3. ගොධික සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි - ඉසිගිලිපස්සෙ ඉසිගිලි නම් පර්වතයේ පැත්තක, කාළසිලායං කළුවන් ගල්තලාවෙහි. සාමයිකං චෙතො විමුත්තිං අර්පණය කරන කරන මොහොතෙහි ප්රත්යනීක (සතුරු) ධර්මවලින් මිදෙයි. ආරම්මණයෙහි ද මැනවින් අලවති යි ලෞකික සමාපත්තිය “සාමයික චෙතො විමුත්ති” නමි. ඵුසී ලැබී ය. පරිහායී (පිරිහුනේ ය.) කුමක් නිසා සය වැන්න දක්වා පිරිහුනේ ද? ආබාධ සහිත බැවිනි. තෙරුන්ට වා-පිත්-සෙම් වශයෙන් අනුසායික ආබාධයක් ඇත. එය සමාධියට හිතකර උපකාරක ධර්ම පිරීමට නො සමත් වෙයි. අර්පණය කරන කරන සමාපත්තියෙන් පිරිහෙයි.
යන්නූනාහං සත්ථං ආහරෙය්යං හෙතෙමේ මෙසේ සිතී ය: යම් හෙයකින් පිරිහුණු ධ්යාන සහිත ව කාලක්රියා කරන්නා හට නිශ්චිත නො වූ (භව) ගමන් වේ ද, නො පිරිහුණු ධ්යාන ඇත්තා හට නිසැක නිශ්චිත (භව) ගමන් වේ ද, බ්රහ්ම ලෝකයෙහි උපදින්නේ ද, එහෙයින් ආයුධයක් (අතට) ගැනීමට කැමති විය. උපසඞ්කමි මේ ශ්රමණ තෙම ආයුධයක් ගැනීමට කැමැත්තේ (වේ), ආයුධ ගැනීම යන මෙය ද සිරුර ගැනත් ජීවිතය ගැනත් අපේක්ෂාවක් නැත්තේ වේ ද හේ මූලකම්මට්ඨානය සම්මර්ෂණය කොට අරහත් බව ලැබීමට පවා සමත් වේ. මා විසින් වළක්වන ලද්දේ වුව ද මොහු නො නවතින්නේ යයි ද ශාස්තෲන් වහන්සේ විසින් වළක්වන ලදහොත් නවතින්නේ යයි ද තෙරුන්ට හිතවත් කෙනෙකු මෙන් වී, භාග්යවතුන් වහන්සේ යම් තැනක ද එහි පැමිණියේ ය.
ජලං බැබළෙන, පාදෙ වන්දාමි චක්ඛුමා පසැස් ඇත්තා වූ බුදුන් වහන්ස, ඔබගේ පා වඳිමි. ජුතින්ධරා ආනුභාව දරන්නාණෙනි, අප්පත්තමානසො අරහත් බවට නො පැමිණි තැනැත්තේ සෙඛො ශීලාදිය හදාරමින් හික්මෙන්නේ (අරහත් බවට) තවත් කළ යුතු දේ ඇත්තේ ජනෙසුතා ජනයා අතර ප්රසිද්ධ වූවනි. සත්ථං ආහරිතං හොති තෙරණුවෝ මේ ජීවිතයෙන් මට කිම? යි උඩුකුරු ව හිඳ ආයුධයෙන් ගලනාළය (ගෙළ) සින්දේ ය. දුක් වේදනා හට ගැනිණි. තෙරණුවෝ වේදනාව යටපත් කොට ඒ වේදනාව ම අල්ලා ගෙන සිහිය උපදවා මූලකම්මට්ඨානය සම්මර්ෂණය කරන්නාහු අර්හත් බවට පැමිණ සමසීසී වී පිරිනිවන් පෑහ. “සමසීසී” නම් ත්රිවිධ ය: ඉරියාපථසමසීසී, රෝග සමසීසි, ජීවිතසමසීසි යනුවෙනි.
එහි යමෙක් සිටීම් ආදී ඉරියව්වලින් එකක් අධිෂ්ඨාන කොට මෙය අවුල් නො කොට ම අර්හත් බවට පැමිණෙන්නෙමි යි විදර්ශනාව පිහිටුවයි. එවිට ඔහුට අර්හත් භාවයට පත්වීමත් ඉරියව් වෙනස් කිරීමත් එක පැහැර සිදු වේ. මෙය ‘ඉරියාපථ සමසීසී’ නමි. යමෙක් චක්ෂු රෝග ආදියෙහි එකක් ඇති කල්හි මෙයින් නො නැගිට ම අර්හත් බවට පත්වන්නෙමි යි විදර්ශනාව පිහිටුවයි. ඉක්බිති ඔහු අර්හත් බවට පත්වීමත් රෝගයෙන් නැගී සිටීමත් එක පැහැර සිදු වේ. මෙය ‘රෝගසමසීසී’ නමි. සමහරු ඒ ඉරියව්වෙහි ම ඒ රෝගයෙහි ම සිටියදී (වන) පරිනිර්වාණය වශයෙන් සමසීසී භාවය දක්වා ලති. යමෙකුට ආශ්රවයන්ගේ ක්ෂයවීමත් ජීවිතක්ෂයත් එක පැහැර සිදු වේ ද මෙය ‘ජීවිත සමසීසී’ නමි. එය කියන ලද්දේ ම ය. “යස්ස පුග්ගලස්ස අපුබ්බං අචරිමං ආසවපරියාදානඤ්ච හොති ජීවිත පරියාදානඤ්ච අයං වුච්චති පුග්ගලො සමසීසී (යම් පුද්ගලයෙකුට පෙර නො වීත් පසු නො වීත් ආශ්රව අවසානයත් ජීවිත අවසානයත් වේ ද, ඔහු සමසීසී පුද්ගලයා’යි කියනු ලැබේ.)
