4. පඨමපාස සූත්‍ර වර්ණනාව
සිවු වැන්නේ - යොනිසො මනසිකාරා උපාය මනසිකාරයෙන්, යොනිසො සම්මප්පධානා උපාය වීර්යයෙන්, කාරණ වීර්යයෙන්, විමුත්ති අරහත් ඵල විමුක්තිය. අජ්ඣභාසි මේ තෙමේ තමන් විසින් ම වීර්ය කොට අරහත් භාවයට පත් වුව ද සෑහීමකට පත් නො වේ. දැන් අන්‍යයන්ට ද ‘පැමිණෙවු’ යයි උත්සාහ කරවයි. ඔහු වළක්වන්නෙමි යි සිතා පැවසී ය.
මාරපාසෙන කෙළෙස් රැහැණින්; යෙ දිබ්බා යෙ ච මානුසා දිව්‍යමය කාමගුණ සංඛ්‍යාත වූ හා මානුෂ කාමගුණ සංඛ්‍යාත වූ යම් මාර බන්ධන කෙනෙක් වෙත් ද, ඒ සියල්ලෙන් තොප බඳනා ලද්දෙහි ය. මාරබන්ධන බද්ධොසි මාර බන්ධනයෙන් බැඳුනේ, මාර බන්ධනයෙහි බැඳුනේ හෝ, න මෙ සමණ මොක්ඛසි ශ්‍රමණය, ඔබ මාගේ ආධිපත්‍යයෙන් නො මිදෙන්නෙහි ය.
සිවු වැනි සූත්‍රය යි.
5. දුතියපාස සූත්‍ර වර්ණනාව
පස් වැන්නෙහි - මුත්තොහං ‘මුත්තො අහං’ (මම මිදුනෙමි). මුලින් එන සූත්‍රය වස් විසීම අතරතුර දේශනා කරන ලදි. මෙය පවාරණය කොට වස් විසීම අවසන් කර ඇති කල්හි (කරන ලදි); චාරිකං පිළිවෙලින් ගමනින් කරන චාරිකාව ය. දිවා කාලයේ වැඩි ම වුණොත් යොදුනක් යන්නාහු චාරිකාවේ යෙදෙව් යි කියයි. මා එකෙන ද්වෙ එක් මඟකින් දෙදෙනෙක් නො වේ. එසේ ගිය කල්හි එක් අයකු දහම් දෙසන කල්හි අනිත් තැනැත්තා නිහඬ ව සිටිය යුතු වේ. එහෙයින් මෙසේ වදාළ සේක.
ආදිකල්යාණං මුල දී ම කල්‍යාණ, සුන්දර, භද්‍ර වූ එසේ මධ්‍යම, අවසාන කොටස්වල දී (ද); ආදි මධ්‍යම පරියොසාන නම් වූ මෙය ශාසනය හා දේශනය වශයෙන් දෙයාකාර ය. එහි ශාසනයේ සීලය ආදි ය, සමථ විපස්සනා මාර්ගය මධ්‍ය ය. ඵල නිර්වාණය පරියෝසානය (කෙළවර) ය. සීල සමාධි විපස්සනා හෝ ආදි ය, මාර්ගය මධ්‍ය ය. ඵල හා නිර්වාණය පරියෝසානය ය. දේශනාවෙහි පාද සතරක් ඇති ගාථාවේ මුල් ම පාදය මුල ය. දෙවන තුන් වන (පාද) මැද ය. සිවු වැන්න අග ය. පාද පහක් හෝ හයක් ඇති ගාථාවක පළමු පාදය ‘ආදි’ ය, අවසන් පාදය ‘පරියෝසාන’ ය, ඉතිරිය ‘මධ්‍ය’ ය. ඒකානුසන්ධික සූත්‍රයක නිදානය ආදි ය. ‘ඉදමවොච’ ආදිය ‘පරියෝසාන’ ය, ඉතිරි කොටස ‘මධ්‍ය’ ය. ඒකානුසන්ධික නො වූ (සූත්‍රයක) ය, නිදානය ‘ආදි’ ය, ඉදමවොච ආදිය ‘පරියෝසානය’ ය.
සාත්ථං අර්ථ සහිත කොට දෙසනු මැනවි, සබ්යඤ්ජනං ව්යඤ්ජනවලිනුත් පදවලිනුත් සම්පූර්ණ කොට බබළවන්නේ ය. කෙවලපරිපුණ්ණං සහමුලින් ම සම්පූර්ණ වූ, පරිසුද්ධං උපක්ලේශ රහිත වූ බ්රහ්මචරියං ත්රිශික්ෂාව අඩංගු ශාසන බ්‍රහ්මචර්යාව යි. පකාසෙථ ප්‍රකාශ කරනු මැනවි.
