4. දළිද්ද සූත්‍ර වර්ණනාව
සිවු වැන්නේ - මනුස්සදළිද්දො මනුෂ්‍ය දුප්පතෙක්, මනුස්ස කපණො මිනිස් කරුණාවට පාත්‍ර වූවෙක්, මනුස්සවරාකො මිනිස් නිවටයෙක්, තත්ර එම ස්ථානයෙහි, ඒ ‘අතිරෝචනයෙහි’ (ඉක්මවා බැබලීමෙහි) හෝ, උජ්ඣායන්ති අවඥා කරත්, පහත් කොට සිතත්, ඛීයන්ති කථා කරත්. ප්‍රකාශ කරත්, විපාචෙන්ති ඒ ඒ තැන කථා කරත්, විස්තර කරත්, එසො ඛො මාරිස (පින්වත්නි, මෙ තෙමේ), එහි අනුපූර්ව කථාව මෙය යි -
හේ බුද්ධෝත්පාද නො වූ කාලයක කසී රට බරණැස් රජු වී ඔසවන ලද ධජ පතාක ආදි නානා අලංකාරවලින් මැනවින් අලංකාර කරන ලද නගරය පැදකුණු කළේ ය. තමාගේ සිරි සම්පතින් ආකර්ෂණය කරන ලද නෙතින් යුතු ජනකාය විසින් බලනු ලබමිනි. එ සමයෙහි ශාන්ත වූ ඉන්ද්රියයන් ඇති, ශාන්ත වූ මනස ඇති, උත්තම දමථයෙන් සමන්නාගත වූ එක් පසේබුදු වරයෙක් ගන්ධමාදන පර්වතයේ සිට පැමිණ එම නගරයෙහි පිඬු පිණිස හැසිරෙති. මහ ජනයා ද රජකුට දක්වන ගරු බුහුමන් හැර දමා පසේ බුදුන් දෙස ම බලා සිටියහ. රජතුමා දැන් මේ ජනකාය අතර එකෙකු හෝ මා දෙස නො බලයි. මේ කිමෙක් දැයි බලන්නේ පසේ බුදුවරයා දුටුවේ ය. උන්වහන්සේ ද පසේ බුදුවරයෙකි. මහලු කෙනෙක් වෙති, පශ්චිම වයසේ සිටින සේක. උන්වහන්සේගේ සිවුරු ද පරණ ය. තැනිත් තැනින් නූල් ගැලවෙයි. ශත සහස්‍රයකට අධික අසංඛ්‍ය දෙකක් පාරමී පිරූ පසේබුදුවරයන් වහන්සේ දැක රජුගේ සිතේ පැහැදීම් මාත්‍රයක් හෝ අත දිගු කර වැඳීම් මාත්‍රයක් හෝ නො වී ය. ඒ රජු පැවිද්දෙකි යි සිතමි. මොහු ඊර්ෂ්‍යාවෙන් මා දෙස නො බලති යි කිපී සිවුර පොරවා ගත් මේ කුෂ්ටයා කවුදැයි කෙළ ගසා පිට ව ගියේ ය. ඒ කර්මයේ විපාක වශයෙන් මහ නිරයේ ඉපදී විපාක ඉතිරියෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණෙමින් රජගහ නුවර ඉතා ම දිළිඳු ස්ත්‍රියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ය. (පිළිසිඳ) ගත් කල පටන් ඒ ස්ත්‍රිය කැඳක් පමණ වත් කුස පිරෙන ආහාරයක් නො ලැබුවා ය. කුසට පිවිසි ඔහුගේ කන් නාසා ගිලී ගියේ ය. හක් ගෙඩි මෙන් පැසුණු කුෂ්ඨ සහිත වී මව් කුසින් නික්මෙන්නේ; මවුපියෝ නම් ඉමහත් හිරිහැරයට පත් වන්නෝ වෙත්. එහෙයින් ඔහුගේ මව කබලක් ගෙන ඇවිදීමට නො හැකි තාක් කල් ඔහුට කැඳත් වතුරත් ගෙනැවිත් දුන්නා ය. කෑම සොයා යාමට හැකි කාලයෙහි ඔහුට කබලක් අතට දී තමාගේ ක්‍රියාවෙන් දැනගන්නෙහි’යි කියා ගියා ය.
