8. සක්කනමස්සන සූත්ර වර්ණනාව
අට වැන්නේ - පුථුදිසා සතර දිසා සතර අනුදිසා ද, භුම්මා භූමියෙහි වසන, චිරරත්තසමාහිතෙ උපචාර අර්පණාවලින් බොහෝ කලක් සමාධිගත වූ සිත් ඇති, වන්දෙ වඳිමි. බ්රහ්මචරියපරායණෙ වසර දහයක්, විස්සක්..... හැට වසරක් ම දිවි හිමියෙන් එක ම යහන්හි නිදන, එක ම වේලක් බුදින ආදි ශ්රේෂ්ඨ චර්යාවේ - බ්රහ්මචර්යාවේ - යෙදෙන යන අරුත යි; පුඤ්ඤකරා - සිවු පස දානය, කුසුම්භ සුමන මල් දම් ආදි පූජා, පහන් දහසක් දැල්වීම ආදී පින්කම් කරන සීලවන්තො උපාසකභාවයෙහි පිහිටා පඤ්ච ශීලයෙහි - දස ශීලයෙහිත් සමන්විත වූ හ. ධම්මෙන දාරං පොසෙන්ති උමං බිඳීම් ආදිය නො කොට ධාර්මික වූ ගොවිතැන - ගවපාලනය - වෙළඳාම ආදියෙන් දරු පවුල පෝෂණය කරති. පමුඛො රථමාරුහි දෙවියන් අතර ප්රමුඛයා, ශ්රේෂ්ඨයා, රථයට නැගුණේ ය.
අට වැනි සූත්රය යි.
9. දුතියසක්කනමස්සන සූත්ර වර්ණනාව
නව වැන්නේ - භගවන්තං නමස්සති උතුරු සළුව ඒකාංශ කොට දණ බිම ඇණ හිසෙහි ඇඳිලි බැඳ නමස්කාර කරයි. සො යක්ඛො ඒ ශක්රයා අනොමනාමං සියලු ගුණවල පහත් බවක් (අඩු බවක්) නැති හෙයින් සියලු ගුණ පිළිබඳ නිමිති කියන නම්වලින් ‘අනොමනාම’ වූ, අවිජ්ජාසමතික්කම චතුස්සත්යය වසා ලන සංසාර මූලක අවිද්යාව ඉක්මවීමෙන්, සෙඛා සප්ත ශෛක්ෂයෝ අපචයාරාමා සසර වට නැසීමෙහි ඇළුණු; සික්ඛරෙ හික්මෙත්.
නව වැනි සූත්රය යි.
10. තතියසක්කනමස්සන සූත්ර වර්ණනාව
දස වැන්නේ - අජ්ඣභාසි කුමක් නිසා ඔහු යළි යළිත් මෙසේ කියයි ද? සක් දෙවිඳුගේ ශබ්දය මධුර ය. දන්තාවරණය මැනවින් ස්පර්ශ වේ. කථා කරන විට ස්වර්ණ කිංකිණි ශබ්දය මෙන් නික්මෙයි. එය යළි යළිත් අසන්නට ලැබෙති යි පවසයි. පූතිදෙහසයා දුගඳ හමන මවගේ සිරුරේ හෝ තමාගේ ම සිරුරේ විසුරුවා ගෙන නිදන බැවින් “පූතිදෙහසයො” නිමුග්ගා කුණපෙස්වෙතෙ දස මසක් මව්කුස නම් වූ කුණපයෙහි ගැලුනාහු එතං නෙසං පිහයාමි ඔවුන්ගේ මේ (ගුණය) පතමි. න තෙසං කොට්ඨෙ ඔපෙන්ති ඔවුන් සතු ධාන්යයක් කොටුවක (අටුවක) නො දමත්. ඔවුනට ධාන්ය නැත. න කුම්භි සැළියක නො (දමත්.) න ඛලොපියං පැසක නො (දමත්), පරනිට්ඨිතමෙසානා අනුන් විසින් නිමවන ලද අන් ගෙවල උයන ලද භික්ෂාචාර ව්රත සොයන - ගවේෂණය කරන, තෙන මෙසේ පුදන ලද දෙයින් සුබ්බතානි දශ (වර්ෂයක්) සැට වර්ෂයක් වුව ද මැනවින් සමාදන් වූ සුන්දර ව්රත ඇත්තාහු,
මන්තිනො ධර්මය සජ්ඣායනය කරන්නෙමු. ධුතංග සමාදන් වන්නෙමු. අමෘතය වළඳන්නෙමු. ශ්රමණ ධර්මය කරන්නෙමු යි මෙසේ සුභාෂිත වචන කථා කරන්නාවූ. තුණ්හීභූතා සමඤ්චරා රාත්රි තුන් යාමයෙහි හෙණ හඬින් ඝෝෂා කරන ලද්දාක් මෙන් ධර්මය කථා කරතත් නිහඬ වූවාහු “සම ව හැසිරෙත් ම ය” නමි. මක් නිසා ද? නිරර්ථක වචන නො මැති හෙයිනි. පුථුමච්චා ච බොහෝ සත්ත්වයෝ ද උනුනුන්ට විරුද්ධයහ. අත්තදණ්ඩෙසු නිබ්බුතා අනුනට හිංසා කිරීම පිණිස දඬුගත් සත්ත්වයන් අතර නිවුණාහු, මුදාහළ - දඬු ඇති, සාදානෙසු අනාදානා ආදාන (ග්රහණ) සහිත සත්ත්වයන් අතර භවයෝනි ආදියෙහි එක කොටසක් හෝ නො ගත් බැවින් ‘අගහණ.’
