11-18. අන්තවත් ආදි සූත්ර වර්ණනා
“අන්තවා ලොකො” යනු ඇතැමුන් වඩන ලද නිමිත්තකි. ලෝකය යැයි ගැනීමෙන් හෝ තර්කයෙන් උපන් දෘෂ්ටියකි. “අනන්තවා” යනු සෑම අතින්ම වඩන ලද අප්රමාණ වූ නිමිත්තකි. “ලෝකය” යැයි ගැනීමෙන් හෝ තර්කයෙන් හෝ උපන් දෘෂ්ටියයි. “තං ජීවං තං සරීරං” යනු ජීවයද ශරීරයද එකක්මයැයි උපන් දෘෂ්ටියයි. සෙසු පදාර්ථ ප්රකටමය. මේ දක්වා සෝතාපත්ති මාර්ග වශයෙන් අටළොස් ව්යාකරණයන්ගේ එක් ගමනකි.
2-4. ගමන වර්ගය
දෙවැනි ගමන දුක් වශයෙන් කියන ලදී. එයද අටළොස් ව්යාකරණයකි. ඉන් අන්ය වූ “රූපී අත්තා හොති” යනාදී අට ව්යාකරණයෝ ඒවා සමඟ ඒ දෙවැනි පෙය්යාලය යැයි කියන ලදී.
එහි “රූපී” යනු අරමුණම ආත්මයයැයි ගන්නා ලද දෘෂ්ටියයි. “අරූපී” යනු ධ්යානය ආත්මය යැයි ගත් දෘෂ්ටියයි. “රූපී ච අරූපී ච” යනු අරමුණද ධ්යානය ද ආත්මය යැයි ගත් දෘෂ්ටියයි. “නෙව රූපී නාරූපී” යනු තර්ක මාත්රයෙන් ගත් දෘෂ්ටියයි. “එකන්ත සුඛී” යනු ධ්යානලාභීන්ට, තාර්කිකයන්ට හා ජාති සිහිකිරීමේ නුවණ ලැබූවන්ට උපන් දෘෂ්ටියකි. ධ්යානලාභීහුද අතීතයේ ඒකාන්තයෙන්ම සැප ඇති අත්බවක් (ආත්ම භාවයක්) සිහිපත් කර මෙවැනි දෘෂ්ටියක් උපදවා ගනිති. තාර්කිකයන්ටද දැන් මම ඒකාන්තයෙන් සුවපත් වූවාක් මෙන් පරලොවදීද මෙසේම වන්නේ යැයි දෘෂ්ටියක් උපදියි. ජාති සිහිකරන්නවුන්ටද සැප සහිත සත්-අට භවයක් දැක මෙබඳු දෘෂ්ටියක් උපදියි. “එකන්ත දුක්ඛී” ආදියෙහි මේ ක්රමයමයි.
තෙවැනි පෙය්යාල වර්ගයේ ද අනිත්ය-දුක්ඛ වශයෙන් එයම විසිහයක් සූත්රවලින් විස්තර කරන ලදී. සතරවන පෙය්යාලය තිපරිවර්ත වශයෙන් දේශිතය.
දිට්ඨි සංයුත්තය නිමියේ ය.