9. පජඡුන්නධීතු සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - පජ්ජුන්නස්ස ධීතා චාතුර් මහාරාජික වූ පර්ජුන්ය නම් වැස්සවළාහක දෙව් රජුගේ දූ, අභිවන්දෙ භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ පා නමදිමි. චක්ඛුමතා ඇස් පහකින් සමන්විත වූ තථාගතයන් වහන්සේ විසින්, ධම්මො අනුබද්ධො මෙය මා විසින් පෙර අනුන්ගෙන් හුදෙක් අසන ලද්දක් ම වීය යි කියයි. සාහං දානි ‘සා අහං ඉදානි’ (ඒ මම දැන්), සක්ඛී ජානාමි ප්‍රතිවේධ වහයෙන් ප්රත්යක්ෂයෙන් ම දනිමි. විගරහන්තා හීනාක්ෂර පදව්‍යංජන යි කියා හෝ අනය්යානික යි කියා හෝ මෙසේ ගරහන්නාහු රොරුවන්ති ‘රොරුව’ (රෞරව නිරය) දෙකකි. ධූම (දුම්) රෞරවය හා ජාල (ගිනි) රෞරව යනුවෙනි. ධූම රෞරවය වෙනස් එකකි, ජාල රෞරවය වූ කලී අවීචි මහා නරකයට ම නමකි. එහි සත්ත්වයෝ ගින්නෙහි දැවෙමින් දැවෙමින් යළි යළිත් ‘රවන්නි’ හඬ තලති. එහෙයින් එය ‘රෞරව’ යි කියනු ලැබේ. ඝොරං දරුණු ඛන්තියා උපසමෙන උපෙතා කැමති වී ක්ෂමා කරවා ග්‍රහණ ක්ෂාන්තියෙන් රාගාදියේ උපසමනයෙන් ද යුක්ත වූ යනු යි.
නව වැනි සූත්‍රය යි.
10. චුල්ලපජජුන්තධිතු සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - ධම්මඤ්ච ‘ච’ ශබ්දයෙන් සංඝයා ද යි මෙසේ රතන ත්‍රය නමදිමින් මෙහි පැමිණි’ යි කියයි. අත්ථවතී අර්ථවත් වූ බහුනාපි ඛො නං යම් දහමක් පැවසී ද ඒ ධර්මය බොහෝ ක්‍රමවලින් මම විභාග කොට දක්වන්නෙමි. තාදිසො ධම්මො මේ භාග්‍යවතුන් වහන්සේ එබඳු ය. ධර්මය (එබඳු) යයි පිහිටියේ, ප්‍රතිභාග සහිත වූයේ නොයෙක් ආකාරයෙන් දත යුතු වූවකැයි පෙන්වයි. ලපයිස්සාමි පවසන්නෙමි. යාවතා මෙ මනසා පරියත්තං යම් පමණකට මා විසින් මනසින් පර්යාප්ත (පුහුණු) කරන ලද ද එපමණකට එම දිනය නො කියා මී වදයක් මිරිකන්නී මෙන් මොහොතකින් ම ලුහුඬින් පවසන්නෙමි. ඉතිරිය පෙර කියන ලද පරිදි ම ය.
දස වැනි සූත්‍රය යි.
සිවු වැනි සතුල්ලපකායික වර්ගය යි.
5. ආදිත්ත වර්ගය
1. ආදිත්ත සූත්‍ර වර්ණනාව
ආදිත්‍ය වර්ගයේ පළමු වැන්නෙහි ජරාය මරණෙන ච මෙය දේශනා ශීර්ෂය යි. රාගාදි එකොළොස් ගිනිවලින් ලෝකය ගිනිගෙන ඇත්තේ ම ය. දානෙන දාන චේතනාවෙන්, දින්නං හොති සුනීහතං දාන පුණ්‍ය චේතනා වනාහි දායකයාට ම වේ. ගෙහිමියාගේ බැහැර කළ භාණ්ඩ මෙනි. එහෙයින් මෙය කියන ලදි. චොරා හරන්ති නො දෙන ලද භෝග සොරුත් ගෙන යති. රාජනොපි, අග්ගීපි ඩහති; තිබූ තැන ද නස්සති. අන්තෙන මරණයෙන් සරීරං සපරිග්ගහං ශරීරය ද සොරුන් ආදීන්ගෙන් නො නැසුණු භෝග ද, සග්ගමුපෙති වෙස්සන්තර මහරජු ආදීන් මෙන් ස්වර්ගයෙහි පහළ වන්නේ ය.
ප්‍රථම සූත්‍රය යි.
