4. සත්තවස්ස සූත්ර වර්ණනාව
සිවු වැන්නේ - සත්තවස්සාති බුද්ධත්වයට පෙර වසර හයක් (හා) බුද්ධත්වයෙන් පසු එක් වසරක්, ඔතාරාපෙක්ඛො ඉදින් ගෞතම ශ්රමණයන්ගේ කාය වචී ද්වාරවල කිසියම් ම හෝ නුසුදුසු දෙයක් දකින්නෙම් ද ඔහුට චෝදනා කරන්නෙමැයි මෙසේ සිදුරක් (පළුද්දක්) අපේක්ෂා කරන්නේ අලභමානො රිය දූවිල්ලක් පමණවත් දෝෂයක් නො දක්නේ; එහෙයින් කී ය.
“සත්තවස්සානි භගවන්තං අනුබන්ධිං පදාපදං
ඔතාරං නාධිගච්ඡිස්සං සම්බුද්ධස්ස සතීමතො”
ඔතාරං නාධිගච්ඡිස්සං සම්බුද්ධස්ස සතීමතො”
(සත් වසරක් භාග්යවතුන් වහන්සේ අඩියෙන් අඩිය ලුහු බැන්දෙමි. සිහියෙන් යුක්ත වූ සම්බුදුරජුන්ගේ ප්රවෙශයක් (සිදුරක්) නො ලද්දෙමි.)
උපසඞ්කමි අද ගෞතම ශ්රමණයන් ග්රහණයට ගෙන පැමිණෙන්නෙමි යි ළඟට පැමිණියේ ය.
ඣායසි සිත සිතා සිටිනේනේ සිතෙන් මෙනෙහි කරමින් සිටින්නෙහි ද අසයි. විත්තං නු ජිතො සියයක් හෝ දහසක් පැරදුනෙහි ද? ආගුං න ගාමස්මිං කිම ඇතුළු ගමෙහි පමන ඉක්මවා ගිය පාපකර්මයක් (අපරාධයක්) කළෙහි ද? එමගින් අන් අයගේ මුහුණ බැලීම නො ඉවසන්නේ කැලයෙහි වසන්නෙහි ද? සක්ඛිං මිත්ර භාවය;
පලිඛාය හාරා, භවලොභජප්පං භව ලෝභ සංඛ්යාත වූ තෘෂ්ණාව, අනාසවො ඣායාමි තෘෂ්ණා රහිත වී දැහැන් දෙකෙන් ධ්යාන වඩමි. පමත්තබන්ධු මාරයාට ආමන්ත්රණය කරයි. ලොවෙහි යම් කිසි කෙනෙක් ප්රමාද වූවෝ වෙත් ද හේ ඔවුන්ගේ නෑයෙකි.
සචෙ මග්ගං අනුබුද්ධං ඉදින් ඒ මාර්ගය අවබෝධ කරන ලද්දේ නම්, අපෙහි ඉවත් ව යනු, අමච්චුධෙය්යං මරු හට අවකාශ නො තබන නිවන පාරගාමිනො යම් කෙනෙක් පර තෙරට ගියාහු ද ඔවුහු ද “පාරගාමිනො” (පරතෙරට යන), යම් කෙනෙක් පර තෙරට යත් ද ඔවුහුත් යම් කෙනෙක් පර තෙර යනු කැමැත්තෝ ද ඔවුහුත් “පාරගාමිනො” වෙති.
විසූකායිකානි මාරයාගේ විහිලු විසෙවිතානි විරුද්ධ ලෙස භාවිත කළ “මනුෂ්යයන්ගේ ආයුෂ අල්ප ය”, “දවල් රෑ ඉක්ම යයි’ කී කල “මනුෂ්යයන්ගේ ආයුෂය දිග ය, දවල් රෑ ඉක්ම නො යයි” ආදිය ප්රතිලෝම කරුණු යි (විරුද්ධ අතට කරුණු ය). විප්ඵන්දිතාති කානිචි කානිචි ඒ ඒ වේලාවේ හස්තිරාජ හැඩය; සර්ප හැඩය ආදි දර්ශන නිබ්බෙජනීයා උකටලී බවට කරුණු වූ;
අනුපරියගා ආදියෙහි අතීත වචනය වුව ද, අර්ථය විකල්ප වශයෙන් දත යුතුය. කියන ලද්දේ මෙය යි: යම් සේ කපුටෙක් මේද තෙල් පැහැති ගලක් දැක මෙහි මොළොක් බව අත් විඳිමු. ආස්වාදයක් වන්නේ දැයි ඒ වටා සිසාරන්නේ ද, ඒ කවුඩා එහි ආස්වාදයක් නො ලබා ම එයින් ඉවත්ව යයි ද, ඒ පාෂාණයෙන් බැහැර යයි ද, එසේ ම අපි ද ඒ කවුඩා මෙන් පර්වතයක් වැනි වූ ගෞතමයන් වෙත පැමිණ ආස්වාදයක් හෝ එක් ව විසීමක් නො ලබන්නේ ගෞතමයන් කෙරෙහි කළකිරී ඉවත් ව යමු.
සතර වැනි සූත්රය යි.
5. මාරධීතු සූත්ර වර්ණනාව
අභාසිත්වා මෙහි ‘අ’ කාරය නිපාත මාත්රයකි. ‘භාසිත්වා’ (පවසා) යන අරුත යි. අභාසයිත්වා යි ද පාඨයකි. උපසංකමිංසු කෙවිටෙන් පොළොවෙහි ඉරි අඳින ගොපලු දරුවකු මෙන් දැක බෙහෙවින් දොම්නස් වී සිටින්නේ කරුණ කිමැයි විමසා දැනගන්නෙමි යි අසළට පැමිණියහ.
සොචසි සිතහි ද? ආරඤ්ඤමිව කුඤ්ජරං යම් සේ සතුටු කරවා කැලයට යැවූ ගණිකා ඇතින්නියෝ කැලයෙහි සිටින ඇතකු ස්ත්රී හාවභාව දර්ශනයෙන් පොළඹවා බැඳගෙන එත් ද එසේ ගෙන එන්නෙමු. මාරධෙය්යං ත්රෛභූමක වෘත්තය (සංසාරය)