6. යජමාන සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - යජමානානං යාග කරන්නාවූ, එකල්හි අංග - මගධ - වාසි මිනිස්සු අවුරුදු පතා ගිතෙල් මී පැණි ආදියේ අග්‍ර කොටස ගෙන එක් තැනක දර කරත්ත හැටක් පමණ රැස් කර ගිනි අවුළුවා දැල්වෙන විට මහාබ්‍රහ්මයාට යාග කරමු යි ඒ සියල්ල දමත්, එක වරක් දැමුයේ සිය දහස් ගුණයෙන් පල දෙයි යනු ඔවුන්ගේ ඇදහීම යි.
සක් දෙව් රජ “මේ සියලු ම අග්‍ර දේ ගෙන මහා බ්‍රහ්මයාට යාග කරමු යි ගින්නේ දවා ලත්. නිෂ්ඵල දෙයක් කරත්, මා දැක දැකත් නො නැසෙත්වා’ යම් සේ බුදුන් වහන්සේටත් මහා සංඝයාටත් (දන්) දී බොහෝ පින් උපදවත් ද එසේ කරන්නෙමි යි දර රැසක් දල්වා මිනිසුන් බලා සිටියදී පසළොස්වක දින බ්‍රහ්මාත්ම භාවය මවා මහජනයා බලා සිටියදී ම සඳමඬල පළා ගෙන නික්මෙන්නාක් මෙන් සිටියේ ය. මහජනයා (මෙය) දැක “මේ යාගය පිළිගැනීමට මහා බ්‍රහ්මයා පැමිණෙයි” යි දණහිස්වලින් බිම හිඳගෙන ඇඳිළි බැඳ නමස්කාර කරමින් සිටියෝ ය. බ්‍රාහ්මණයෝ කීහ: “අපි තර්කයෙන් (තර්කානුකූල ව) කථා කරමු’යි සිතන්නෙහි ය. දැන් බලනු මැනවි. අපගේ මේ බ්‍රහ්මයා සියතින් යඥය පිළිගැනීමට පැමිණෙයි,” ශක්‍රයා පැමිණ දර සෑය මත අහසෙහි සිට මේ සත්කාරය කාට දැයි විමසී ය. “ස්වාමීනි, ඔබ වහන්සේට ය. අපගේ යඥය පිළිගන්නා සේක්වා’යි. “එසේ නම් එනු මැනවි, මහ තරාදිය අත හැර අතින් කිරහු ද? මේ බුදුන් වහන්සේ ධුරවිහාරයෙහි (අසළ පන්සලෙහි) වසන සේක. කවුරුන් හට දෙන ලද්ද මහත් ඵල වේ දැයි උන්වහන්සේගෙන් විමසන්නෙමු යි දෙරට වැසියන් ගෙන බුදුන් වහන්සේ සමීපයට ගොස් විමසන්නේ මෙසේ කී ය.
එහි පුඤ්ඤපෙක්ඛානං - පින් කැමතිවන්නාවූ, පින් බලාපොරොත්තු වන්නාවූ; ඔපධිකං පුඤ්ඤං උපධි විපාක පින. සංඝෙ දින්නං මහප්ඵලං ආර්ය සංඝයා කෙරෙහි දෙන ලද්ද විපාක ඵල මහත් වෙයි. දේශනාවසානයෙහි අසූහාර දහසක් සත්ත්වයෝ අමෘත පානය බීවෝ ය. එතැන් පටන් මිනිස්සු අග්‍රදාන භික්ෂු සංඝයාට දුන්හ.
සය වැනි සූත්‍රය යි.
7. වන්දනා සූත්‍ර වර්ණනාව
සත් වැන්නේ - උට්ඨෙහි නැගී සිටිනු මැනවි, ගැටෙනු මැනවි, වෑයම් කරනු මැනවි. විජිතසංගාම රාගාදියත්, දොළොස් යොදුන් ප්‍රමාණ මාර බලයත් දිනූ හෙයින් භාග්‍යවතුන් වහන්සේට මෙසේ ආමන්ත්‍රණය කරයි. පන්නභාර බහා තබන ලද ස්කන්ධ - ක්ලේශ - අභිසංඛාර බර ඇත්තවුන් වහන්ස, පණ්ණරසාය රත්තිං පසළොස්වක පූර්ණිමා රාත්‍රියෙහි.
සත් වැනි සූත්‍රය යි.
