ආමන්ත්‍රණය කළහ. පුරායං කායො ඉධෙව විකිරති = යම් තාක් (සිරුර) නො විසිරේ ද ඊට පෙර එය බැහැරට ගෙන යන්න යන අදහසයි. අඤ්ඤථත්තං = වෙනත් ස්වභාවයක් ඉන්ද්රියානං විපරිණාමං - ඇස් කන් ආදී ඉඳුරන්ගේ මුල් ස්වභාවය ඉවත් වීමයි. තත්ථෙව විකිරී = බැහැරට ගෙන ගොස් තබන ලද ස්ථානයෙහි සයනයෙහි ම විසිරී ගියේය.
8. උපවාණ සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි - රූප පටිසංවෙදී = නීල පීත ආදී වශයෙන් වෙනස් වූ (රූප) අරමුණු වෙන් කරමින් රූපය විඳ ගැනීමක් කරයි ද ඒ හේතුවෙන් “රූප පටි සංවේදී” නම් වේ. රූප රාග පටිසංවේදී ක්ලේශයන් පැවතීමේ හේතුව නිසාම රූපයෙහි ඇලීම වින්දනය කරයිද, ඒ හේතුවෙන් “රූපරාග පටිසංවේදී” ක්ලේශයන් පැවතීමේ හේතුව නිසාම රූපයෙහි ඇලීම වින්දනය කරයිද, ඒ හේතුවෙන් “රූපරාග පටි සංවේදී” යයි කියනු ලැබේ. සන්දිට්ඨිකො = සන්දිට්ඨිකො යන ආදිය විසුද්ධි මග්ගයෙහි කියා විස්තර කළ ආකාරයෙන්ම වන්නේය. නොච රූප රාග පටිසංවේදී = කෙළෙස් නැති බැවින්ම. රූපයෙහි ඇලීම වින්දනය කර ගැනීම යන මේ කරුණ සිදු නොවන්නේ වේ. ඒ නිසාම (නො ච රූප රාග පටිසංවේදී හෙවත්) රූපයෙහි ඇලීම වින්දනය කිරීම නොවන්නේමය යනුවෙන් කීව යුතු වේ. මේ සූත්‍රයෙහි නො රහතුන් හා රහතුන් (රූපාදී අරමුණු) නුවණින් සලකා බලන අයුරු කියන ලදී.
9. පඨම ඡඵස්සායතන සූත්‍ර වර්ණනාව