2. සමිද්ධි සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි - ලාභා වත මෙ සුලද්ධං වත මෙ මේ ආකාර වූ ශෘස්තෲන් වහන්සේත් ධර්මයත් සබ්රහ්මචාරීනුත් ලද බැවින් මට ලාභයකි. මට මැනවින් ලැබුණකි. ඒ ආයුෂ්මත් තෙමේ පසු ව මූලකම්මට්ඨානය සම්මර්ෂණය කොට අරහත් බව (ලබා) ගන්නෙමි යි එතෙක් පාසාදික කමටහන් ගෙන බුද්ධ - ධම්ම - සංඝ ගණය ආවර්ජනය කොට සිතේ ප්රසන්නතාව උපදවා සිත සිනහ ගන්වා, සතුට කරවා සිටින්නේ, එවිට එතුමාට මෙසේ සිතිණි. උපසංකමි මේ සමිද්ධි භික්ෂුව පාසාදික කමටහන ගෙන සිටියා සේ ය. යම් තාක් මූලකම්මට්ඨානය ගෙන අරහත් බව නො ලබා ද එතෙක් ඔහුට අනතුරක් කරන්නෙමැ යි පැමිණියේ ය. ගච්ඡ ත්වං බුදුන් වහන්සේ සකල ජම්බුද්වීපය අවලෝකනය කරන සේක්, ඒ ස්ථානයේ දී ම එහුට කමටහන සැප ඇත්තක් වන්නේ යයි දුටු සේක. එහෙයින් මෙසේ කී සේක. සතිපඤ්ඤා ච මෙ බුද්ධා මා විසින් - මට - සිහියත් ප්රඥාවත් දන්නා ලදි. කරස්සු රූපානි බොහෝ බිය ජනක රූප කරව. නෙව මං ව්යාධයිස්සසි මා “වෙධයිස්සසි” නො පෙළව, කම්පා නො කරව”
3. ගොධික සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි - ඉසිගිලිපස්සෙ ඉසිගිලි නම් පර්වතයේ පැත්තක, කාළසිලායං කළුවන් ගල්තලාවෙහි. සාමයිකං චෙතො විමුත්තිං අර්පණය කරන කරන මොහොතෙහි ප්රත්යනීක (සතුරු) ධර්මවලින් මිදෙයි. ආරම්මණයෙහි ද මැනවින් අලවති යි ලෞකික සමාපත්තිය “සාමයික චෙතො විමුත්ති” නමි. ඵුසී ලැබී ය. පරිහායී (පිරිහුනේ ය.) කුමක් නිසා සය වැන්න දක්වා පිරිහුනේ ද? ආබාධ සහිත බැවිනි. තෙරුන්ට වා-පිත්-සෙම් වශයෙන් අනුසායික ආබාධයක් ඇත. එය සමාධියට හිතකර උපකාරක ධර්ම පිරීමට නො සමත් වෙයි. අර්පණය කරන කරන සමාපත්තියෙන් පිරිහෙයි.
යන්නූනාහං සත්ථං ආහරෙය්යං හෙතෙමේ මෙසේ සිතී ය: යම් හෙයකින් පිරිහුණු ධ්යාන සහිත ව කාලක්රියා කරන්නා හට නිශ්චිත නො වූ (භව) ගමන් වේ ද, නො පිරිහුණු ධ්යාන ඇත්තා හට නිසැක නිශ්චිත (භව) ගමන් වේ ද, බ්රහ්ම ලෝකයෙහි උපදින්නේ ද, එහෙයින් ආයුධයක් (අතට) ගැනීමට කැමති විය. උපසඞ්කමි මේ ශ්රමණ තෙම ආයුධයක් ගැනීමට කැමැත්තේ (වේ), ආයුධ ගැනීම යන මෙය ද සිරුර ගැනත් ජීවිතය ගැනත් අපේක්ෂාවක් නැත්තේ වේ ද හේ මූලකම්මට්ඨානය සම්මර්ෂණය කොට අරහත් බව ලැබීමට පවා සමත් වේ. මා විසින් වළක්වන ලද්දේ වුව ද මොහු නො නවතින්නේ යයි ද ශාස්තෲන් වහන්සේ විසින් වළක්වන ලදහොත් නවතින්නේ යයි ද තෙරුන්ට හිතවත් කෙනෙකු මෙන් වී, භාග්යවතුන් වහන්සේ යම් තැනක ද එහි පැමිණියේ ය.
