7. සුද්ධික සූත්‍ර වර්ණනාව
සත් වැන්නෙහි - සුද්ධිකභාරද්වාජො මොහු ද භාරද්වාජයෙකි. සුද්ධික ප්රශ්නය අසන ලද හෙයින් සංගීතිකාරයන් වහන්සේලා විසින් මෙසේ කියන ලදි. සීලවාපි තපොකරං ශීල සම්පන්න වුව ද තපස් කර්ම කරන්නේ. විජ්ජාචරණසම්පන්නො මෙහි ‘විජ්ජා’ වේද තුන, ‘චරණං’ ගෝත්රචරණය යි. සො සුජ්ඣති න අඤ්ඤා ඉතරා පජා ඒ තෙවිජ්ජ (ත්‍රි වේදය ඇති) බ්‍රාහ්මණයා පිරිසිදු වෙයි. මේ අන්‍ය නාමික වූ ප්‍රජාව පිරිසිදු නො වෙති යි කියයි. බහුම්පි පල්පං ජප්පං බොහෝ ප්‍රලාප කියන බ්‍රාහ්මණයා විශුද්ධියට පත් වේ. මෙසේ වචන දහසක් වුව පවසන්නේ යන අරුත යි. අන්තො කසම්බු ඇතුළත (කසම්බු = කසළ) කෙළෙස් කුණු බව නිසා කුණු වූ සංකිලිට්ඨො කිළිටි වූ කාය කර්ම ආදියෙන් සමන්විත වූ.
සත් වැනි සූත්‍රය යි.
8. අග්ගික සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි - අග්ගිකභාරද්වාජො මොහු ද භාරද්වාජ ම ය. ගිනි ඇසුරු කිරීම් වශයෙන් ඔහුට සංගීතිකාරක හිමිවරුන් විසින් මේ නම යොදන ලදි. සන්නිහිතො හොති පිළියෙල කරන ලද්දේ වේ. අට්ඨාසි කුමක් නිසා එහි සිටියේ ද? භාග්‍යවතුන් වහන්සේ අළුයම ලෝකය බලන සේක් මේ බමුණා දැක මෙසේ සිතූහ: මේ බ්‍රාහ්මණයා මෙබන්දෙකි. අග්රපායාසය ගෙන මහ බඹුන් වළඳවන්නෙමැයි ගින්නෙහි දවන්නේ නිශ්ඵල වූවක් කරයි. අපා මගට වැටෙයි. මේ ලබ්ධිය නො විසඳුනු ලබන්නේ අපා දෙසට ම යන්නේ වෙයි. යමි. ධර්ම දේශනාවෙන් ඔහුගේ මිථ්‍යාදෘෂ්ටිය බිඳ පැවිදි කරවා සතර මගත් සතර ඵලයත් දෙමි’ යි. එහෙයින් පෙරවරු කාලයෙහි රජගහ නුවරට පිවිස එහි වැඩ සිටි සේක.
තීහි විජ්ජාහි ත්රිවේදයෙන්; ජාතිමා පියාගේ පාර්ශ්වයෙන් සත් වන පරම්පරාව දක්වා පවිත්‍ර වූ ජාතියෙන් යුක්ත වූයේ, සුතවා බහු ‘බහු’ (බොහෝ) නානා ප්‍රකාර වූ ග්රන්ථ, ‘සුතවා’ ඇසුයේ. සො ඉමං භුඤ්ජෙය්ය ඒ ත්‍රිවේද දත් බ්‍රාහ්මණයා මේ පායාසය අනුභව කිරීමට සුදුසු ය. ඔබ වහන්සේට මේ පායාසය සුදුසු නො වේ යි කියයි.
වෙදි පුබ්බේනිවාස ඥානයෙන් ජාතිය අවබෝධ කළ සේක. සග්ගාපායං දිවැසින් ස්වර්ගයත් අපායත් දකියි. ජාතික්ඛයං අර්හත් බව අභිඤ්ඤා වොසිතො දැන නිමා කරන ලද අවසානය ඇත්තේ, බ්රාහ්මණො භවං අවීචියේ පටන් භවාග්‍රය දක්වා ඔබ වහන්සේ හා සමාන ජාතිසම්පන්න වූ ක්ෂීණාශ්රව වූ බ්‍රාහ්මණයෙකු නැත. ඔබ වහන්සේ ම බ්‍රාහ්මණයෙකි.
එසේ ද කියා ස්වර්ණ පාත්‍රය පුරවා බුදුන් වහන්සේට පායාසය පිරිනැමී ය. ශාස්තෲන් වහන්සේ ආරම්භය පෙන්වා දී භෝජනය ප්‍රතික්ෂේප කරමින් “ගාථාභිගීතං මෙ” ආදිය වදාළහ.
එහි ගාථාභිගීතං ගාථාවලින් ගයන ලද අභොජනෙය්යං නො වැළඳිය යුතු: කියන ලද්දේ මෙය යි: බ්‍රාහ්මණය, ඔබ මෙපමණ කලක් භික්ෂාචාර පිළිවෙතින් සිටි මට හැන්දක් පමණ වත් දීමට නො සමත් වූයෙහි. දැන් මා විසින් ඔබට පැදුරෙහි තල අතුරන්නකු විසින් මෙන් සියලු බුදු ගුණ ප්‍රකාශ කරන ලද්දේ ය. මෙසේ මේ භෝජනය ගායනා කරන්නකු විසින් ගායනා කොට ලද්දක් මෙන් වේ. එහෙයින් මේ ගාථාභිගීතං මෙ අභොජනෙය්යං සම්පස්සතං බ්‍රාහ්මණ නෙස ධම්මො බ්‍රාහ්මණය, අර්ථයත් ධර්මයත් මැනවින් දකින්නවුන් මේ ආකාරයේ භෝජනයක් විඳිය (වැළඳිය) යුතු ය යන මේ ධර්මතාව නැත. ගාථාභිගීතං පනුදන්ති බුද්ධා ගාථාවලින් ගායනා කොට ලද්දක් බුදුවරු බැහැර කරත් ම ය. ධම්මෙ සති බ්‍රාහ්මණ වුත්තිරෙසා බ්‍රාහ්මණය, (ආර්ය) ධර්මය ඇති කල්හි ධර්මය අපේක්ෂා කොට ධර්මයෙහි පිහිටා ජීවිත ගෙන යන්නවුන්ගේ මේ පැවැත්ම යි. මේ ආජීවය යි. මේ ආකාර දෙයක් (ගාථා කියා ලත් දෙයක්) බැහැර කොට ධර්මයෙන් ලද දේ ම වැළඳිය යුතු වන්නේ ය යි.