5. පබ්බතූපම සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - මුද්ධාවසිත්තානං ක්ෂත්‍රිය අභිෂේකයෙන් හිස මත පැන් වත් කරනු ලැබූ, අභිෂේක කරන ලද, කාමගෙධ පරියුට්ඨිතානං කාමයන්හි ගිජු බවින් වෙළුණු, මැඩ පැවැත්වුණු, ජනපදත්‍ථාවරියපත්තානං ජනපදයෙහි ස්ථිර බවට පත්වූ, රාජකරණීයානි රජුගේ කටයුතු, රජුන් විසින් කළ යුතු කටයුතු, තෙස්වාහං ‘තෙසු අහං’ (ඒවාහි මම), උස්සුක්කං ආපන්නො ව්‍යාපාරයට පැමිණියේ (උත්සුක බවට පැමිණියේ). මේ රජතුමා දිනකට තෙවරක් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන සඳහා යයි. අතරතුර ගමන් ද බොහෝ වේ. නිබඳ ව යන ඔමුගේ සේනාව මහත් ද වේ. සුළු වෙත් ද වේ. එක් දිනක පන් සියය්ක සොරු (මෙසේ) කතිකා කරගත්හ; “මේ රජතුමා අවේලාවේ සුළු සෙනඟක් සමඟ ශ්‍රමණ ගෞතමයන්ට උපස්ථාන කිරීම පිණිස යයි. අතරමග දී ඔහු අල්ලා ගෙන රාජ්‍යය ගන්නෙමු යි. ඔවුහු අතරමග අන්ධ වනයෙහි සැඟවී සිටියහ. රජවරු නම් මහා පුණ්‍යවන්තයෝ ය. ඉක්බිති ඔවුන් අතරින් ම එක් පුරුෂයෙක් නික්ම ගොස් රජුට දැන්වී ය. රජතුමා මහ සෙනඟක් ගෙන අන්ධ වනය වටලා ඒ සියලු දෙනා අල්ලා ගෙන අන්ධ වනයෙහි සිට නගර දොරටුව දක්වා මග පෙදෙස යම් සේ එකිනෙකා ඇසින් ඇස ගටා බලත් ද එසේ ආසන්න ලෙස උල් හිටවා උල්වල තැති ගැන්වී ය. ඒ අරභයා මෙසේ කී ය.
ඉක්බිති බුදුන් වහන්සේ (මෙසේ) සිතූහ: ඉදින් මහරජ, මා වැනි සම්මා සම්බුද්ධ කෙනෙකුන් ආසන්නයෙහි වාසය කරන කල්හි ඔබ විසින් මේ ආකාරයේ දරුණු ක්‍රියාවක් කරන ලද ද, ඔබ විසින් අයුක්තක් කරන ලදී යි මම කියන්නෙම් නම් එවිට මේ රජතුමා දුර්මුඛ ව තැති ගැන්වීමට නො හැකි වන්නේ යි ක්‍රමයෙන් ධර්මය ප්‍රකාශ කරන්නා වූ ම මට අවධානය යොමු කරන්නේ යයි ධර්ම දේශනාව ආරම්භ කරන සේක් තං කිං මඤ්ඤසි යි ආදිය වදාළ සේක.
එහි දී සද්ධායිකො ඇදහිය යුතු, යමෙකුගේ වචන ඔබ අදහන්නෙහි ද යන අර්ථ යි. පච්චයිකො ඊට ම සමාන වචනයකි, යමෙකුගේ වචන විශ්වාස කරහි ද යන අර්ථ යි. අබ්භසමං ආකාශය හා සමාන, නිප්පොඨෙන්තො ආගච්ඡති පෘථිවි තලයේ සිට අකණිටා බ්‍රහ්ම ලෝකය දක්වා සියලු සත්ත්වයන් තෙල් සිඳින උපකරණයෙහි තල පිටි කරමින් මෙන් පැමිණෙයි.
