10. බහුධීතු සූත්ර වර්ණනාව
දස වැන්නේ - අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ උදෑසන ම ලෝකය දෙස බලන සේක් ඒ බ්රාහ්මණයාගේ අරහත් භාවයට උපනිශ්රය (ඇති බැව්) දැක “යමි, ඔහුට සංග්රහ කරන්නෙමි” යි ගොස් ඒ වන ලැහැබේ වාසය කරති. පල්ලඞ්කං හාත්පසින් කළවා බැඳි ආසනය ආභුජිත්වා බැඳ, උජුං කායං පණිධාය උපරිම ලෙසට ශරීරය සෘජු කොට තබා; දහඅටක් වූ කොඳු ඇට කෙළවරින් කෙළවරට තබා; පරිමුඛං සතිං උපට්ඨාපෙත්වා කර්මස්ථාන අභිමුඛ කොට සිහිය පිහිටුවා, මුඛ සමීපයෙහි කොට හෝ යන අර්ථ වේ. එහෙයින් ම විභඞ්ගයෙහි කියන ලදි. “අයං සති උපට්ඨිතා හොති සූපතිට්ඨිතා නාසිකග්ගෙ වා මුඛනිමිත්තෙ වා තෙන වුච්චති පරිමුඛං සතිං උපට්ඨපෙත්වා” යි (මේ සිහිය එළඹියේ වෙයි. මැනවින් පිහිටියේ වෙයි. නාසිකාග්රයේ හෝ මුඛ නිමිත්තෙහි හෝ (පිහිටියේ වෙයි). එහෙයින් ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්වා” යි කියන ලදි); නැතහොත් පරි ග්රහණය කිරීම් අර්ථය යි. මුඛං පිටවීම අර්ථය යි. සති රැක ගන්නා අර්ථයෙන්, එහෙයින් “පරිමුඛං සතිං” යි කියන ලදි. මෙසේ පටිසම්භිදාමග්ගයෙහි කියන ලදි පරිදි ද අර්ථය දත යුතු ය. එහි සාරාංශය මෙය යි: ග්රහණය කරන ලද පිටවීම සිහිය නංවාගෙන, මෙසේ වැඩ සිටිමින් ම ෂඩ්වර්ණ ඝන රශ්මීන් විහිදුවා වැඩ සිටි සේක. නට්ඨා හොන්ති සී සා ලිහන ලද න පෙදෙස දෙසට යන්නාහු, බ්රාහ්මණයන් කෑම පිණිස ගිය කල්හි, පැන ගියහ. උපසංකමි දොම්නසින් මැඩී ඒ මේ අත ඇවිදින්නේ මේ ශ්රමණයා සුවසේ සිටින්නේ යි සිතා අසළට පැමිණියේ ය.
අජ්ජ සට්ඨිං න දිස්සන්ති අදට දින හයක් පමණ නො දකිත්. පාපකා ළාමක (ළපටි), තල දඬු; ඔහු විසින් කුඹුරේ තල වපුරන ලද කල්හි එදින ම වර්ෂාව පතිත වී තල පසෙහි ගිල්වී ය. මල් හෝ ගෙඩි හට ගැනීමට නො හැකි විය. යමක් වැඩිණි ද ඒවා මත වැටී පණුවෝ කොළ කෑහ. එක කොළයක් කොළ දෙකක් ඇති (තල) දඬු ඉතිරි විණි. බ්රාහ්මණයා කෙත බැලීමට ගියේ ඒවා දැක මවිසින් පොළියට තල ගන්නා ලදි. ඒවා ද නැසිණි යි දොම්නස් වූයේ ය. එය අළලා මේ ගාථාව කී ය.
උස්සොළ්හි කායා උත්සාහයෙන් කණ නගුට ආදිය ඔසවා කෑගසමින් උඩ පනිත්. ඔහුගේ භෝග පිළිවෙලින් පිරිහුණු කල දැමිය යුතු කිසිවක් නො මැති බැවින් හිස් අටු ඇති විණි. එහෙ මෙහෙ ගෙවල් හතකින් පැමිණි මීයෝ ඒ හිස් අටුවලට වැද උයන් කෙළි කෙළින්නා සේ කන් නගුටු ඔසවා නටත්. ඒ අළලා මෙසේ කී ය.
උප්පාදකෙහි සංඡන්නො හටගත් පණුවන්ගෙන් වැසුණු, ඒ බ්රාහ්මණයා හට නිදා ගැනීම පිණිස ඇතිරූ තණ ඇතිරිල්ලකි. අතරතුර කිසි නඩත්තු කිරීමක් නැත. හේ දහවල්හි කැලයේ වැඩ කොට හවස පැමිණ මෙහි වැතිරෙයි. එවිට හටගත් පණුවෝ ඔහුගේ සිරුර මුළුමනින් වසා ගෙන කති. එය අළලා මෙසේ කී ය.
විධවා හිමියා මළ තැනැත්තී; ඒ බ්රාහ්මණයාගේ නිවසේ යම් තාක් ධන ප්රමාණයක් වී ද, වැන්දඹු වී වුව ද ඒ තාක් පතිකුලවල විසීම ලැබූහ. යම් දිනක ඔහු නිර්ධන වී ද එකල්හි ඔවුහු මවුපියන්ගේ ගෙදරට යවත්. නැදි මයිලනුවන් ආදීන් විසින් එළවනු ලැබුවාහු ඔහුගේ ම නිවසට පැමිණ වසන්නාහු බ්රාහ්මණයා ආහාර ගන්නා වේලාවේ “යවු යවු සීයාත් සමග කෑම කනු” යි දරුවන් යවත්. ඔවුන් විසින් පාත්රයට අත දැමූ කල්හි බ්රාහ්මණයා අතට (අත දැමීමට) ඉඩක් වත් නො ලබයි. එය ගෙන මේ ගාථාව කී ය.
පිඞ්ගලං රන්වන් පිඟුවන් වූ තිලකාහතා කළු සුදු ආදි පාටින් යුතු තල කැළලින් ගැවසුණු ශරීර ඇත්තී සොත්තං පාදෙන බොධෙති නින්දට වන් (මා) පයින් පහර දී අවදි කරවයි. මේ බ්රාහ්මණයා මීයන්ගේ ශබ්දයෙන් හිරිහැරයට පැමිණියේ, පණුවන් විසින් විදිනු ලබන්නේ මුළු රෑ නින්දක් නො ලැබ උදෑසන නින්දට වැටේ. ඉක්බිති ඇහැ පිය වුණු මොහොතෙහි ම “බමුණ, කුමක් කරහි ද? පසුවත් පෙරත් ගත් ණයවල පොළිය ඉහලට ම ගොසිනි. දූවරු සත් දෙනෙක් පෝෂණය කළ යුත්තාහු ය. දැන් ණයකරුවෝ පැමිණ ගේ වට කරත්. යව, වැඩක් කරව” යි පයින් පහර දී නැගිටුවයි. එය අළලා මේ ගාථාව කී ය.