(ලෝකයේ යම් විචිත්‍ර වූ (රූපාදි දේ) ඇත්ද ඒවා කාමයෝ ය; සංකල්පිත රාගය කාමය යි නො කියන්නෙහි ය. මනොරමණීය වූ රූප දක්නා ඔබගේ ශාස්තෘවරයා ද කාම භෝගියෙක් වන්නේ ය.
ශබ්දයන් අසමින් සුගන්ධයන් ආඝ්‍රාණය කරමින්, (විවිධ) රස විඳිමින්, මනරම් වූ ස්පර්ශයන් විඳිමින් ඔබගේ ශාස්තෘවරයා ද කාමභෝගී වන්නේ ය.)
අථෙත්‍ථ ධීරා ඉක්බිති පණ්ඩිතයෝ ඒ අරමුණුවල ඡන්‍දරාගය දුරු කරති. සංයොජනං සබ්බං දශවිධ වූ සංයෝජන, අකිඤ්චනං - රාග කිළුට ආදියෙන් තොර, නානුපතන්ති දුක්‍ඛා සංසාර දුක් ඔහු මත පතිත නොවේ.
ඉච්චායස්මා මොඝරාජා “පහාසි සංඛං” යන ගාථාව අසා ඒ පිරිසෙහි ගැලපීම්හි දක්ෂ වූ මෝඝරාජ නම් තෙරණුවෝ මේ ගාථාවේ අර්ථය යථා පරිදි ගලපා නො ගන්නා ලද්දේ යයි සිතා අනුසන්ධි පරිදි ගටන්නාහු මෙසේ කී සේක. එහි ඉධ වා හුරං වා මෙලොව හෝ පරලොව නරුත්තමං අත්‍ථචරං නරානං සියලු ආශ්‍රවයන් ප්‍රහීණ කළා වූ නරෝත්තමයන් මෙන් ම මිනිසුන්ට හිත වැඩ සලසන්නාහූ ද, තෙරුන් වහන්සේ බුදුන් වහන්සේ අරභයා මෙසේ පැවසූ සේක. යෙ තං නමස්සන්ති පසංසියො තෙ ඉදින් එසේ මිදුණු උන්වහන්සේට දෙව් මිනිස්සු ප්‍රතිපත්තියෙන් නමස්කාර කරත් ද එවිට යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට කයින් හෝ වචනයෙන් හෝ අනුප්‍රතිපත්තියෙන් හෝ නමස්කාර කරත් ද ඒ භික්‍ෂූහු පැසසිය යුත්තෝ ද? නැතහොත් නො පැසසිය යුත්තෝ ද? මෝඝරාජ යි තෙරුන් ආමන්ත්‍රණය කරයි. අඤ්ඤාය ධම්මං චතුස්සත්‍යය දැන සඞ්ගාතිකා තෙපි භවන්ති යම් කෙනෙක් කයින් හෝ වචනයෙන් හෝ අනුප්‍රතිපත්තියෙන් හෝ උන්වහන්සේට නමස්කාර කරත් ද ඔවුහු චතුස්සත්‍යය දැන විචිකිච්ඡාව හැර දමා ‘සංගාතිග’ (ඇලීම් ඉක්ම ගිය) වෙත්. පැසසිය යුත්තෝ ද වෙත්.
සිවු වැනි සූත්‍රය යි.
5. උජ්ඣානසඤඤී සූත්‍ර වර්ණනාව
පස් වැන්නෙහි - උජ්ඣානසඤ්ඤිකා “උජ්ඣානසඤ්ඤී” දේව ලෝකය යි විශේෂ වූවක් නම් නැත. මේ දේවතාවෝ තථාගතයන් වහන්සේගේ ප්‍රත්‍ය සතර පරිභෝගය අළලා නින්දා කරමින් පැමිණියහ. ඔවුනට මෙසේ සිතුවිල්ලක් ඇතිවිය: ශ්‍රමණ ගෞතමයෝ භික්‍ෂූන්ගේ පංශූකූල සිවුර පිඬු සිඟා ලත් බත, රුක් මුල්හි ශයනාසන ගවමුත්‍රාදී බෙහෙත යන මෙයින් (වන) සන්තෝෂය ම අවසානය කරන ලද්ද වර්ණනා කරති. තමා පත්තුණ්ණ රටෙහි දුහුල් කොම බවට පත්පිළියෙන් යුත් උසස් චීවර දරයි. රජවරුනට සුදුසු උතුම් බොජුන් වළඳයි. දෙව්විමන් බඳු ගඳකිළියෙහි උසස් යහනෙහි සයනය කරයි. ගිතෙල් වෙඬරු ආදි ඖෂධ පාවිච්චි කරයි. දහවල් කාලයේ මහජනයාට ධර්මය දේශනා කරයි. මොහුගේ වචන එක පැත්තක ය ක්‍රියා තව පැත්තක යි අවඥා කරමින් පැමිණියහ. එහෙයින් ඔවුනට ධර්ම සංග්‍රාහක තෙරුන් වහන්සේලා විසින් “උජ්ඣාන සඤ්ඤිකා” යන නම තබන ලදි.
