මහාසළායතනික සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් මහාසළායතනික සූත්‍රය මෙසේ අසන ලදි. එහි මහාසළායතනිකන්ති මහත් ආයතන හයේ ප්‍රකාශ කරන ධර්ම පර්යායයි.
අජානන්ති විදර්ශනාව සමග මාර්ගය නොදන්නේ. උපචයං ගච්ඡන්තිති වැඩීමට යත්. වසඟයට යත් යන තේරුමයි. කායිකාති පංච ද්වාරයෙහි දැවෙන බවයි. චෙතසිකාති මනෝ ද්වාරයෙහි දැවෙන බවයි. සන්තාපාදිසුපි මේ ක්‍රමයමයි.
කායසුඛන්ති පංච ද්වාරයන්හි සැපය. චෙතොසුඛන්ති මනෝ ද්වාරයන්හි සැපය. මෙහි ද පංච ද්වාරික ජවන සිතින් පැමිණීම හෝ නැගිටීම හෝ නැත. ඉපදීම් මාත්‍රයක් ම වෙයි. මනෝ ද්වාරයෙන් සියල්ල ම වෙයි. මේ මාර්ගයෙන් නැගිටින ලද්දහුට ප්‍රත්‍ය වූ බලවත් විදර්ශනාවයි. එය මනෝ ද්වාරයෙන් ම වෙයි.
යථාභූතස්සාති කුසල සිත හා සම්ප්‍රයුක්ත චිත්ත සැපයෙන් යුතු. පුබ්බෙව ඛො පනස්සාති මේ භික්‍ෂුවගේ වාග් කර්මාන්ත ආජීවයන්ට පූර්වයෙහි සුද්ධිකා නම් මුලපටන් පිරිසිදු ම වෙත්. දෘෂ්ටි සංකල්ප වායාම සති සමාධි කියන ලද පංචාංග සියලු තැන්හි කරවන අංග නම් වෙති. මෙසේ ලෝකෝත්තර මාර්ගය අංග අටකින් හෝ හතකින් හෝ වෙයි.
විතණ්ඩවාදීහු වනාහි යථාභූතස්ස දිට්ඨීති මෙම සූත්‍ර ප්‍රදේශය ගෙන ලෝකෝත්තර මාර්ගය අංග පහකින් යුක්ත යැයි කියයි. එය එවමස්සායං අරියො අට්ඨංගිකො මග්ගො භාවනා පාරිපුරිං ගච්ඡතීති මේ අනතුරු වචනයෙන් ම වැළකිය යුතුය. මත්තෙහි මෙසේ හැඟවිය යුතුයි. ලෝකෝත්තර මාර්ගය පංචාංගික නම් නැත. මේ පහ සියලු තැන කාරාපකාංගයෝය. මාර්ග ක්‍ෂණයෙහි විරති වශයෙන් පුරත්. යමෙක් වාග් දුශ්චරිත හතරෙන් වැළකෙයි. මෙසේ කියන ලද විරති අතුරෙන් මිථ්‍යා වචනය දුරු කරයි. සම්‍යක් වචනය වඩයි. මෙසේ සම්‍යක් වචනය වඩන පුද්ගලයාට මේ පංචාංගයෝ තොර නොවී විරතිය සමඟ ම සම්පූර්ණ වෙත්. සම්‍යක් කර්මාන්ත ආජීවයෙහි ද මේ ක්‍රමයයි. මෙසේ වාග් කර්මාදිය මුලපටන් පිරිසිදු වූයේ ම වටිත්. මෙසේ මේ කාරාපංගයෝ පහ විරති වශයෙන් සම්පූර්ණ වෙත්. පංචාංගික මාර්ගය නම් නැත. සුභද්ද සූත්‍රයෙහි මෙය කියන ලදි. සුභද්‍රයෙනි. යම් ධර්ම විනයෙක්හි ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. වෙනත් නොයෙක් සියගණන් සූත්‍රවල අෂ්ඨාංගික මාර්ගය ආවේය.