අප්පරජක්ඛජාතිකා ප්‍රඥා චක්ෂුවෙහි අල්ප වූ කෙළෙස් දූවිලි ස්වභාවය, දුහුල් කඩතුරාවකින් වැසුනාක් මෙන් පාද සතරකින් යුත් ගාථාවක අවසානයේ රහත් බවට පත් වීමට සමත් සත්ත්වයෝ වෙති යන අරුත යි. අස්සවණතා නො ඇසීම හේතුවෙන් පරිහායන්ති අලාභ පරිහානියෙන් ධර්මයෙන් පිරිහෙත්. සෙනානිනිගමො ප්‍රථම යුගයේ සේනාව නැවතී ලද ඉඩෙහි පිහිටි ගම, සුජාතාවගේ පියාගේ සේනානී නම් නියම්ගමට හෝ; තෙනුපසඞ්කමි මම ඔබලා පොළඹවා පිරිවෙන් ආදිය කරවා උපස්ථායක ආදීන් විසින් සේවනය කරනු ලබමින් නො වසන්නෙමි. ජටිලයන් තිදෙනා හට ප්රාතිහාර්ය තුන් දහස් පන්සියයක් දක්වා ධර්මය ම දෙසීමට පැමිණි සේක. තෙනුපසඞ්කමි මේ ශ්‍රමණ ගෞතමයෝ මහා යුද්ධයක් මෙහෙයවන්නකු මෙන් එක මගකින් දෙදෙනකු නො යව්, දහම් දෙසව් යි හැට දෙනෙකු පොළඹවන සේක. මේ එක ම දහම් දේශනා කිරීමක දී වත් මට චිත්තාස්වාදයක් (සිතේ සතුටක්) නැත, මෙසේ බොහෝ සේ දෙසද්දී කොතැනින් ඇති වන්නේ ද, ඔහු වළක්වා ලන්නෙමි යි සිතා අසළට පැමිණියේ ය.
පස් වැනි සූත්‍රය යි.
6. සප්ප සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - සොණ්ඩිකාකිලඤ්ජං සුරා සාදන්නන්ගේ (රා පෙරන) මටුලු කස්සක් කොසලිකා කංසපාති කෝසල රජුගේ රිය සක ප්‍රමාණ වූ පරිභෝග පාත්‍රය (තළිය) ගලාගලායන්තෙ ගර්ජනය කරද්දී කම්මාරගග්ගරියා කම්මල්කරුගේ (නවම්දන්නාගේ) ලිප් (උදුන්) බටයෙන් (මයින හමෙන්) ධමමානාය එහි වාතයෙන් පිරෙන කල්හි ඉති විදිත්වා ශ්‍රමණ ගෞතමයන් දැහැනට යොමු වූයේ, සුවසේ සිටින්නේ, ඔහු ගටන්නෙමි යි කියන ලද පරිදි ශරීරයක් මවා දැහැන් වඩන භූමියෙහි ඒ මේ අතර සැරිසරනු විදුලිය ආලෝකයෙන් දැක මේ සත්ත්වයා කවරෙක් දැයි විමසන්නේ ‘මේ මාරයා’ යි මෙසේ දැන,
සුඤ්ඤගෙහානි හිස් ගෙවල සෙය්යා සැතපීම පිණිස සිටින්නෙිම, සක්මන් කරන්නෙමි, හිඳ ගන්නෙමි, සැතපෙන්නෙමි යි මේ අරමුණු පිණිස යමෙක් හිස් ගෙවල් පාවිච්චි කරයි ද යනු අරුත යි. සො මුනි අත්තසංයතො ඒ බුදු මුනිවරයා අත් පාවල නරක හැසිරීමක් නොමැති බැවින් සංයම තත්ත්වයට පත් වූයේ වොස්සජ්ජ චරෙය්ය තත්ථ සො, හේ ඒ ආත්මභාවය කෙරෙහි ඇලීම - තෘෂ්ණාව - හැර දමා සැරිසරන්නේ ය. පතිරූපං හි තථාවිධස්ස තං එසේ සිටි බුදු මුනිවරයාගේ ආත්මභාවයෙහි ඒ තෘෂ්ණාව හැර දමා (කෙරෙන) හැසිරීම නම් සුදුසු ය, යුතු ය, යෝග්‍ය ය.