මෙහි ද “පවත්තීසීස” “කිලෙසසීස” යි ‘සීස’ දෙකකි, එහි ‘පවත්තිසීස’ නම් ජීවිතින්ද්රිය යි; ‘කිලෙසසීස’ නම් අවිද්යාව යි. ඒවායින් ජීවිතින්ද්රිය චුති චිත්තය බැහැර කරයි. අවිද්යාව මාර්ග චිත්තය (බැහැර කරයි). සිත් දෙකේ ම එක විට හට ගැන්මක් නො මැත. මාර්ගානන්තර වූයේ ඵලය යි. ඵලානන්තර වූයේ භවාංගය යි. භවාංගයෙන් නැගී සිට ප්රත්යවේක්ෂණය යි. එය පරිපූර්ණ වූයේ හෝ වේ; අපරිපූර්ණ වූයේ හෝ (වේ). තියුණු කඩුවකින් හිස සිඳින විට වුව ද ප්රත්යවේක්ෂණවාර එකක් හෝ දෙකක් අවශ්යයෙන් ම හට ගනී ම ය. සිත්වල ක්ෂණික පරිවර්තනය හේතුවෙන් ආශ්රවයන්ගේ ක්ෂය වීමත් ජීවිතය අවසන් වීමත් එක් ක්ෂණයෙහි ම සිදුවනු පෙනේ.
සමූලං තණ්හං අබ්බුය්හ අවිද්යා මූලයෙන් මුල් සහිත වූ තණ්හාව අරහත් මාර්ගයෙන් උපුටා දමා, පරිනිබ්බුතො අනුපාදිසේස පරිනිර්වාණයෙන් පිරිනිවියේ ය.
විවත්තක්ඛන්ධං පෙරළුණු කඳ (ඇති) සොප්පමානං උඩුකුරු වී නිදන්නේ වේ. තෙරුන් වහන්සේ උඩුකුරු ව වැදහොත්තේ වුව ද දකුණු ඇළයෙන් සැතපීම හුරු කළ බැවින් හිස දකුණු පැත්තට ම පෙරළී සිටියේ ය. ධුමායිතත්තං දුම් දමන බව, ඒ ක්ෂණයෙහි දුම් වළාකුලු මෙන් ද, කළු වලාකුළු මෙන් ද පහළ විය. විඤ්ඤාණං සමන්නෙසති ප්රතිසන්ධි චිත්තය සොයයි. අප්පතිට්ඨිතෙන නො පිහිටි ප්රතිසන්ධි විඤ්ඤාණයෙන් නො පිහිටි හේතුවෙන් යනු අර්ථයි. බෙලුව පණ්ඩුවීණං බෙලිගෙඩියක් මෙන් පඬුවන් වූ ස්වර්ණ මහා වීණාව ආදාය කිහිල්ලේ තබා උපසඞ්කමි ගොධික තෙරුන් උපන් තැන නො දනිමි. ශ්රමණ භවත් ගෞතමයන් විමසා නිසැක වන්නෙමි යි කුඩා දරුවකුගේ ස්වරූපය ගෙන ළඟට පැමිණියේ ය. නාධිගච්ඡාමි නො දකිමි. සොකපරෙතස්ස ශෝකයෙන් ඇළලී ගිය ඔහු ගෙ අභස්සථ පා මතට වැටුනේ ය.
තෙවැනි සූත්රය යි.
4. සත්තවස්ස සූත්ර වර්ණනාව
සිවු වැන්නේ - සත්තවස්සාති බුද්ධත්වයට පෙර වසර හයක් (හා) බුද්ධත්වයෙන් පසු එක් වසරක්, ඔතාරාපෙක්ඛො ඉදින් ගෞතම ශ්රමණයන්ගේ කාය වචී ද්වාරවල කිසියම් ම හෝ නුසුදුසු දෙයක් දකින්නෙම් ද ඔහුට චෝදනා කරන්නෙමැයි මෙසේ සිදුරක් (පළුද්දක්) අපේක්ෂා කරන්නේ අලභමානො රිය දූවිල්ලක් පමණවත් දෝෂයක් නො දක්නේ; එහෙයින් කී ය.
“සත්තවස්සානි භගවන්තං අනුබන්ධිං පදාපදං
ඔතාරං නාධිගච්ඡිස්සං සම්බුද්ධස්ස සතීමතො”
ඔතාරං නාධිගච්ඡිස්සං සම්බුද්ධස්ස සතීමතො”
(සත් වසරක් භාග්යවතුන් වහන්සේ අඩියෙන් අඩිය ලුහු බැන්දෙමි. සිහියෙන් යුක්ත වූ සම්බුදුරජුන්ගේ ප්රවෙශයක් (සිදුරක්) නො ලද්දෙමි.)