අඤ්ඤථා සන්තං අනික් ආකාරයකට වූ, නිකච්චා - ‘නිකතියා’ වංචාවෙන් රැවටීමෙන්; වංචා කොට (රවටා) යන අර්ථ යි. කිතවස්සෙව ‘කිතව’ යනු ලිහිණි වැද්දා ය. ඔහු ලිය ගොමුවක් නො වී අතු කොළ ආදියෙන් වසා ගනිමින් ගොමුවක් ලෙස දක්වා ළඟට පැමිණි මොනර වටු ආදී පක්‍ෂීන් මරා දරුවන් පෝෂණය කරයි. මෙසේ ඒ ලිහිණි වැද්දාගේ මේ රැවටීම් ක්‍රමයෙන් මෙසේ රවටා පක්‍ෂි මාංශ භෝජනයට ගැනීම මෙන් කුහක තැනැත්තා ද පංශු කුලයෙන් තමන් වසා ගෙන බිණීමෙහි ඇති සමත් බවින් (මුඛරි කමෙන්) මහ ජනයා රවටා, අනුභව කරමින් හැසිරෙන, භුත්තං තස්ස ථෙය්‍යෙන තං ඔහුගේ ප්‍රත්‍ය සතර පරිභෝග කිරීම සියල්ල සොර ලෙසින් පරිභෝජනය කරන ලද්දේ නම් වේ යැයි දේවතාවා භාග්‍යවතුන් වහන්සේ අළලා පවසති. පරිජානන්ති පණ්ඩිතා මොහු කාරක (කරන්නා) හෝ අකාරක (නො කරන්නා) යයි පණ්ඩිතයෝ දනිති. මෙසේ ඒ දේවතාවෝ තථාගතයන් වහන්සේටත් වැඩියෙන් අපි පණ්ඩිත වෙමු සිතමින් මෙසේ ප්‍රකාශ කළහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නයිදං ආදිය පැවසූ සේක, එහි යායං පටිපදා දළ්හා මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව දෘඪ ය, ස්ථිර ය. ඒ ප්‍රතිපදාවෙන් ධීර වූ පණ්ඩිතයෝ ආරම්මණ භාවනාව ලක්‍ෂණ භාවනාව යන දැහැන් දෙකෙන් දැහැන් වඩන්නාහු මාර බන්ධනයෙන් මිදෙත්. ඒ ප්‍රතිපදාව කී පමණින් හෝ ඇසූ පමණින් ඊට පිවිසීමට හෝ පිළිපැදීමට නො හැකි වේ යනු අර්ථ යි. න වෙ ධීරා පකුබ්බන්ති ධීරයෝ පණ්ඩිතයෝ විදිත්‍වා ලොක පරියායං සංස්කාර ලෝකයේ උදයව්‍යය (හට ගැන්ම හා විනාශය) චතුසත්‍ය ධර්මය ද දැක අඤ්ඤාය කෙළෙස් පිරිනිවුමෙන් නිබ්බුතා (නිවුනාහු) ලෝකයෙහි විසත්තිකං (තෘෂ්ණාව) තරණය කළාහු මෙසේ නො කරති. අපි එසේ නො කියමු යන අර්ථයි.
පඨවියං පතිට්ඨහිත්‍වා අප විසින් අයුතු දෙයක් කරන ලදි. අකාරක වූ ම දෙයක් අපි කාරක වාදයෙන් යුතු ව හැසුරුනෙමු යි ලැජ්ජා වන්නාහු මහා බ්‍රහ්මන් කෙරෙහි මෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගෞරව උපදවා ළංවීමට නො හැකි ගිනි කඳක් කොට බලන්නාහු, අහසින් බැස - බිම හිඳ යන අර්ථ යි. අච්චයො අපරාධය, නො අච්චගමා අප ඉක්මවා අභිභවනය කොට පැවැත්තේ, ආසාදෙතබ්බං ගැටිය යුත්තෙකු, ඒ දේවතාවෝ කයින් හා වචනයෙන් යන දෙකින් ම භාග්‍යවතුන් වහන්සේ හා ගැටුනහ. තථාගතයන් වහන්සේ නො වැඳ අහසේ සිටිමින් සිරුරින් ගැටුනහ. කිතව (ළිහිණි වැදි) උපමාව ගෙන හැර පාමින් නානා ප්‍රකාර අසභ්‍ය වචන පවසමින් වචනයෙන් ගැටුනාහ. එහෙයින් “ආසාදෙතබ්බං අමඤ්ඤිම්හ” යි කීහ. පතිගණ්හාතු ඉවසන සේක්වා ආයතිං සංවරාය අනාගතයෙහි සංවර වීම පිණිස, යළිත් මේ ආකාරයේ අපරාධයක් දෝෂයක් පැකිලීමක් නො කරනු පිණිස