ජලං බැබළෙන, පාදෙ වන්දාමි චක්ඛුමා පසැස් ඇත්තා වූ බුදුන් වහන්ස, ඔබගේ පා වඳිමි. ජුතින්ධරා ආනුභාව දරන්නාණෙනි, අප්පත්තමානසො අරහත් බවට නො පැමිණි තැනැත්තේ සෙඛො ශීලාදිය හදාරමින් හික්මෙන්නේ (අරහත් බවට) තවත් කළ යුතු දේ ඇත්තේ ජනෙසුතා ජනයා අතර ප්රසිද්ධ වූවනි. සත්ථං ආහරිතං හොති තෙරණුවෝ මේ ජීවිතයෙන් මට කිම? යි උඩුකුරු ව හිඳ ආයුධයෙන් ගලනාළය (ගෙළ) සින්දේ ය. දුක් වේදනා හට ගැනිණි. තෙරණුවෝ වේදනාව යටපත් කොට ඒ වේදනාව ම අල්ලා ගෙන සිහිය උපදවා මූලකම්මට්ඨානය සම්මර්ෂණය කරන්නාහු අර්හත් බවට පැමිණ සමසීසී වී පිරිනිවන් පෑහ. “සමසීසී” නම් ත්රිවිධ ය: ඉරියාපථසමසීසී, රෝග සමසීසි, ජීවිතසමසීසි යනුවෙනි.
එහි යමෙක් සිටීම් ආදී ඉරියව්වලින් එකක් අධිෂ්ඨාන කොට මෙය අවුල් නො කොට ම අර්හත් බවට පැමිණෙන්නෙමි යි විදර්ශනාව පිහිටුවයි. එවිට ඔහුට අර්හත් භාවයට පත්වීමත් ඉරියව් වෙනස් කිරීමත් එක පැහැර සිදු වේ. මෙය ‘ඉරියාපථ සමසීසී’ නමි. යමෙක් චක්ෂු රෝග ආදියෙහි එකක් ඇති කල්හි මෙයින් නො නැගිට ම අර්හත් බවට පත්වන්නෙමි යි විදර්ශනාව පිහිටුවයි. ඉක්බිති ඔහු අර්හත් බවට පත්වීමත් රෝගයෙන් නැගී සිටීමත් එක පැහැර සිදු වේ. මෙය ‘රෝගසමසීසී’ නමි. සමහරු ඒ ඉරියව්වෙහි ම ඒ රෝගයෙහි ම සිටියදී (වන) පරිනිර්වාණය වශයෙන් සමසීසී භාවය දක්වා ලති. යමෙකුට ආශ්රවයන්ගේ ක්ෂයවීමත් ජීවිතක්ෂයත් එක පැහැර සිදු වේ ද මෙය ‘ජීවිත සමසීසී’ නමි. එය කියන ලද්දේ ම ය. “යස්ස පුග්ගලස්ස අපුබ්බං අචරිමං ආසවපරියාදානඤ්ච හොති ජීවිත පරියාදානඤ්ච අයං වුච්චති පුග්ගලො සමසීසී (යම් පුද්ගලයෙකුට පෙර නො වීත් පසු නො වීත් ආශ්රව අවසානයත් ජීවිත අවසානයත් වේ ද, ඔහු සමසීසී පුද්ගලයා’යි කියනු ලැබේ.)