ඉක්බිති එතැන් පටන් ඔහුගේ මුළු ශරීරයෙන් ම මස් සිඳී සිඳී වැටේ. ඉස්ම බේරෙයි, මහා වේදනා පවතී, යම් යම් වීදියක් ඇසුරු කොට නිදයි ද, මුළු රෑ මහ හඬින් හඬයි. ඔහුගේ කරුණා විලාප ශබ්දයෙන් මුළු වීදියේ මිනිස්සු රාත්‍රිය පුරා නින්දක් නො ලබති. ඔහුට එතැන් පටන් සැපට නිදා අවදිවෙතියි “සුප්පබුද්ධ” යනුවෙන් නමක් ඇති විය. ඉන් පසු කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වැඩම කළ කල්හි නගර වැසියෝ උන්වහන්සේට ආරාධනය කොට නගරය මැද මණ්ඩපයක් තනා දන් දුන්හ. සුප්රබුද්ධ කුෂ්ඨයා ද ගොස් දන් දෙන මණ්ඩපය සමීපයේ හිඳගෙන සිටියේ ය.
නගර වැසියෝ බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයෙන් සංග්‍රහ කරන්නාහු ඔහුට ද කැඳ බත් දුන්හ. ප්‍රණීත භෝජන අනුභවකළ කල්හි ම ඔහුගේ සිත එකඟ විය. බුදුන් වහන්සේ බත්කිස අවසානයේ අනුමෝදන් කොට චතුස්සත්‍යය විදහා දැක්වූහ. සුප්පබුද්ධ සිටි තැන්හි ම සිටියේ දේශනානුසාරයෙන් ඤාණය මෙහෙයවා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. බුදුන් වහන්සේ නැගිට විහාරයට වැඩියහ. ඔහු ද දරණුව නංවා කබල ගෙන හැරමිටියේ එල්බ ගෙන තමන් වසන තැනට යන්නේ දඩාවතේ යන එළදෙනක විසින් දිවි තොර කරන ලද්දේ මැටි පාත්‍රය බිඳ රන් පාත්‍රයක් ලබන්නාක් මෙන් දෙවැනි චිත්තවාරයෙහි දෙව් ලොවෙහි උපන්නේ තමන්ගේ පින නිසා අන් දෙවියන් ඉක්මවා බැබළුණේ ය. ඒ කාරණය දක්වමින් සක් දෙවිඳු “එසො ඛො මාරිස” ආදිය පැවසී ය.
සද්ධා (ආර්ය) මාර්ගයෙන් ආ ශ්‍රද්ධාව සීලඤ්ච යස්ස කල්‍යාණං කල්‍යාණ ශීලය යනු ආර්ය ශ්‍රාවකයාගේ ආර්යකාන්ත ශීලය යි කියනු ලැබේ. එහි ආර්ය ශ්‍රාවකයාගේ අකාන්ත වූ එක ම ශීලයක් වත් නැතත්, මෙහි අර්ථයේ දී භවාන්තරයෙහි පවා ප්‍රහීණ නො වන පඤ්චශීලය අදහස් කෙරේ.
සතර වැනි සූත්‍රය යි.
5. රාමණෙය්‍යක සූත්‍ර වර්ණනාව
පස් වැන්නේ - ආරාමචෙත්යානි ‘ආරාමචෙතියානි’ (ආරාම චෛත්‍ය) වනචෙත්යානි ‘වනචෙතියානි’ (වන චෛත්‍ය) දෙතන්හි ම අර්ථයෙන් “චෙත්යං” (චෛත්‍ය යි) දත යුතු ය. මනුස්සරාමණෙය්යස්ස මනුෂ්යරමණීය භාවයෙන්, දැන් මනුෂ්‍ය රමණිය භාවය අනුව භූමි රමණීය භාවය දක්වන්නාහු ගාමෙ වා ආදිය පැවසූහ.
