ඡන්නොවාද සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් ඡන්නෝවාද සූත්‍රය මෙසේ අසන ලදි. එහි ඡන්නොති මෙබඳු නමක් ඇති තෙරුන්ය. අභිනිෂ්ක්‍රමණයේ දී නික්මුණු තෙරුන් නොවේ. පටිසල්ලානාති ඵලසමවතින්. ගිලානපුච්ඡකාති ගිලානෝපස්ථානය නම් බුදුරදුන් විසින් ප්‍රහස්තතය. වර්ණිතය. එහෙයින් මෙසේ කීය. සත්‍ථන්ති ජීවිතය තොර කරන ආයුධයි. නාවකඞ්ඛාමීති නොකැමැත්තෙමි.
අනුපවජ්ජන්ති ඉපදීමක් නැති. ප්‍රතිසන්ධියක් නැති.
එතං මමන්ති ආදිය තෘෂ්ණා දෘෂ්ටි මන ගැනීම් වශයෙන් කියන ලදි. නිරොධං දිස්වාති ක්‍ෂයවන බව වැයවන බව දැන. නෙතං මම නෙසො හමස්මි න මෙසා අත්තාති සමනුපස්සාමීති අනිත්‍ය දුක්ඛ අනාත්ම යැයි බලන්නෙමි.
තස්මාති යම් හෙයකින් මාරාන්තික වේදනාව ඉවසීමට නොහැක්කේ ආයුධයක් ගෙණවයි කියයි. එහෙයින් පෘථග්ජන ආයුෂ්මතුන් වහන්සේ එයින් මෙය ද සිහි කරවයි දක්වයි. නිච්චකප්පන්ති නිතර ම. නිස්සිතස්සාති තෘෂ්ණා දෘෂ්ටියෙන් යුක්ත වූ. චලිතන්ති කම්පා වෙයි. පස්සද්ධීති කායචිත්ත පස්සද්ධිය ක්ලේශ පස්සද්ධිය වේ යැයි යන තේරුමයි. නතීති තෘෂ්ණාවයි. නතියා අසතීති භවය පිණිස ආශාවේ නැගිටීම නැත. ආගති ගති නහොතීති පිළිසිඳීම් වශයෙන් ආගති නම් වෙයි. චුතවීම් වශයෙන් ගමන නම් නොවෙයි. චුතූපපාතොති වචන වශයෙන් චුතියයි. ඉපදීම් වශයෙන් උපපාතයයි. නෙවිධ න හුරං න උභයමන්තරෙනාති මෙලොව නොවෙයි. පරලොව නොවෙයි. දෙලොවෙහි ම නොවෙයි. එසෙවන්තො දුක්ඛස්සාති වට්ටදුක්ඛයාගේ හා ක්ලේශදුක්ඛයාගේ මේ අන්තයයි. මේ පිරිසිඳීමයි. පරිවටුමබව යි මෙයම මෙහි තේරුමයි. දෙකක් අතර යන වචන ගෙන අතර භවයක් කැමැති වෙත්. ඔවුන්ගේ මේවාට පිළිතුරු යට කියන ලදි.
සත්‍ථං ආහරෙසීති ජීවිතය තොර කරන ආයුධයක් ගෙනාවේය. ගෙළ නාලය සින්ඳේය. එකළ ඔහුට මරණ භය වූයේය. ගති නිමිත්ත එළඹියේය. ඔහු තමාගේ පුහුදුන් බව දැක සංවේගයට පැමිණුනේ විදර්ශනා උපදවා සංස්කාරයන් විමර්ශනය කරමින් රහත්බවට පැමිණ සමසීසව පිරිනිවීය. සම්මුඛායෙව අනුපවජ්ජතා ව්‍යාකතාති ඉදින් තෙරුන්ගේ පුහුදුන් කාලයෙහි ප්‍රකාශයක් වෙයි. මේ ප්‍රකාශයෙන් ඔහුගේ අන්තර පිරිනිවීම විය. එහෙයින් බුදුරදුන් ඒ ප්‍රකාශය ගෙන කීය. උපවජ්ජකුලානීති එළඹිය යුතු කුලයෝය. මෙයින් තෙරුන් වහන්සේ ස්වාමීනි, මෙසේ උපස්ථායකයන් ද උපස්ථායිකාවන් ද ඇති කළ ඒ භික්‍ෂුව නුඹගේ සසුනෙහි පිරිනිවන් පාන්නේදැයි ඇසීය. එකල බුදුරදුන් ඔහුට කුලයන්හි සංසර්ගබව දක්වන්නේ හොන්ති හෙතෙ සාරිපුත්තාති යනාදිය කීය. මේ ස්ථානයෙහි තෙරුන්ගේ කුලයන්හි නොඇලෙන බව ප්‍රකට විය. ඉතිරිය සියලු තැන්හිම ප්‍රකටය.