8. සක්කනමස්සන සූත්‍ර වර්ණනාව
අට වැන්නේ - පුථුදිසා සතර දිසා සතර අනුදිසා ද, භුම්මා භූමියෙහි වසන, චිරරත්තසමාහිතෙ උපචාර අර්පණාවලින් බොහෝ කලක් සමාධිගත වූ සිත් ඇති, වන්දෙ වඳිමි. බ්රහ්මචරියපරායණෙ වසර දහයක්, විස්සක්..... හැට වසරක් ම දිවි හිමියෙන් එක ම යහන්හි නිදන, එක ම වේලක් බුදින ආදි ශ්‍රේෂ්ඨ චර්යාවේ - බ්‍රහ්මචර්යාවේ - යෙදෙන යන අරුත යි; පුඤ්ඤකරා - සිවු පස දානය, කුසුම්භ සුමන මල් දම් ආදි පූජා, පහන් දහසක් දැල්වීම ආදී පින්කම් කරන සීලවන්තො උපාසකභාවයෙහි පිහිටා පඤ්ච ශීලයෙහි - දස ශීලයෙහිත් සමන්විත වූ හ. ධම්මෙන දාරං පොසෙන්ති උමං බිඳීම් ආදිය නො කොට ධාර්මික වූ ගොවිතැන - ගවපාලනය - වෙළඳාම ආදියෙන් දරු පවුල පෝෂණය කරති. පමුඛො රථමාරුහි දෙවියන් අතර ප්‍රමුඛයා, ශ්‍රේෂ්ඨයා, රථයට නැගුණේ ය.
අට වැනි සූත්‍රය යි.
9. දුතියසක්කනමස්සන සූත්‍ර වර්ණනාව
නව වැන්නේ - භගවන්තං නමස්සති උතුරු සළුව ඒකාංශ කොට දණ බිම ඇණ හිසෙහි ඇඳිලි බැඳ නමස්කාර කරයි. සො යක්ඛො ඒ ශක්‍රයා අනොමනාමං සියලු ගුණවල පහත් බවක් (අඩු බවක්) නැති හෙයින් සියලු ගුණ පිළිබඳ නිමිති කියන නම්වලින් ‘අනොමනාම’ වූ, අවිජ්ජාසමතික්කම චතුස්සත්‍යය වසා ලන සංසාර මූලක අවිද්‍යාව ඉක්මවීමෙන්, සෙඛා සප්ත ශෛක්ෂයෝ අපචයාරාමා සසර වට නැසීමෙහි ඇළුණු; සික්ඛරෙ හික්මෙත්.
නව වැනි සූත්‍රය යි.
10. තතියසක්කනමස්සන සූත්‍ර වර්ණනාව
දස වැන්නේ - අජ්ඣභාසි කුමක් නිසා ඔහු යළි යළිත් මෙසේ කියයි ද? සක් දෙවිඳුගේ ශබ්දය මධුර ය. දන්තාවරණය මැනවින් ස්පර්ශ වේ. කථා කරන විට ස්වර්ණ කිංකිණි ශබ්දය මෙන් නික්මෙයි. එය යළි යළිත් අසන්නට ලැබෙති යි පවසයි. පූතිදෙහසයා දුගඳ හමන මවගේ සිරුරේ හෝ තමාගේ ම සිරුරේ විසුරුවා ගෙන නිදන බැවින් “පූතිදෙහසයො” නිමුග්ගා කුණපෙස්වෙතෙ දස මසක් මව්කුස නම් වූ කුණපයෙහි ගැලුනාහු එතං නෙසං පිහයාමි ඔවුන්ගේ මේ (ගුණය) පතමි. න තෙසං කොට්ඨෙ ඔපෙන්ති ඔවුන් සතු ධාන්‍යයක් කොටුවක (අටුවක) නො දමත්. ඔවුනට ධාන්‍ය නැත. න කුම්භි සැළියක නො (දමත්.) න ඛලොපියං පැසක නො (දමත්), පරනිට්ඨිතමෙසානා අනුන් විසින් නිමවන ලද අන් ගෙවල උයන ලද භික්ෂාචාර ව්‍රත සොයන - ගවේෂණය කරන, තෙන මෙසේ පුදන ලද දෙයින් සුබ්බතානි දශ (වර්ෂයක්) සැට වර්ෂයක් වුව ද මැනවින් සමාදන් වූ සුන්දර ව්‍රත ඇත්තාහු,