11. සඞ්ගාරව සූත්‍ර වර්ණනාව
එකොළොස් වැන්නේ - පච්චෙති ‘ඉච්ඡති, පත්‍ථෙති’ කැමති වෙයි, ප්‍රාර්ථනා කරයි. සාධු භන්තෙ ඉල්ලා සිටිමින් පැවසී ය. ඔහු තෙරුන්ගේ ගිහි සහායකයා ය. එහෙයින් තෙරුන් වහන්සේ මේ නීචයා (කාලකණ්ණියා) මා සහායකු ලෙස ලැබ ද මිථ්‍යාදෘෂ්ටිය ගෙන අපාය පුරවන්නෙකු නො වේවා යි ඉල්ලා සිටී. එසේ ම ඔහු මහ පිරිවර ඇත්තේ (විය) ඔහු කෙරෙහි පැහැදුණු පන්සියයක් පවුල් ද (ඔහු) අනුගමනය කරති යි සිතා ද ඉල්ලා සිටී. අත්‍ථවසං අභිවෘද්ධි ඵලයක්, අර්ථ හේතුවක්, පාපං පාණාතිපාත ආදි අකුශලයක්, පවාහෙමි ගෙළ දක්වා ප්‍රමාණයට බැස පා කොට හරිමි. පළවා හරිමි. ධම්මො ගාථා කියන ලද අර්ථ ම ය.
එකොළොස් වැනි සූත්‍රය යි.
12. ඛොමදුස්ස සූත්‍ර වර්ණනාව
දොළොස් වැන්නේ - ඛොමදුස්සං නාම කොමු පිළියෙහි උසස් බව හේතු කොට ගෙන මෙසේ ලත් නම ඇති, සහායං ශාලාවෙහි, ඵුසායති ‘ඵුසිතානි’ (දිය බින්දු) මුංචති මුදයි, වසියි. බුදුන් වහන්සේ මේ ශාලාවට වඩිනු කැමති වූ සේක්; මා මෙසේ පැමිණෙන කල්හි අපහසු ස්වභාවයක් වේ. එක් කරුණක් උදෙසා පැමිණෙන්නෙමි යි අධිෂ්ඨාන වශයෙන් වැස්ස ඉපද වූ සේක. සභාධම්මං සුවසේ (පහසුවෙන්) හිඳගෙන සිටින්නවුන් නො සොළවා එක් පැත්තකින් පැමිණීම ඔවුන්ගේ ශාලා ධර්මය නමි. මහජනයා සොළවා (ඈත් මෑත් කරවා) කෙළින් ම පැමිණීම නො වේ. භාග්‍යවතුන් වහන්සේ සෘජුව ම එති. එයින් ඔවුහු කිපියාහු භාග්‍යවතුන් වහන්සේට ගරහමින් කෙ ච මුණ්ඩකා සමණකා කෙ ච සභාධම්මං ජානිස්සන්ති (මුඩු මහණහු කවරහු ද? කවර කෙනෙක් සභා නීතිය දනිත් ද?) ය කීහ. සන්තො පණ්ඩිතයෝ සත්පුරුෂයෝ පහාය මේ රාගාදිය හැර දමහා, රාග ආදිය හික්මීම පිණිස ධර්මය කියා දෙති. එහෙයින් ඔවුහු ‘සන්තො’ නමි.
දොළොස් වැනි සූත්‍රය යි.
මෙසේ බ්‍රාහ්මණ සංයුත්ත වර්ණනාව නිමියේ ය.
