4. කාමගුණ සූත්ර වර්ණනාව
සිවු වැන්නෙහි - යෙ මෙ = යමෙක් මාගේ චෙතසො - සම්ඵුට්ඨ පුබ්බා = සිතෙන් විඳින ලද්දා වූ තත්ථමෙ චිත්තං බහුලං ගච්ඡමානං ගච්ඡෙය්ය - එම ප්රාසාදයන් තුනෙහි තුන් ආකාර නාටක ආදී වශයෙන් විවිධ සම්පත් විඳින ලද්දේ, පහළ වන්නාවූ පස්කම් සුවයෙහි බහුතරයක් උපදනේ යයි දක්වයි. පච්චුප්පන්නෙව = මෙහිදී - පධන් වීර්යය වැඩූ (හෙවත් භාවනානුයෝගීව ගත කළ) වර්ෂ සය තුළ මනාව පිපුණ වන ගොමු තුළ උපන්, වේගවත් ගමන් ඇති මුව ආදීන්ගේ දැකීම ද, ඔවුන්ගේ හඬ ඇසීම ද කම් සුවයට නැමුණ මනරම් අරමුණු වී යයි දක්වන්නෝ මෙබඳු කල්හි ද බහුලව උපදිතියි දක්වයි. අප්පංවා අනාගතෙසු = අනාගතයෙහි මෛත්රෙය නම් බුදුවරයෙක් පහළ වන්නේය, සංඛ නම් රජ කෙනෙක් ද කේතුමතී නම් රාජධානියක් ද ආදී වශයෙන් මතු කාම ලෝකයෙහි පහළ වන්නාහ යි දක්වයි. තත්ර මෙ අත්ත රූපෙන = එහි දී තමාට හිත කැමති අයකු වූ මා විසින් අප්පමා දො = පස්කම් සුවය කෙරෙහි සිතේ ඇති නො නවතින ඇල්ම ඉවත් කල සති = අරමුණ අයත් කර ගැනීමේ සිහිය. ආරක්ඛො = මෙම අප්රමාදය ද සිහිය ද සිතින් ආරක්ෂා කළ යුතුයයි යනුවෙන් මගේ සිතෙහි (අදහසක්) පහළ විය යනුවෙන් දක්වයි. ආරක්ෂාව සඳහා මේ ධර්මයන් (හෙවත් කාර්යයන්) දෙකම කළ යුතුයයි කියන ලද්දේ වෙයි.
තස්මාතිහ භික්ඛවෙ සෙ ආයතනෙ වෙදිතබ්බො = යම් හෙයකින් ආරක්ෂාව සඳහා අප්රමාදය ද, සිහිය ද පවත්වා ගැනීම කළ යුත්තේ ද, යම් හෙයකින් හඳුනා ගත්තාවු (ඇස්, කන් ආදී වු) එම ආයතනයක අප්රමාද භාවයෙන් හෝ සිහිය පවත්වා ගැනීමෙන් හෝ කළ යුත්තක් නැත්තේ ද, ඒ හේතුවෙන්. හඳුනාගත යුතුව ඇති එම ආයතනයෙහි (අප්රමාදය ද සිහිය ද යන) එම කරුණු දැන ගත යුත්තේය යන අර්ථයයි. සළායතන නිරොධං = සළායතන නිරොධයයි නිවනට කියනු ලැබේ. ඒ සඳහා කියන ලද්දේය යන අරුතයි. නිවනෙහි වනාහී ඇස් ආදිය නිරුද්ධ වේ. රූප, සංඥා ආදිය ද නිරුද්ධ වේ. සෙස්ස පෙර කියන ලද පිළිවෙළ අනුවම දත යුතුය.
5-6. සක්කපඤ්හ ආදි සූත්ර වර්ණනා
පස්වැන්නෙහි - දිට්ඨෙව ධම්මෙ - මේ අත්බැව්හිම පරිනිබ්බායන්ති = ක්ලේශ පරිනිර්වාණයෙන් (හෙවත් සොපධි ශේෂ නිර්වාණයෙන්) පිරිනිවන් පාති. තං නිස්සිතං විඤ්ඤාණං හොති = තෘෂ්ණාව ආශ්රිතව කර්ම විඥානය පවතී. තදුපාදානං = එම ග්රහණය තෘෂ්ණාවෙන් ග්රහණය කිරීමෙන් සංගහණය (හෙවත් එකට එකතු කර ගැනීම වේය යන අරුතයි. සය වැන්න පහසු වන්නේය.
7. සාරිපුත්තසද්ධිවිහාරික සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි සන්තා නෙස්සති = වෑයම් කිරීමේදී ඔහුට වෙන් වීමට ඉඩ නො දෙන්නේ ය.
