10. උද්දක සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - උද්දකො සුදං මෙහි “සුදං” යනු නිපාත මාත්‍රයකි. “උද්දක” යනු ඒ තැනැත්තාගේ නාමයයි. ඉදං ජාතු වෙදගු = මෙහි “ඉදං” යනු නිපාත මාත්‍රයකි. නැතහොත් මාගේ මේ වචනය අසන්නහු යයි දක්වමින් මෙසේ කීය යනුයි. “ඡාතු වෙදගු” (හෙවත් ඒකාන්ත වශයෙන්ම දතයුතු සියල්ල අන්තයටම දැන ගත්තාවු) යනු මම ඒකාන්තයෙන් ම (සසරෙහි) පවත්නා සියල්ල දැනගෙන, (සසර) මැඩ පවත්වා ගෙන සිටින්නෙම් වෙමියි යනුවෙන් කියති (යන භාවයයි) අපළිඛතං ගණ්ඩමුලං = උගුල්වා ඉවත් නොකළ දුක පළිඛණිං = මා විසින් උගුල්ලා දමන ලදී. (ශරීරයේ ගෙඩිය) හාරා ඉවත් කොට සිටින්නෙම් වෙමි යි (මෙයින්) දක්වයි.
මාතා පෙත්තික සම්හවස්ස මවු විසින් ද පිය පසින්ද නිපදවුණ මාතෘ පිතෘක ශුක්‍ර ශ්‍රෝණීතයන්ගෙන් හටගත්තාවු ඔදන කුම්මා සුපචයස්ස - බත් පිට්ටු වැනි දෙයින් (ශරීර මාංස ආදිය) රැස් කළා වූ, අනිච්චුච්ඡා දන පරිමද්දන භෙදන විද්ධංසන ධම්මස්ස = මෙහි මේ කය ඇති වී නැති වන්නේය යන අරුතින් අනිත්‍ය ස්වභාවය ඇත්තේ (හෙවත් අනිච්ච ධම්මො) වේ. දුගඳ නැසීම පිණිස සුවඳ විලවුනෙන් පිරිමදින ස්වභාවය (හෙවත් උච්ඡාදන ධම්ම) ඇත්තේ වේ. අඟ පසඟ වල පීඩාවන් දුරු කිරීම පිණිස ජල සම්බාහන (හෙවත් උදක සබ්බාහන) ක්‍රමයෙන් පිරිමදින ස්වභාවය ඇත්තේ වේ. මවු කුස තුළ විසීමේදී විකෘති වී පිහිටියාවු (අවයවයන් ඇත්නම්) ඒ ඒ අවයවයන්ගේ මනා සැකසීම පිණිස ළදරු කල්හි උකුල මත තබා ඖෂධ ගැල්වීම් අතගෑම් ආදී වශයෙන් කෙරෙන පිරිමැදීම් ස්වභාවය (හෙවත් පරිමද්දන ධම්මො) ඇත්තේ වේ. පරිහරණය කරනු ලබන්නේ නමුදු (ශරීරය) මෙසේ බිඳෙන නැසෙන ස්වභාවයකින් යුක්ත වෙයි. බිඳෙන්නේ ද කැබලි වශයෙන්ම විසිරෙන්නේද වෙයි. මෙබඳු ස්වභාවයක් පවතී යන අර්ථය වෙයි.
ඉහළින් (විස්තරාර්ථ) දැක්වූ “මාතා පෙත්තික සම්භව ඔදන කුම්මාසුපචය පරිමද්දන” යන පදවලින් ශරීර වර්ධනය කියන ලදී. “අනිච්ච භෙදන විද්ධංසන” යන පදවලින් ශරීර පරිහානිය (කියන ලදී) මුල් කොටස්වලින් හටගැන්ම (හෙවත් සමුදය) ද, පසු කොටස් වලින් විනාශයට යාම ද (කියන ලදී) මෙසේ සතර මහා භූතයන් හට අයත් ශරීරයේ වෘද්ධිය, පරිහානිය. උත්පත්තිය යන භේදයෙන් දක්වන ලද්දාහුය. සෙස්ස පහසු අරුත් ඇත්තේ වේ.
පස් වන ඡළ වග්ගය නිමි.
දෙවන පණ්ණාසකය සමාප්තයි.
11. යෝගක්ඛෙමි වර්ගය
1. යෝගක්ඛෙමි සූත්‍ර වර්ණනාව
යොගක්ඛෙමි වග්ගයේ පළමු වැන්නෙහි - යොගක්ඛෙමි පරියායං = යෝග සතරෙහි හේතුවෙන් ආරක්ෂිතයකු වීමට කාරණා වූ ධම්ම පරියායං = දහම් කරුණ අක්ඛාසි යොගං = යෝග වීම (හෙවත් යුක්ත වීම) ගැන කථා කළේය. තස්මා = යම් හෙයකින් උසස් වූ ආත්ම භාවය නැතහොත් හීන වූ ආත්ම භාවය නම් කුමක් ද? හීන ආත්ම භාවය උසස් තත්ත්වයට පත්වී යෝගාරක්ෂාව ලබන්නේ නම් නොවේ.
2-10. උපාදාය ආදි සූත්‍ර වර්ණනා
දෙවැන්නෙහි - වේදනා සැප දුක් කියන ලදී. එම විපාක, සැප දුක් චක්‍රාකාරව පවතී.