දස වැනි සූත්රය යි.
3. සක්කපඤ්චකය
1. ඣත්වා සූත්ර වර්ණනාව
එකොළොස් වැන්න කියන ලද අර්ථ ම ය.
එකොළොස් වැනි සූත්රය යි.
2. දුබ්බණ්ණිය සූත්ර වර්ණනාව
දොළොස් වැන්නේ - දුබ්බණ්ණෙ දැවුණු කොටයක පාට ඇත්තේ, ඔකොටිමකො ඉතා මිටි - මහ උදරයක් ඇති. ආසනෙ පණ්ඩුකම්බල ශෛලාසනයෙහි කොධ භක්ඛො මෙය ශක්රයා විසින් ගන්නා ලද නම යි. හේ එක් රූපාවචර බ්රහ්මයෙකි. ශක්රයා ක්ෂාන්ති බලයෙන් සමන්විත යයි අසා විමසීම පිණිස පැමිණියේ ය. අවහිර කරනු ලැබූ යක්ෂයෝ මේ අයුරින් සංවිධානය වූ ආරක්ෂාස්ථානයට ඇතුළු වීමට නො හැකි වෙත්. උපසංකමි දෙවියන්ගේ (කථාව) අසා මොහු පරුෂ බවින් සොළවන්ට නො හැක. යටහත් පහත් ලෙස හා ක්ෂාන්තියෙහි සිට පන්නා දැමීමට හැකි වේ. එසේ පන්නා දැමීමට කැමති ව අසළට පැමිණියේ ය. අන්තරධායී ක්ෂාන්තියෙහි පිහිටා බලවත් සිතිවිල්ලක් සිතේ දරා ගෙන යටහත් බවින් යුතු ව බලා සිටි කල්හි අසුනෙහි සිටීමට නො හැකි වූයේ අතුරුදන් විය. නසූපහතචිත්තොම්හි මෙහි ‘සු’ යනු නිපාත මාත්රයකි. ‘න උපහත චිත්තොම්හි අහං - මම නසන ලද සිත් ඇත්තෙක් නො වෙමි. නාවත්තෙන සුවානයො ක්රෝධ ව්රතයෙන් පහසුවෙන් ගෙන ආ හැකි නො වේ. ක්රෝධ වසඟයෙහි පැවැත්මට නො හැක්කෙමි යි කියයි. න වො චිරාහං ‘වො’ නිපාත මාත්රයකි. මම බොහෝ කලක් නො කිපෙමි’ යි කියයි.
දොළොස් වැනි සූත්රය යි.
3. මායා සූත්ර වර්ණනාව
දහතුන් වැන්නෙහි - ආබාධිකො සෘෂි සමූහයා විසින් කරන ලද ශාපයෙන් හට ගත් ආබාධයෙන් පෙළුනේ, වාචෙහි මං ඉදින් මට සම්බරීමායාව උගන්වන්නෙහි නම් මම ද ඔබට පිළියම් කරන්නෙමි’යි කියයි. මා ඛො ත්වං මාරිස වාචෙසි සම්බරීමායාව නො මැති ව ශක්රයා අපට මෙතරම් බාධා කරයි, ඉදින් එය දන්නේ නම් අප විනාසයි. තමන්ගේ තනි අරමුණ අදෙසා අප නො නසනු යි කියා වැළැක්වූහ. සම්බරො ච සතං සමං මායාකාරී සම්බර අසුරිඳු මායාව යොදා ගෙන සියක් වසක් නිරයේ පැසුනේ ය. එසේ පැසෙයි. ඔබතුමා ධාර්මිකයෙක් ම ය. ඔබට මායාවෙන් කම් නැත’යි කියයි. කිම ශක්රයා ඔහුගේ ක්රෝධයට පිළියම් කිරීමට හැක්කේ ද? හැකි ය. කෙසේ ද? එදා ඒ සෘෂි සමූහයා වසත් ම ය. ඔහු ඒ සෘෂිවරුන් සමීපයට ගෙන ගොස් සමා කරවත් නම් එලෙස ඔහුට පහසු බව (සැනසුම) ඇති වෙයි. එයින් රැවටුණු බැවින් එසේ නො කොට නික්ම ගියේ ම ය.
දහතුන් වැනි සූත්රය යි.