3. ලොකන්තගමන සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි - ලොකස්ස සක්වළ වූ ලෝකයෙහි ලොකස්ස අන්තං = සංස්කාර ලෝකයේ කෙළවර විහාරං පාවිසි = මා විහාරයට පිවිසි කල්හි මේ භික්ෂූහු මෙය දැන ගැනීම සඳහා අනඳ තෙරුන් විචාරන්නෝය. හෙතෙම ඔවුන්හට මගේ සර්වඥතා ඥානය සමග සසඳා කියා දෙන්නේය. ඉක්බිති (මම) ඔහුට ප්‍රශංසා කරමි. මගේ පැසසීම අසා භික්ෂූහු අනඳ තෙරුන් වෙත එළඹිය යුතු වෙති. ඔහුගේ වචන ද ඇසිය යුතු වේ. ඇදහිය යුතු යයි සිතා ගනිත්. එය ඔවුන්හට දිගුකල් හිත සුව පිණිස වන්නේයයි සිතා සැකෙවින් දෙසන ලද කරුණෙහි අරුත් සවිස්තරව බෙදා නො දක්වා බුදුන් වහන්සේ හුන් අස්නෙහි අතුරුදහන් වූ සේක් ගඳ කිළියෙහි පහළ වූ සේක. ඒ කරුණෙන් හුනස්නෙන් නැගී විහාරයට පිවිසි සේකැයි (හෙවත් වුට්ඨායාසන විහාරය පාවිසි) කියන ලදී.
සත්‍ථු චෙව සංවණ්ණි තො = ශාස්තෲන් වහන්සේ විසින් ද පසසන ලදී. විඤ්ඤුනං = මෙය ද කරණ අර්ථයෙහි සමබන්‍ධ විභක්ති ගත් වචනයකි. පඬිවරුන් විසිනු දු, සබ්‍රම්සරුන් විසිනු දු බුහුමන් කරනු ලැබීය යන අදහස වේ. පහොති = හැකි වෙයි. අතික්ක ම්මෙව මුලං අතික්කම්ම ඛන්‍ධං = හරය නම් මුලෙහි හෝ කඳෙහි (පවතිනු) වන්නේය. එය ද ඉක්මවා (ඇත) යන අරුතයි. එවං සම්පද මිදං = සම්පත් රැස්වීම මෙසේ මේ ආකාරයෙන් වේය යන අදහසයි. අතිසිත්‍වා = ඉක්මවා ජානංජානාති = දතයුතු දෙයම දනියි. පාස්සං පස්සති = දැකිය යුතු දෙයම දකියි. යම් සේ ඇතැමෙක් විපරීත කොට (අවබෝධ කර) ගන්නාහු දන්නාදෙය ද නොදන්නා සේ වෙති. දකින්නෝ වුව ද නො දක්නා සේ වෙති. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවෙති. භගවත්හු වනාහි දන්නා සේක් දනිත්මය, දක්නා සේක් දකිත්මය. උන් වහන්සේ දර්ශනය කිරීමෙහි පූර්ණ නායකත්වයක් දරන්නාහ යන අරුතින් චක්‍ඛුභූත නම් වෙති. දන්නා දෙය කරන්නා හ යන අරුතින් ඤාණභූත නම් වෙති. වෙනස් නොවන ස්වභාව ඇත යන අරුතින් ද පර්යාප්ති ධර්මය පවත්වා ගැනීමෙන් ද. හදවතින් සිතා වචනයෙන් ප්‍රකාශ කරන ධර්මයෙන්ම යුක්තය. (හෙවත් ඒ ධර්මයෙන්ම සකස් වී ඇත) යන අදහසින් ද ධම්මභූත නම් වෙති. ශ්‍රේෂ්ඨය යන අරුතින් බ්‍රහ්මභූත නම් වෙති. ඒ හැර, “චක්‍ඛු විය භූතො (හෙවත් ඇසක් මෙන්වන භූත තත්ත්වය) යන අරුතින් “චක්ඛු භූත” යනු සැදේ. මෙසේ මේ පදයන්හි අර්ථ දත යුත්තේය. ඒ මේ ධර්මය පවත්වන බැවින් වත්තා නම් වෙති. පවත්වා ගෙන යන බැවින් පවත්තා නම් වෙති. අර්ථය නොහැර දැක්වීමෙහි සමත් බව නිසා අත්‍ථස්සන්තො නම් වෙති. නිවන් අවබෝධ කර ගැනීමේ පිළිවෙත දේසනා කරතියි (යන අදහසින්) අමතස්ස දාතා නම් වෙති.