තෙවැන්නෙහි - දුක්‍ඛස්ස වට්ට (හෙවත් සසරෙහි පැවැත්ම) නමැති දුඃඛයාගේ
සිවු වැන්නෙහි - ලොකස්ස - සංස්කාර ලෝකයාගේ
පස්වැන්නෙහි සිට - කිවයුතු යමක් ඇත්නම් එය, ඛන්‍ධක වග්ගයෙහි කියන ලද පිළිවෙළින්ම වේ.
පළමු වන යොගක්ඛෙම වර්ගය නිමියේය.
12. ලෝකකාමගුණ වර්ගය
1-2. මාරපාස ආදි සූත්‍ර වර්ණනා
ලෝක කාමගුණ වර්ගයේ - පළමුවැන්නෙහි - ආවාස ගතො = වසන තැනට ගියේ. මාරස්ස වසං ගතො = මරුගේ වසඟයට ගියේ. පටිමුක්කස්ස මාර පාසො = මාර බන්ධනය මොහුගේ ග්‍රීවයෙහි පළඳා ප්‍රවිෂ්ට කරන ලදී. දෙවැන්න පහසු වේ.
3. ලොකන්තගමන සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි - ලොකස්ස සක්වළ වූ ලෝකයෙහි ලොකස්ස අන්තං = සංස්කාර ලෝකයේ කෙළවර විහාරං පාවිසි = මා විහාරයට පිවිසි කල්හි මේ භික්ෂූහු මෙය දැන ගැනීම සඳහා අනඳ තෙරුන් විචාරන්නෝය. හෙතෙම ඔවුන්හට මගේ සර්වඥතා ඥානය සමග සසඳා කියා දෙන්නේය. ඉක්බිති (මම) ඔහුට ප්‍රශංසා කරමි. මගේ පැසසීම අසා භික්ෂූහු අනඳ තෙරුන් වෙත එළඹිය යුතු වෙති. ඔහුගේ වචන ද ඇසිය යුතු වේ. ඇදහිය යුතු යයි සිතා ගනිත්. එය ඔවුන්හට දිගුකල් හිත සුව පිණිස වන්නේයයි සිතා සැකෙවින් දෙසන ලද කරුණෙහි අරුත් සවිස්තරව බෙදා නො දක්වා බුදුන් වහන්සේ හුන් අස්නෙහි අතුරුදහන් වූ සේක් ගඳ කිළියෙහි පහළ වූ සේක. ඒ කරුණෙන් හුනස්නෙන් නැගී විහාරයට පිවිසි සේකැයි (හෙවත් වුට්ඨායාසන විහාරය පාවිසි) කියන ලදී.
සත්‍ථු චෙව සංවණ්ණි තො = ශාස්තෲන් වහන්සේ විසින් ද පසසන ලදී. විඤ්ඤුනං = මෙය ද කරණ අර්ථයෙහි සමබන්‍ධ විභක්ති ගත් වචනයකි. පඬිවරුන් විසිනු දු, සබ්‍රම්සරුන් විසිනු දු බුහුමන් කරනු ලැබීය යන අදහස වේ. පහොති = හැකි වෙයි. අතික්ක ම්මෙව මුලං අතික්කම්ම ඛන්‍ධං = හරය නම් මුලෙහි හෝ කඳෙහි (පවතිනු) වන්නේය. එය ද ඉක්මවා (ඇත) යන අරුතයි. එවං සම්පද මිදං = සම්පත් රැස්වීම මෙසේ මේ ආකාරයෙන් වේය යන අදහසයි. අතිසිත්‍වා = ඉක්මවා ජානංජානාති = දතයුතු දෙයම දනියි. පාස්සං පස්සති = දැකිය යුතු දෙයම දකියි. යම් සේ ඇතැමෙක් විපරීත කොට (අවබෝධ කර) ගන්නාහු දන්නාදෙය ද නොදන්නා සේ වෙති. දකින්නෝ වුව ද නො දක්නා සේ වෙති. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවෙති. භගවත්හු වනාහි දන්නා සේක් දනිත්මය, දක්නා සේක් දකිත්මය. උන් වහන්සේ දර්ශනය කිරීමෙහි පූර්ණ නායකත්වයක් දරන්නාහ යන අරුතින් චක්‍ඛුභූත නම් වෙති. දන්නා දෙය කරන්නා හ යන අරුතින් ඤාණභූත නම් වෙති. වෙනස් නොවන ස්වභාව ඇත යන අරුතින් ද පර්යාප්ති ධර්මය පවත්වා ගැනීමෙන් ද. හදවතින් සිතා වචනයෙන් ප්‍රකාශ කරන ධර්මයෙන්ම යුක්තය. (හෙවත් ඒ ධර්මයෙන්ම සකස් වී ඇත) යන අදහසින් ද ධම්මභූත නම් වෙති. ශ්‍රේෂ්ඨය යන අරුතින් බ්‍රහ්මභූත නම් වෙති. ඒ හැර, “චක්‍ඛු විය භූතො (හෙවත් ඇසක් මෙන්වන භූත තත්ත්වය) යන අරුතින් “චක්ඛු භූත” යනු සැදේ. මෙසේ මේ පදයන්හි අර්ථ දත යුත්තේය. ඒ මේ ධර්මය පවත්වන බැවින් වත්තා නම් වෙති. පවත්වා ගෙන යන බැවින් පවත්තා නම් වෙති. අර්ථය නොහැර දැක්වීමෙහි සමත් බව නිසා අත්‍ථස්සන්තො නම් වෙති. නිවන් අවබෝධ කර ගැනීමේ පිළිවෙත දේසනා කරතියි (යන අදහසින්) අමතස්ස දාතා නම් වෙති.