ඉන්ද්රියභාවනා සූත්ර වර්ණනාව
එවම්මෙසුතන්ති මා විසින් ඉන්ද්රියභාවනා සූත්රය මෙසේ අසන ලදි. එහි කජංගලායන්ති මේ නම ඇති නියම් ගමෙහි. මුඛෙලුවනෙති මුඛේළු නම් ගස් වර්ගයකි. එයින් සැදුම් ලත් මහා වන ලැහැබකි. එහි වාසය කරති. චක්ඛුනා රූපං න පස්සති සොතෙන සද්දං න සුණාතීති ඇසින් රූප නොදැකිය යුතුය. කනින් ශබ්ද නොඇසිය යුතුය. මෙසේ දේශනා කළේය යන අදහසින් කියයි.
අඤ්ඤථා අරියස්ස විනයෙති මෙයින් බුදුරදුන් තමාගේ ශාසනයෙහි අසමාන වූ ඉන්ද්රිය භාවනාවක් කීම පිණිස කැමැති වූහ. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙමේ බුදුරදුන්ගේ කැමැත්ත දක්වයි. එහෙයින් මම මේ පිරිසෙහි භික්ෂුසංඝයාට ඉන්ද්රිය භාවනා කථාව කරවමියි බුදුරදුන්ගෙන් ඉල්ලන්නේ එතස්ස භගවාති යනාදිය කීය. එකල බුදුරදුන් ඉන්ද්රිය භාවනාව දෙසන්නාහු තෙනහානන්දාති යනාදිය වදාළහ.
එහි යදිදං උපෙඛාති යම් මේ විදර්ශනා උපේක්ෂාවක් නම් වේද? එය ශාන්තය. එය ප්රණීතය. තෘප්තිය නැත යන තේරුමයි. මෙසේ මේ භික්ෂුව චක්ෂුර් ද්වාරයෙහි රූපාරම්මණය ද ඉෂ්ට අරමුණෙහි මනාපය ද අනිෂ්ටයෙහි අමනාපය ද මධ්යස්ථයෙහි මනාප අමනාප දෙක ද ඔහුගේ සිත රැඳෙන්නට හෝ දූෂ්ය වෙන්නට හෝ මුළා වෙන්නට හෝ නොදී විශේෂයෙන් ගෙන විදර්ශනාව මධ්යස්ථ බවෙහි තබයි. චක්ඛුමාති පිරිසිදු ඇස් ඇති, ආබාධ ඇස් ඇත්තහුගේ ඉක්මන් නැති පියවීම් ඇරීම් වෙයි. එහෙයින් එය නොගන්නා ලදි.
ඊසක පණෙති රියෙහි දණ්ඩ මෙන් නැගී සිටි කල්හි.
පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤීති යනාදියෙහි පිළිකුලෙහි මෛත්රිය පැතිරවීමෙන් හෝ ධාතු වශයෙන් උපසංහාරයෙන් හෝ අප්පටිකූල සංඥාවෙන් වාසය කරයි. අප්පටිකූලයෙහි අශුභය පැතිරවීමෙන් හෝ අනිත්යයෙන් හෝ උපසංහාරයෙන් හෝ පටික්කූල සංඥාවෙන් වාසය කරයි. සෙසු පදයන්හි ද මෙම ක්රමයයි.
තදුභයං අභිනිවජ්ජෙත්වාති මධ්යස්ථව වාසය කරනු කැමැත්තේ කුමක් කරන්නේ දැයි ඉෂ්ට අනිෂ්ටයන් හමු වූ කළ සතුටු ද නොවෙයි. දොම්නස් ද නොවෙයි. මෙය කියන ලදි -
කෙසේ ද? පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤා විහරතී අනිෂ්ට වස්තුවෙක්හි මෛත්රීයෙන් හෝ පතුරවයි. අනිත්ය වශයෙන් හෝ සංසිඳුවයි. මෙසේ අප්පටිකූලයෙහි පටික්කූල සංඥාවෙන් වාසය කරයි. පටික්කුලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරති අනිෂ්ට වස්තුවෙක්හි මෛත්රීයෙන් හෝ පතුරවයි. ධාතු වශයෙන් හෝ සංසිඳුවයි. මෙසේ පටික්කූලයෙහි අප්පටිකූල සංඥාවෙන් වාසය කරයි. අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරති ඉෂ්ට වස්තුවෙක්හි අශුභයෙන් හෝ පතුරවයි. අනිත්ය වශයෙන් හෝ සංසිඳුවයි. මෙසේ අප්පටිකූලයෙහි ද පටික්කූලයෙහි ද පටික්කූල සංඥාවෙන් වාසය කරයි. කෙසේ ද? පටික්කූලඤ්ච අප්පටික්කූලඤ්ච තදුභයං නො ඇලී උපේක්ෂාවෙන් සිහි ඇතිව වාසය කරයි. මේ සසුනෙහි භික්ෂුව ඇසින් රූප දැක සතුටු නොවෙයි. අසතුටු ද නොවෙයි. උපේක්ෂාවෙන් සිහි ඇතිව වාසය කරයි. -පෙ- මනසින් ධර්මය දැන සතුටු නොවෙයි. අසතුටු ද නොවෙයි. උපේක්ෂාවෙන් සිහි ඇතිව වාසය කරයි. මෙසේ පටික්කූලයෙහි ද අප්පටිකූලයෙහි ද මධ්යස්ථව වාසය කිරීමට කැමැතිව නො ඇලී සිහි ඇතිව උපේක්ෂාවෙන් වාසය කරයි.
මේ තුන් ක්රමයන්හි පළමු ක්රමයෙහි මනාපය අමනාපය මනාපාමනාපය යි කෙලෙස් වටියි. කෙලෙස් නැති බව ද වටියි. දෙවන ක්රමයෙහි කෙලෙස් ද තුන්වන ක්රමයෙහි කෙලෙස් ද නිකෙලෙස් ද වටියි. නැවත කියන ලදි. පළමු කෙලෙස් වටියි. දෙවැනි කෙලෙස් ද නිකෙලෙස් ද තුන්වැනි නිකෙලෙස් ම වටියි. ඉතිරිය සියලු තැන්හි ම ප්රකටය.
ඉන්ද්රියභාවනා සූත්ර වර්ණනාව නිමි.
පස්වන සළායතන වර්ගය සමාප්තයි.
උපරිපණ්ණාසකය නිමියේය.
මේ යම් මහණෙනි, සබ්බධම්මමූලපරියායං වො භික්ඛවෙ දෙසිස්සාමීති යි ඇරඹුණේ මුල යහපත් ය. මැද සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භූතධම්මං වෙදල්ලන්ති යි වචනයෙන් මැද යහපත් ය. සන්නිට්ඨානෙ අරියො භාවිතින්ද්රියොති යි වචනයෙන් අවසානය යහපත් ය. මජ්ඣිම නිකාය තුන් ආකාරයෙන් ම යහපත් ය. මෙය මහාවිදර්ශනාව යැයි කියන ලදි. එය වර්ණනා වශයෙන් සමත් වෙයි.