5. මාරධීතු සූත්‍ර වර්ණනාව
අභාසිත්වා මෙහි ‘අ’ කාරය නිපාත මාත්‍රයකි. ‘භාසිත්වා’ (පවසා) යන අරුත යි. අභාසයිත්වා යි ද පාඨයකි. උපසංකමිංසු කෙවිටෙන් පොළොවෙහි ඉරි අඳින ගොපලු දරුවකු මෙන් දැක බෙහෙවින් දොම්නස් වී සිටින්නේ කරුණ කිමැයි විමසා දැනගන්නෙමි යි අසළට පැමිණියහ.
සොචසි සිතහි ද? ආරඤ්ඤමිව කුඤ්ජරං යම් සේ සතුටු කරවා කැලයට යැවූ ගණිකා ඇතින්නියෝ කැලයෙහි සිටින ඇතකු ස්ත්‍රී හාවභාව දර්ශනයෙන් පොළඹවා බැඳගෙන එත් ද එසේ ගෙන එන්නෙමු. මාරධෙය්යං ත්‍රෛභූමක වෘත්තය (සංසාරය)
උපසඞ්කමිංසු ඔබතුමා මඳක් ඉවසන සේක්වා අපි ඔහු ගෙන එන්නෙමු යි පියා සනසා (ළඟට) පැමිණියහ. උච්චාවචා නානා විධ, එකසතං එකසතං එක් එක් තැනැත්තියක් සියයක් සියයක් කොට කුමාරිවණ්ණසතං මේ න්‍යායයෙන් කුමරි ශරීර සියයක්
අත්ථස්ස පත්තිං හදයස්ස සන්තිං අභිමත අර්ථයට පැමිණීම හා හදවතේ ශාන්තිය, පද දෙකෙන් ම අර්හත්වය ම පවසයි. සෙනං ක්ලේශ සේනාව, එය (සේනාව) පියරූප සාතරූප නමි. එකොහං ඣායං ‘එකො අහං ඣායන්තො’ මම තනි ව ධ්‍යාන කරමින්, සුඛමනුබොධිං අර්හත් සුවය අවබෝධ කොට ගතිමි. කියන ලද්දේ මෙය යි: පියරූප වූ සාතරූප වූ සේනාව දිනා මම හුදෙකලා ව ධ්‍යාන වඩන්නෙම් “අත්ථස්ස පත්තිං හදයස්ස සන්තිං” යන ගණයට අයත්, අර්හත් සුවය අවබෝධ කළෙමි. එහෙයින් ජනයා සමග මිත්‍ර සන්ථවයක් නො කරමි. ඒ හේතුවෙන් ම මට කිසි මිත්‍රත්වයක් සම්පාදනය නො වේ.
කථං විහාරී බහුලො කුමන විහරණයක් බහුල කොට හැසිරෙමින්, අලද්ධා නො ලැබ; යො නිපාත මාත්‍රයකි. කියන ලද්දේ මෙය යි: කාම සංඥාවෝ කුමන ධ්‍යානයකින් බහුල ලෙස ධ්‍යාන වඩන ඒ පුද්ගලයා නො ලබා ම හාත්පසින් බැහැර වෙත් ද?
පස්සද්ධකායො චතුර්ථධ්‍යානයෙන් ආශ්වාස ප්‍රශ්වාස කායේ පස්සද්ධ බව නිසා ‘පස්සද්ධකායො; සුවිමුත්තචිත්තො අර්හත් ඵල විමුක්තියෙන් මනා ලෙස මිදුණු සිත ඇත්තේ, අසඞ්ඛරානො කර්මාභි සංස්කාර තුන අනභිසංස්කාර කරමින්, අනොකො ආලය නැති අඤ්ඤාය ධම්මං සත්‍ය සතර දැන අවිතක්කක්ඛායී විතර්ක රහිත චතුර්ථ ධ්‍යානයෙන් දැහැන් වඩන්නේ. න කුප්පති ආදියෙහි ද්වේෂයෙන් නො කිපෙයි; රාගයෙන් න සරති (සිහි නො කරයි) මෝහයෙන් න ථිනො (හැකුළුනේ නො වේ). මේ මූලික ක්ලේශ තුන ගත් කල්හි දෙදහස් පන්සියයක් කෙළෙස් ගන්නා ලද්දේ ම වේ. ප්‍රථම පදයෙන් ව්‍යාපාදනීවරණය හෝ ගන්නා ලදි. දෙවැන්නෙන් කාමවස්තු නීවරණය, තෙවැන්නෙන් ථීන ආදි කොට ඇති ඉතිරි නීවරණ (ගන්නා ලද්දේ ම ය). මෙසේ මේ නීවරණ ප්‍රහාණයෙන් ක්ෂීණාශ්රව භාවය දැක්වී ය.
පඤ්චොඝතිණ්ණො දොරටු පහක් ඇති ක්ලේශ ඕඝය (සැඩ පහර) තරණය කළේ වෙයි. ඡට්ඨං මනෝද්වාරික වූ සය වැනි ක්ලේශ ඕඝය ද කරණය කළේ වේ. පඤ්ච ඕඝ ගැනීමෙන් පඤ්ච ඕරම්භාගිය සංයෝජන හෝ සය වැන්න ගැනීමෙන් පඤ්ච උද්ධම්භාගිය (සංයෝජන ද) දත යුත්තේ ය. ගණසංඝචාරී ‘ගණෙ ච’ (ගණයා කෙරෙහිත්) සංඝෙ ච (සමූහයා කෙරෙහිත්) ‘චරති’ (හැසිරෙති යි) බුදුන් වහන්සේ ‘ගණසංඝචාරී’ නමි. අද්ධා තරිස්සන්ති එකතින් ම අන්‍ය බොහෝ ජනයා ද ඒකාන්තයෙන් ම තරණය කරන්නෝ ය. අයං මෙ ශාස්තෲ තෙම, අනොකො ආලය (තෘෂ්ණාව) රහිත වූයේ;
අච්ඡෙජ්ජ නෙස්සති පැහැර ගෙන ගෙන යයි. මාරයාගේ අතින් පැහැර ගෙන නිර්වාණ පරතෙරට ගෙන යන්නේ ය යි කියන ලදි. නයමානානං එතෙර කරන කල්හි
සෙලං ව සිරසි ඌහච්ච පාතාලෙ ගාධමෙසථ කූටාගාරයක් (මහල් ගෙයක්) පමණ වූ මහත් ගලක් හිසෙහි තබා ගෙන පාතාලයෙහි ප්‍රතිෂ්ඨාවක් සොයන්නාක් මෙන්. ඛාණුං ව උරසාසජ්ජ උරයෙහි උලක් ඇන ගෙන මෙන්, අපෙථ බැහැර යමි. මෙ තැන්හි සංගීතිකාරක (හිමිවරු) ඉදමවොච යි දේශනාව අවසන් කොට ‘දද්දල්ලමානා’ යි ගාථාව කීහ. දද්දල්ලමානා අතිශයින් බබළන්නා වූ ශෝභමාන වූ; ආගඤ්ඡුං පැමිණියාහු. පනුදි බැහැර කළසේක. තූලහට්ටං ච මාලුතො යම් සේ වාතය ගෙඩියෙන් ගිලිහුණු ඉඹුල් පුළුන් හෝ වැළුක් පුළුන් ‘පනුදති, නීහරති’ බැහැර ගෙන යයි ද එසේ බැහැර කළ සේක.
තෙවැනි වර්ගය යි.
මෙසේ මාර සංයුක්ත වර්ණනාව නිමියේ ය.