පස් වැනි සූත්‍රය යි.
6. යජමාන සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - යජමානානං යාග කරන්නාවූ, එකල්හි අංග - මගධ - වාසි මිනිස්සු අවුරුදු පතා ගිතෙල් මී පැණි ආදියේ අග්‍ර කොටස ගෙන එක් තැනක දර කරත්ත හැටක් පමණ රැස් කර ගිනි අවුළුවා දැල්වෙන විට මහාබ්‍රහ්මයාට යාග කරමු යි ඒ සියල්ල දමත්, එක වරක් දැමුයේ සිය දහස් ගුණයෙන් පල දෙයි යනු ඔවුන්ගේ ඇදහීම යි.
සක් දෙව් රජ “මේ සියලු ම අග්‍ර දේ ගෙන මහා බ්‍රහ්මයාට යාග කරමු යි ගින්නේ දවා ලත්. නිෂ්ඵල දෙයක් කරත්, මා දැක දැකත් නො නැසෙත්වා’ යම් සේ බුදුන් වහන්සේටත් මහා සංඝයාටත් (දන්) දී බොහෝ පින් උපදවත් ද එසේ කරන්නෙමි යි දර රැසක් දල්වා මිනිසුන් බලා සිටියදී පසළොස්වක දින බ්‍රහ්මාත්ම භාවය මවා මහජනයා බලා සිටියදී ම සඳමඬල පළා ගෙන නික්මෙන්නාක් මෙන් සිටියේ ය. මහජනයා (මෙය) දැක “මේ යාගය පිළිගැනීමට මහා බ්‍රහ්මයා පැමිණෙයි” යි දණහිස්වලින් බිම හිඳගෙන ඇඳිළි බැඳ නමස්කාර කරමින් සිටියෝ ය. බ්‍රාහ්මණයෝ කීහ: “අපි තර්කයෙන් (තර්කානුකූල ව) කථා කරමු’යි සිතන්නෙහි ය. දැන් බලනු මැනවි. අපගේ මේ බ්‍රහ්මයා සියතින් යඥය පිළිගැනීමට පැමිණෙයි,” ශක්‍රයා පැමිණ දර සෑය මත අහසෙහි සිට මේ සත්කාරය කාට දැයි විමසී ය. “ස්වාමීනි, ඔබ වහන්සේට ය. අපගේ යඥය පිළිගන්නා සේක්වා’යි. “එසේ නම් එනු මැනවි, මහ තරාදිය අත හැර අතින් කිරහු ද? මේ බුදුන් වහන්සේ ධුරවිහාරයෙහි (අසළ පන්සලෙහි) වසන සේක. කවුරුන් හට දෙන ලද්ද මහත් ඵල වේ දැයි උන්වහන්සේගෙන් විමසන්නෙමු යි දෙරට වැසියන් ගෙන බුදුන් වහන්සේ සමීපයට ගොස් විමසන්නේ මෙසේ කී ය.
එහි පුඤ්ඤපෙක්ඛානං - පින් කැමතිවන්නාවූ, පින් බලාපොරොත්තු වන්නාවූ; ඔපධිකං පුඤ්ඤං උපධි විපාක පින. සංඝෙ දින්නං මහප්ඵලං ආර්ය සංඝයා කෙරෙහි දෙන ලද්ද විපාක ඵල මහත් වෙයි. දේශනාවසානයෙහි අසූහාර දහසක් සත්ත්වයෝ අමෘත පානය බීවෝ ය. එතැන් පටන් මිනිස්සු අග්‍රදාන භික්ෂු සංඝයාට දුන්හ.
සය වැනි සූත්‍රය යි.