ඡන්නෝවාද සූත්‍ර වර්ණනාව නිමි.
පුණ්ණෝවාද සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් පුණ්ණෝවාද සූත්‍රය මෙසේ අසන ලදි. එහි පටිසල්ලානාති හුදකලා බවෙන් තඤ්චෙති ඒ ඇස ද රූපය ද. නන්‍දිසමුදයා දුක්ඛසමුදයොති නන්දිරාග සහගත තෘෂ්ණාව හා එක්වීමෙන් පංචස්ඛන්ධ දුකෙහි එක්වීම වෙයි. මෙසේ ද්වාර හයෙහි දුක්ඛ සමුදය යැයි සත්‍ය දෙකක් වශයෙන් සසර මස්තකප්‍රාප්ත කොට දැක්වීය. දෙවන න්‍යායෙහි නිරෝධ මාර්ගය යැයි සත්‍ය දෙකක් වශයෙන් විවට්ටය මස්තකප්‍රාප්ත කොට වෙනම දැක්වීය. ඉමිනා ච ත්‍වං පුණ්ණාති වෙනම ගැළපීමයි. මෙසේ ඒතාක් දේශනාව වට්ටවිවට්ට වශයෙන් රහත්බවෙහි බහා දැන් පුණ්ණ තෙරුන් හත් තැනක සිංහනාදය නාද කරවන්ට ඉමිනා ච ත්‍වන්ති යනාදිය කීය.
චණ්ඩාති දුෂ්ටය. ඵරුසාති කර්කශය. අක්කොසිස්සන්තීති දශ ආක්‍රෝශ වස්තූන්ගෙන් ආක්‍රෝශ කරන්නාහ. පරිභාසිස්සන්නීති කිමෙක් ද? නුඹ ශ්‍රමණ නම් වෙහි ද? නුඹට මෙය කරන්නෙමියි තර්ජනය කරන්නාහ. එවමෙත්‍ථාති මෙහි මට මෙසේ වන්නේය.
දණ්ඩෙනාති හතර රියන් දණ්ඩෙන් හෝ මුගුරෙන් හෝ සත්‍ථෙනාති එක පැත්තක මුවහත ඇති ආදියෙන්. සත්‍ථහාරකං පරියෙසන්තීති ජීවිතය තොර කරන ආයුධ සොයත්. මේ තෙරුන් තුන්වන පාරාජිකා වස්තුවෙහි අසුභ කථාව අසා ආත්මභාවය පිළිකුල් කරන අයට ආයුධ ගෙනඒම සෙවීම සඳහා කීය. දමුපසමෙනාති මෙහි දමොති යනු ඉන්ද්‍රිය සංවරාදීන්ට මේ නමකි. සච්චෙන දන්තො දමසා උපෙතො වෙදන්තගූ වුසිත බ්‍රහ්මචරියොති මෙහි ඉන්ද්‍රිය සංවරය දමොති යැයි කියන ලදි. යදි සච්චා දමා චාගා ඛන්ත්‍යාභිය්‍යො න විජ්ජතීති මෙහි ප්‍රඥාව දමොති යැයි කියන ලදි. දානෙන දමෙන සංයමෙන සච්වචනෙනාති මෙහි උපෝසථ කර්මය දමොති යැයි දත යුතුයි. උපසමොති එයට ම පර්යාය වචනයයි.
අථඛො ආයස්මා පුණ්ණොති මේ පුණ්ණ තෙමේ කවරෙක් ද? කුමක් හෙයින් එහි යාමට කැමැති වී ද? මොහු සුනාපරන්ත වැසියෙකි. සැවැත් නුවර සැප නොවන විහරණ සළකා එහි යාමට කැමැති විය.
එහි මේ පිළිවෙළ කථාවයි - සුනාපරන්ත රටෙහි එක් වෙළඳ ගමක මේ සහෝදරයන් දෙදෙනා වූහ. ඔවුන්ගෙන් වැඩිමහලා කිසිකළෙක කරත්ත පන්සියයක් ගෙන ජනපදයට ගොස් බඩු ගෙනෙයි. සමහර කලෙක බාලයා ද බඩු ගෙනෙයි. මේ කාලයෙහි බාලයා ගෙදර තබා වැඩිමහළු සහෝදරයා ගැල් පන්සියය ගෙන ජනපද චාරිකාවෙහි හැසිරෙන්නේ පිළිවෙළින් සැවැත් නුවරට පැමිණ දෙව්රමට නුදුරෙහි ගැල් නවත්වා අනුභව කරන ලද උදෑසන බත්කිස ඇත්තේ පිරිවර ජනයා පිරිවරණ ලද්දේ පහසු තැනක සිටියේය.