අගරුං කරීත්‍වා - නැවත නැවත ආයාචනා කරවන්නේ නමුදු ගෞරව කොටම එසේ කරයි. ලෞකිකවූ පටිසම්භිදා (හෙවත් සෙකධ පටිසම්භිදා) ඤාණයෙහි පිහිටා සිට සිනේරු පර්වතය (මහවෙර) පතුලෙන් වැලි හාරා ගන්නාක් මෙන් අවබෝධයෙහි අපහසු බව දක්වා කියන්නේ නමුදු ගෞරව දක්වන්නේමය. මෙසේ නොකොට අප ලවා නැවත නැවත ආයාචනා කරවා අප මනාව දැනුවත් කොට කියනු මැනවයි කියන ලද්දේමය.
යං ඛො වො = ඔබලාගේ යමක් වනාහී චක්‍ඛුනා ඛො ආවුසො ලොකස්මිං ලොකසඤ්ඤී හොති ලොක මානී = ඇස (ට) වනාහී ලෝකයේ ප්‍රහීන නොවු දෘෂ්ටිය (ඇත්තේ) ය. පුහුදුන් පුද්ගලයා සත්ව ලෝක වශයෙන් ලෝකය දන්නේ ද සිතා ගන්නේ ද වෙයි. එසේ චක්‍රවාට ලෝකය වශයෙන් ඇස් ආදී ආයතන දොළසෙන් බාහිරව ඔහුට ලෝකය යන සංඥාව හෝ අදහස නො උපදී. එහෙයින් “චක්‍ඛුනා ඛො ආවුසො ලොකස්මිං ලොක සඤ්ඤී හොති, ලොක මානී” හෙවත් ඇවැත්නි, ඇසින්ම ලෝකයෙහි ලෝකය යන හැඳින්වීමද. දැනීම ද වන්නේය) යයි කියන ලදී. මේ ලෝකයේ ගමනින් කෙළවරක් දැන ගැනීමට හෝ කෙළවරකට පැමිණීමට හෝ නො හැක්කේය. වැනසේය. යන අදහසින් ඇස් ආදී භේදයන් ඇති ඒ ලෝකයේම නිවන නම් අන්තයට නො පැමිණ සංසාර දුඃඛයේ අවසන් කිරීමක් නම් නැතැයි දත යුත්තේය.
මෙසේ පැන විසඳා දැන් ශ්‍රාවකයා විසින් ප්‍රශ්නය කියන ලද්දේයයි සැක නැත්තේ නො වෙත්වා. මේ භාග්‍යවතුන් වහන්සේ සර්වඥතා ඥානය ලබා සිටින සේක. “උන්වහන්සේ වෙතට එළඹ සැක හැර ගනිත්වා” යි උනන්දු කරවන්නා හු “ආකඞ්ඛ මානා” යන ආදිය කීවා.