චත්තාරොපි සතිපට්ඨානාති මාර්ගයෙන් සම්ප්‍රයුක්ත සතිපට්ඨාන හතරයි. සම්‍යක් ප්‍රධානාදියෙහි ද මේ ක්‍රමයයි. යුගනන්‍ධාති ඒ මොහොතෙහි යුගනන්ධයෝය. මොවුන්ගෙන් වෙනත් මොහොතෙහි සමාපත්තිය අනිකක් කෙරෙහි විදර්ශනාවය. මෙසේ නොයෙක් නොයෙක් ක්‍ෂණික වෙත්. ආර්ය මාර්ගයෙහි එක් ක්‍ෂණිකයයි.
විජ්ජා ච විමුත්ති චාති අර්හත් මාර්ග විද්‍යාව ද ඵල විමුක්තිය ද වෙයි. ඉතිරිය සියලු තැන්හි ම ප්‍රකටය.
මහාසළායතනික සූත්‍ර වර්ණනාව නිමි.
නගරවින්දෙය්‍ය සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් මෙසේ නගරවින්‍දෙය්‍ය සූත්‍රය අසන ලදි. එහි සමවිසමං චරන්තීති කලකින් සමව ද කලකින් විසමව ද හැසිරෙත්. සමචරියම්පි හෙතන්ති මෙය සමාන චරියාව ද වෙයි.
කෙ ආකාරාති කුමන කාරණා ද? කෙ අන්‍වයාති කුමන බුද්ධීහු ද? නත්‍ථි ඛො පන තත්‍ථාති කුමක්හෙයින් කීයේ ද? කැළයෙහි නිල්තණ සපු වනාදීන්ගේ වශයෙන් ඉතා මනෝඥ රූපාදී පංච කාමගුණයන් ඇත්තේ නොවේ ද? නැත්තේ නොවෙයි. මෙය වනාහි වන ලැහැබක් සඳහා නොකියන ලදි. ස්ත්‍රී රූපාදිය සඳහා මෙය කියන ලදි. එය පුරුෂයාගේ සිත හාත්පසින් වැළඳගෙන ගෙන සිටිත්. යම්හෙයකින් කීය. මහණෙනි, මම මෙසේ පුරුෂයාගේ සිත හාත්පසින් ගෙන සිටින යම් ස්ත්‍රී රූපයක් වේ ද එබඳු වෙනත් එකම රූපයක්වත් නොදකිමි. මහණෙනි, මෙසේ ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත හාත්පසින් ගෙන සිටියි. යනුවෙන් විස්තර කළ යුතුයි. ඉතිරිය සියලු තැන්හි ම ප්‍රකටය.
නගරවින්‍දෙය්‍ය සූත්‍ර වර්ණනාව නිමි.
පිණ්ඩපාතපාරිසුද්ධි සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් පිණ්ඩපාතපාරිසුද්ධි සූත්‍රය මෙසේ අසන ලදි. එහි පටිසල්ලාණාති ඵල සමවතින්
විප්පසන්නානීති අවකාශ වශයෙන් මෙය කියන ලදි. ඵල සමවතින් නැගිටින ලද්දහුගේ පංච ප්‍රාසාදයන්ගෙන් පිහිටන අවකාශය ප්‍රසන්න වෙයි. ඡවි වර්ණය පිරිසිදුය. එහෙයින් මෙසේ කීය. සුඤ්ඤත විහාරෙනාති ශුන්‍යතා ඵල සමාපත්ති විහරණයෙන්. මහාපුරිස විහාරොති බුදු පසේ බුදු මහා ශ්‍රාවක මහා පුරුෂයන්ගේ විහරණයයි. යෙනචාහං මග්ගෙනාති යනාදියෙහි විහාරයේ පටන් ගමේ ඉන්ද්‍රඛීලයට යම්තාක් ද මේ පිවිසෙන මාර්ගය නමි. ඇතුළු ගමට පිවිස පිළිවෙළින් හැසිර නුවර දොරින් නික්මීම යම්තාක් ද මේ චරිත ප්‍රදේශය නමි. පිටත ඉන්ද්‍රඛීලයේ පටන් විහාරය යම්තාක් ද මේ පටික්කන්ත මාර්ගය නමි. පටිඝං වාපි චෙතසොති සිතෙහි ඇනෙන කෙලෙස් ඉපදීමයි. කිසිවක් ඇත්තේ ද නැත්තේ ද? අහොරත්තානුසික්ඛිනාති දහවල් ද රාත්‍රියෙහි ද හික්මෙන්නා විසින්.