2. කිංදද සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි අන්නදො යම් සේ බොහෝ ශක්තිමත් පුද්ගලයකු වුව ද දෙතුන් වේලක් අහර නො ගෙන නැඟිට සිටීමට නො හැකි වන්නේ ද, එසේ ම දුර්වලයකු වී වුව ද, අනුභව කොට බලසම්පන්නයෙකු වන්නේ ද එහෙයින් අන්නදො බලදො යි කී ය. වත්ථදො යම් සේ සුරූපි කෙනකු වුව ද නො සරුප් ලෙස හැඳ ගත්තේ හෝ වස්ත්‍ර නැති ව සිටියේ හෝ විරූපි වෙයි ද, ගරහන ලද්දේ වෙයි ද, බැලීමට අපහසු වූයේ වෙයි ද, වස්ත්‍රයෙන් (සිරුර) වසන ලද්දේ දේව පුත්‍රයකු මෙන් බබළයි. එහෙයින් වත්ථදො හොති වණ්ණදො ය කී ය. යානදො හස්තියාන ආදිය දෙන්නා. ඒවා අතර,
න හත්ථියානං සමණස්ස කප්පති
න අස්සයානං න රථෙන යාතුං
ඉදඤ්ච යානං සමණස්ස කප්පති
උපාහනා රක්ඛතො සීලක්ඛන්ධං
න අස්සයානං න රථෙන යාතුං
ඉදඤ්ච යානං සමණස්ස කප්පති
උපාහනා රක්ඛතො සීලක්ඛන්ධං
(ශ්‍රමණයා හට හස්තියානය කැප නො වේ. අශ්ව යානය (ද කැප නො වේ.) රියෙන් යෑම (කැප නො වේ) ශීලස්කන්ධය රකින ශ්‍රමණයාට පාවහනින් යාම කැප ය.)
එහෙයින් කුඩ, පාවහන්, සැරයටිය ආදිය දෙන්නා; යමෙක් මාවත් පිරිසිදු කරයි ද, ඉණිමං සාදයි ද, පාළම් සාදයි ද, නැව් සකස් කරයි ද යන මේ සියල්ලෝ ‘යානදො’ නම් වෙත්. සුඛදො හොති යානයෙන් සුවය (පහසුව) ගෙන දෙන හෙයින් “සුඛදො” නම් වේ. චක්ඛුදො හොති අඳුරෙහි ඇස් ඇතියවුනට පවා රූප දැකීමක් නො වන හෙයින් දීපදො (පහන් පුදන්නා) චක්ඛුදො නම් වේ. අනුරුද්ධ තෙරුන් වහන්සේ මෙන් දිවැස් සම්පත් ද ලබයි.
සබ්බදදො හොති සියලු ම බල (ශක්තිය) ආදිය දෙන්නෙක් වේ. ගම් දෙක තුනක පිඬු පිණිස හැසිර කිසිවක් නො ලැබ ආපසු පැමිණියහුට වුව ද සිසිල් දිය පිරි විලක නා, සිටිනා තැනට පැමිණ මොහොතක් ඇඳෙහි සැතපී නැගී සිටින්නෙකුට සිරුරෙහි ශක්තිය ගෙන දෙන්නාක් මෙන් වෙයි. එළියේ හැසිරෙන්නෙකු සේ ශරීරයේ වර්ණය (පැහැය) සුළඟ අව්ව ආදියෙන් දැවෙයි. ගෙට පිවිස දොර වසා මොහොතක් සැතපුනේ විසභාගසන්තති (විවිධ අසම කොටස්) සංසිඳෙයි. සභාගසන්තති (සමාන කොටස්) ඇතුළු වෙයි. වර්ණය ගෙන හැර දෙන්නාක් මෙන් වෙයි. එළියෙහි ඇවිදින්නෙකුගේ පාදයෙහි කටුවක් ඇණෙයි. කණුවක හැපෙයි. සර්ප ආදි අනතුරු භය ද උපදී. ගෙට පිවිස දොර වසා සිටියහුට ඒ සියලු අනතුරු නො වන්නේ ය. සජ්ඣායනය කරන්නා (ඉගෙන ගන්නා) හට - ධර්ම ප්‍රීති සුඛ කර්මස්ථානය සිත්හි තබන්නා හට - සංසිඳීමේ සැපය ඇති වේ. එසේ ම බැහැර ඇවිදින්නාගේ දහඩිය ගලයි; ඇස් සෙලවෙයි. ශයනාසනයට පිවිසෙන මොහොතේ ළිඳට වැටුනා සේ වෙයි. ඇඳ පුටු ආදිය නො පෙනේ. මොහොතක් සිටියහුට චක්ෂු ප්‍රසාදය ගෙනැවිත් දැම්මා සේ වෙයි. දොර ජනෙල් ඇඳ පුටු ආදිය පෙනේ. එහෙයින් කියන ලදි. සොව සබ්බදදො හොති යො දදාති (යමෙක් ආවාස දෙයිද, හේ සියල්ල දෙන්නේ වෙයි) - උපස්සයං - ආවාස