අඤ්ඤත්‍ර ධම්මචරියාය ධර්මචර්යාව හැර දමා වෙනත් කළ යුත්තක් නැත. ස්වාමීනි, දශ කුශලකර්මපථ සංඛ්‍යාත වූ ධර්මචර්යාව කළ යුත්තේ ය. සමචරියා ආදිය ඊට ම සමාන වචනයකි.
ආරොචෙමි පවසමි, පටිවෙදයාමි දන්වමි, අධිවත්තති යටත් කරයි (වසා සිටියි); හත්‍ථියුද්ධානි නාලාගිරි සමාන හේම (නම් ඇත්) කුලයට බඳු ඇතුන් පිට නැගී යුද කළ යුතු යුද්ධ, ගති ඵලයක්, විසයො අවකාශයක් (ඉඩක්), සමත් බවක් හෝ, ඒවායින් ජරාමරණ වැළැක්වීමට නො හැකි වේ. මන්තිනො මහාමත්තා ප්‍රඥා සම්පන්න වූ මහෞෂධ පණ්ඩිත විධුර පණ්ඩිත ආදීන් හා සමාන වූ මහා අමාත්‍යවරු භූමිගතං මහාලෝහ (රන්) කළ පුරවා බිම තබන ලද, වෙහාසට්ඨං හම් පසුම්බියක පුරවා තරාදි වළලු ආදියෙහි බහා මෙන් කොතක පුරවා තබන ලද, උපලාපෙතුං එකිනෙකා බිඳවීමට; යම් සේ මිනිසුන් දෙදෙනෙක් එක මග නොයෙත් ද, එසේ කිරීමට.
නභං ආහච්ච අහස පුරවා, එවං ජරා ච මච්චූ ච මේ පර්වත දෙක ම ගන්නා ලදි. රජුට දෙන උපදේශයෙහි සියලු යෞවනය විලෝපනය කරමින් ජරාව පැමිණේ. මෙසේ ජරා මරණ ව්‍යාධි විපත්ති යන මේ සතර ම පැමිණියේ ම ය. තස්මා යම් ලෙසකින් හස්ති යුද්ධ ආදියෙන් ජරා මරණ දිනා ගැනීමට නො හැක්කේ ද එහෙයින්; සද්ධං නිවෙසයෙ ශ්‍රද්ධාව ‘නිවෙසෙය්‍ය’ පිහිටු වන්නේ ය.
පස් වැනි සූත්‍රය යි.
මෙසේ කෝසල සංයුත්ත වර්ණනාව නිමියේ ය.
4. මාර සංයුත්තය
1. ආයු වර්ගය
1. තපොකම්ම සූත්‍ර වර්ණනාව
මාර සංයුත්තයෙහි පළමු වැන්නෙහි - උරුවෙලායං විහරති සර්වඥතා ඥානය ලැබුවාහු (බුදුහු) උරුවෙල් ගම ඇසුරු කොට වසන සේක. පඨමාභිසම්බුද්ධො සම්බුද්ධත්වයට පත් ව පළමු සත් සතිය තුළ දුක්කරකාරිකාය වසර හයක් කරන ලද දුෂ්කර ක්‍රියාවෙන්, මාරො පාපිමා තමාගේ බලය ඉක්මවීමට ඉදිරිපත් වන සත්ත්වයන් මරතියි = මාර; පාපයෙහි යොදවතියි හෝ තමා ම පවෙහි නියුක්ත වී ය යි = පාපිමා; ඔහුට කණ්හ (කෘෂ්ණ), අධිපති, වසවත්ති, අන්තක, නමුචි, පමත්ත බන්ධු ආදී වෙනත් බොහෝ නම් වේ. මෙහි නම් දෙකක් ම ගන්නා ලදි. උපසඞ්කමි “මේ ශ්‍රමණ ගෞතම තෙම මිදුනෙමි යි සිතයි, ඔහුට නො මිදුණු බව පවසන්නෙමැයි සිතා අසළට පැමිණියේ ය.