12. සහායක සූත්‍ර වර්ණනාව
දොළොස්වන සුත්‍රයේ - “විරරත්තං සමාහිතා” යනු දිගු කාලයක් ගලපා බලා, සමකොට බලා සිටි ලබ්ධි (පිළිගැනීම්) ඇත්තේ යනුයි. ඔවුහු වනාහි පන්සියයක් ආත්මභාවයන්හි එකටම හැසිරුනහ. “සමෙති නෙසං සද්ධම්මො” යනු දැන් මොවුන්ගේ මේ ශාසන ධර්මය ගැලපේ. සමාන යනුයි. “ධම්මෙ අරියප්පවෙදිතෙ” යනු බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයේය. මොවුන්ගෙන් මේ ශාසන ධර්මය ශෝභමාන වේ යන අර්ථයි. “සුවිනීතා කප්පින්නො” යනු තමාගේ උපධ්‍යායකත්‍වයෙන් ආර්යයන් විසින් දේශිත ශ්‍රී සද්ධර්මයෙහි මැනවින් හික්මුණු යනුයි. ඉතිරි පද සැමතැන්හිම ප්‍රකටය.
දොළොස්වන සූත්‍රයයි.
භික්‍ෂු සංයුත්තය නිමියේය.
මෙසේ සාරත්‍ථප්පකාසිනී නම් සංයුත්ත නිකායට ලියූ අටුවාවෙහි
නිදාන වර්ගයේ අර්ථ වර්ණනාව නිමාවේ.