8. වඞ්ගීස සංයුත්තය
1. වඞ්ගීස වර්ගය
1. නික්ඛන්ත සූත්‍ර වර්ණනාව
වංගීසසංයුත්තයේ පළමු වැන්නේ - අග්ගාළවෙ චෙතියෙ අළව් නුවර ප්‍රධාන විහාරයේ, බුදුන් වහන්සේ ඉපදීමට පෙර අග්ගාළවක ගොතමක ආදි යක්ෂනාග ආදීන්ගේ භවන - චෙතිය - විය; බුදුන් උපන් කල්හි ඒවා බැහැර කොට මිනිස්සු විහාර කළහ. ඒවාට ඒ නම් ම ඇති විය. නිග්‍රොධ කප්පෙන නිග්‍රෝධ වෘක්ෂ මූලවාසී කප්ප තෙරුන් විසින් ඔහීයකො ‘ඔහීනකො’ වෙහෙර (රැකීමට) නවතා තබනු ලබන විහාර පාලො මුරකරු කටයුතු කරන්නා; හේ එකල්හි අවස්සික (වර්ෂ නැති) පාත්‍ර සිවුරු දැරීමෙහි පළපුරුද්දක් නැති, ඉක්බිති තෙරවරු ඇවැත්නි, මේ කුඩ-පාවහන්-හැරමිටි ආදිය බලාගනිමින් සිටින්න’යි විහාර රකින්නකු කොට පිඬු පිණිස වැඩියහ. එහෙයින් ‘විහාරපාල’ යි කියන ලදි. සමලංකරිත්‍වා තමාගේ වත්කම් අනුව අලංකාරවලින් සරසා, චිත්තං අනුද්ධංසෙති කුසල් සිත විධ්වංශනය කරයි, විනාශ කරයි, තං කුතෙත්‍ථ ලබ්භා ඒ රාගය උපන් කල්හි ඒ කාරණය කොහෙන් ලැබිය හැකි ද? යං මෙ පරො වෙනත් පුද්ගලයෙක් හෝ ධර්මයක් යම් කරුණකින් මගේ අනභිරතිය වනසා දැන් ම අභිරතිය උපදවන්නේ ද (ඒ) ආචාර්ය, උපාධ්‍යායවරු ද මා විහාරයෙහි හැර දමා ගියාහු වෙත්.
අගාරස්මා ගිහි ගෙයින් නික්‍ඛන්තං (නික්මුණා වූ) අනගාරියං පැවිදි බවට පත් යන අරුත යි කණ්හතො කෘෂ්ණ (අඳුරු) පැත්තෙන්, මාරයාගේ පාර්ශ්වයෙන් ඉදිරියට දිව එත් උග්ගපුත්තා උසස් වූවන්ගේ පුත්‍රයෝ, මහේශාඛ්‍ය වූ රාජන්‍ය (ක්‍ෂත්‍රිය) වූ; දළ්හධම්මිනො දැඩි දුණු දරන්නා වූ, උත්තම ප්‍රමාණ වූ ආචාර්ය දුණු දරන්නා වූ, සහස්සං අපලායිනං යම් කෙනෙක් හාත්පස මේ ඊතල විසුරුවන්නාහු ද, ඔවුන්ගෙන් පැන නො යන සංඛ්‍යාව දක්වන්නේ සහස්සං (දහසකි) යි කී ය. එත්තකො භිය්‍යො මේ දහසටත් වැඩි, නෙව මං ඛ්‍යාධයිස්සන්ති මා සෙලවීමට නො හැකි වන්නෝ ය. ධම්මෙ සම්හි පතිට්ඨිතං අනභිරතිය වනසා අභිරතිය ඉපදවීමට සමත් ස්වකීය ශාසන ධර්මයෙහි පිහිටි, කියන ලද්දේ මෙය යි; දුණුවායන් දහසක් හාත්පසින් ඊ විසුරුවද්දී (විදිද්දී) පුහුණු වූ පුරුෂයා දණ්ඩක් ගෙන සියලු ඊ සිරුරෙහි නො වැටෙන සේ අතරමග දී ම පහර දී පා මුල වට්ටවයි ද? එහි එක ම දුන්නක් ඊ දෙකක් එක විට මුදා නො හරී. (එහෙත්) මේ ස්ත්‍රීහු රූපාරම්මණ ආදි වශයෙන් ඊ පහ පහ එක විට මුදා හරිති. එසේ මුදා හරින්නාවූ ඔවුහු ඉදින් තවත් දහසක් වුව මා සෙලවීමට සමත් නො වන්නාහු ය.