ඉමෙහි ආකාරෙහි - මේ කරුණු හේතු කොට ගෙන, චක්‍රවාට ලෝකයේ කෙළවරක් නැති වීමේ හේතුවෙන් ද, සංස්කාර ලෝකයේ කෙළවරකට පැමිණිය හැකි වීමේ හේතුවෙන් ද (වශයෙනි) ඉමෙහි පදෙහි = මෙම අක්ෂර සම්පිණ්ඩනය වීම් වලින් (හෙවත් වචන වලින්) ව්‍යඤ්ජනෙහි ඒ අකුරුවලින්
පණ්ඩිතො = පාණ්ඩිත්‍යයෙන් යුක්ත වූයේ. කරුණු සතරකින් යුත් පාණ්ඩිත්‍යයකි. එනම් ඇස් ආදී ධාතු විභාගයෙහි දක්ෂ වූ, චක්‍ඛු සොතාදී ආධ්‍යාත්මික ආයතනයන් සහ රූප, ශබ්දාදී බාහිර ආයතනයන් විභාගයෙහි දක්ෂ වූ, පටිච්ච සමුප්පාද විභාගයෙහි දක්ෂ වූ, කාරණා. ආකාරණයන් විභාගයෙහි දක්ෂ වූ. මහා පඤ්ඤො = උත්තම වූ අර්ථ, ධර්ම, නිරුක්ති, හා ප්‍රතිභාණ (යන සිවු පිළිසිඹියාවන් ග්‍රහණය කර ගැනීමෙහි සමත් මහා ප්‍රඥාවෙන් යුක්ත වූ යථා තං ආනන්‍දෙන = යම් ලෙසකින් ආනන්ද (තෙරුන්) විසින් ප්‍රකාශ කළ සළායතන යයි කියන ලද්දේද, යම් සේ ආනන්ද (තෙරුන්) විසින් එය ප්‍රකාශ කරන ලද්දේ ද, මම ද එය ඒ අයුරින්ම ප්‍රකාශ කරන්නෙමි යන අදහසයි.
4. කාමගුණ සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - යෙ මෙ = යමෙක් මාගේ චෙතසො - සම්ඵුට්ඨ පුබ්බා = සිතෙන් විඳින ලද්දා වූ තත්‍ථමෙ චිත්තං බහුලං ගච්ඡමානං ගච්ඡෙය්‍ය - එම ප්‍රාසාදයන් තුනෙහි තුන් ආකාර නාටක ආදී වශයෙන් විවිධ සම්පත් විඳින ලද්දේ, පහළ වන්නාවූ පස්කම් සුවයෙහි බහුතරයක් උපදනේ යයි දක්වයි. පච්චුප්පන්නෙව = මෙහිදී - පධන් වීර්යය වැඩූ (හෙවත් භාවනානුයෝගීව ගත කළ) වර්ෂ සය තුළ මනාව පිපුණ වන ගොමු තුළ උපන්, වේගවත් ගමන් ඇති මුව ආදීන්ගේ දැකීම ද, ඔවුන්ගේ හඬ ඇසීම ද කම් සුවයට නැමුණ මනරම් අරමුණු වී යයි දක්වන්නෝ මෙබඳු කල්හි ද බහුලව උපදිතියි දක්වයි. අප්පංවා අනාගතෙසු = අනාගතයෙහි මෛත්‍රෙය නම් බුදුවරයෙක් පහළ වන්නේය, සංඛ නම් රජ කෙනෙක් ද කේතුමතී නම් රාජධානියක් ද ආදී වශයෙන් මතු කාම ලෝකයෙහි පහළ වන්නාහ යි දක්වයි. තත්‍ර මෙ අත්ත රූපෙන = එහි දී තමාට හිත කැමති අයකු වූ මා විසින් අප්පමා දො = පස්කම් සුවය කෙරෙහි සිතේ ඇති නො නවතින ඇල්ම ඉවත් කල සති = අරමුණ අයත් කර ගැනීමේ සිහිය. ආරක්‍ඛො = මෙම අප්‍රමාදය ද සිහිය ද සිතින් ආරක්ෂා කළ යුතුයයි යනුවෙන් මගේ සිතෙහි (අදහසක්) පහළ විය යනුවෙන් දක්වයි. ආරක්ෂාව සඳහා මේ ධර්මයන් (හෙවත් කාර්යයන්) දෙකම කළ යුතුයයි කියන ලද්දේ වෙයි.