8. රාහුලෝවාද සූත්ර වර්ණනාව
අට වැන්නෙහි - විමුත්ති පරිපාචනීයා ධම්මා = විමුක්තිය මෝරවන්නේ ය යන අදහසින් “විමුත්ති පරිපාචනීයා” නම් වේ. “ධම්මා” යනු පසළොසක් වූ ධර්මයන්ය. ඒවා ශ්රද්ධේන්ද්රිය ආදීන්ගේ විශෝධන කරණ වශයෙන් දත යුතුය. මෙය මෙසේ කියන ලද්දේමය -
ශ්රද්ධා රහිත පුද්ගලයන් දුරු කරන්නාවූ ද, ශ්රද්ධාවන්ත පුද්ගලයන් සේවනය, භජනය හා ආශ්රය කරන්නාවූද, පැහැදීම ගෙන දෙන සූත්රාන්තයන් නුවණින් සලකා බලන්නාවූ ද යන මේ ත්රිවිධාකාරයෙන් ශ්රද්ධේන්ද්රිය පිරිසිදු වේ. අලස හෙවත් වීර්යය අඩු පුද්ගලයන් දුරු කරන්නාවූ ද ආරම්භ කළ වීර්යය ඇති පුද්ගලයන් දුරු කරන්නාවූ ද, ආරම්භ කළ වීර්යය ඇති පුද්ගලයන් සේවනය, භජනය හා ආශ්රය කරන්නාවූ ද, යහපත් වූ වීර්යය නුවණින් සලකා බලන්නා වූ ද යන මේ ත්රිවිධාකාරයෙන් වීර්යේන්ද්රියය පිරිසිදු වේ. සිහි මුලා වූ පුද්ගලයන් දුරු කරන්නාවූ ද, එළඹ සිටි සිහිය ඇති පුද්ගලයන් සේවනය, භජනය හා ආශ්රය කරන්නාවූ ද, සතිපට්ඨාන ධර්මයන් නුවණින් සලකා බලන්නාවූ ද, යන මේ ත්රිවිධාකාරයෙන් සත්රීන්ද්රියය (හෙවත් ස්මෘතිය නමැති ඉන්ද්රියය) පිරිසිදු වේ. නො සන්සුන් පුද්ගලයන් දුරු කරන්නා වූ ද, සන්සුන් පුද්ගලයන් සේවනය, භජනය හා ආශ්රය කරන්නාවූ ද, ධ්යානය මුල්කොට ලබන මෝක්ෂය නුවණින් සලකා බලන්නාවූද යන මේ ත්රිවිධාකාරයෙන් සමාධීන්ද්රියය පිරිසිදු වේ. අඥාන පුද්ගලයන් දුරු කරන්නා වූ ද, ප්රඥාවන්ත පුද්ගලයන් සේවනය භජනය හා ආශ්රය කරන්නා වූ ද, ගැඹුරු නුවණින් හැසිරීම නුවණින් සලකා බලන්නාවූ ද යන මේ ත්රිවිධාකාරයෙන් ප්රඥේන්ද්රියය පිරිසිදු වේ. මෙසේ පුද්ගලයන් පස් දෙනකුත් දුරුකරන්නා වූ ද, පුද්ගලයන් පස් දෙනකුන් සේවනය, භජනය හා ආශ්රය කරන්නාවූ ද, සූත්රාන්ත ස්කන්ධයන් පහක් නුවණින් සලකා බලන්නාවූ ද යන මේ පසළොස් ආකාරයෙන් මෙම ඉන්ද්රියයන් පස පිරිසිදු වන්නේය.
මෙයට අමතරව එම පසළොස් වැදෑරුම් ධර්මයෝ විමුක්තිය මෝරවා ගැනීමෙහි සමර්ථයෝ ය. (මතු දැක්වෙන පරිදි) ඉන්ද්රිය පසෙක් වේ. (එනම්) අනිත්ය සංඥා ද, අනිත්යයෙහි දුඃඛ සංඥා ද, දුඃඛයෙහි අනාත්ම සංඥා ද. (දුරු කළ යුතුය යන) ප්රහාන සංඥා ද, (නො ඇලිය යුතුය යන) විරාග සංඥා ද යන මේ පස තියුණු අවබෝධයකින් යුත් සංඥාවන්ය. මේඝිය තෙරුන් හට කියන ලද කල්යාණ මිත්රතා ආදිය “පඤ්ච ධම්ම” නම් වේ. කවර නම් වේලාවෙක බුදුන් වහන්සේට මෙසේ සිත් වූයේ ද යත් අළුයම් කාලයෙහි ලෝකය බලන්නාවූ බුදුන් වහන්සේට ය.