අනාථපිණ්ඩිකොවාද සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මාවිසින් අනාථපිණ්ඩිකොවාද සූත්‍රය මෙසේ අසන ලදි. එහි බාළ්හගිලානොති ඉතා ගිලන් වූ මරණ සෙය්‍යාවට පැමිණි. ආමන්තෙසීති ගෘහපතියාගේ පාද යම්තාක් දවසක් කර්මණ්‍යව පැවතියේ ද, ඒතාක් දිනපතා වරක් හෝ දෙවරක් හෝ තුන්වරක් හෝ බුද්ධෝපස්ථානය නොකඩවා කළේය. ඔහු යම්පමණ බුදුරදුන්ට උපකාර වීද ඒතාක් ම මහතෙරවරුන්ට ද උපකාර විය. ඔහු අද ගමන සිදුණු හෙයින් නොනැගිටින සයනයට පැමිණියේය. හසුනක් යවනු කැමැත්තේ එක්තරා පුරුෂයෙකු ඇමතීය. තෙනුපසඞ්කමීති බුදුරදුන් විචාරා හිරු බසින වේලාවෙහි පැමිණියේය.
පටික්කමන්තීති පසු බසිත්. අභික්කමන්තීති අතිශයින් වර්ධනය වෙත්. බලවත් වෙත්.
අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති යම්කලෙක මරණාසන්තික වේදනාව උපදියි ද සුළං මතුයෙහි දල්වන ගින්නක් මෙන් වෙයි. යම්තාක් උණුසුම නොගන්නේ ද ඒතාක් මහත් උපක්‍රමයෙන් සංසිඳුවන්නට නොහැක. උණුසුම හාත්පසින් ගත් කළ සංසිඳෙයි.
එකල සැරියුත් තෙරුන් සිතීය. මහසිටුතුමාගේ මේ වේදනාව මාරාන්තිකය. සංසිඳුවන්නට නොහැක. සෙසු කථා වැඩක් නැත. ඔහුට ධර්ම කථාවක් කියන්නෙමි. එකල එය කියන්නේ තස්මාතිහාති යනාදිය කීය. මෙහි තස්මාති යම්හෙයකින් ඇස තුන් ගැනීමෙන් ගන්නේ ඉපදුණ මාරාන්තික වේදනාව හරින්නට සමතෙක් නම් නැත. එහෙයින් න චක්ඛුං උපාදියිස්සාමීති ඇස තෘෂ්ණාදීන් ගැනීමෙන් නොගන්නෙමි. න ච මෙ චක්‍ඛුනිස්සිතන්ති මාගේ විඥානය ද චක්‍ෂුර් නිශ්‍රිත නො වන්නේ ය. න රූපන්ති යට ආයතන රූපය කියන ලදි. මේ ස්ථානයෙහි සියලු ම කාමභව රූප කියන්නේ මෙය කීය.
න ඉධ ලොකන්ති වසන තැනක් හෝ කෑම ඇඳීම හෝ තෘෂ්ණාවෙන් හඳුනාගතිමි යන තේරුමයි. මෙය ප්‍රත්‍යයන්හි නොතැවීම පිණිස කියන ලදි. න පරලොකන්ති මෙහි මිනිස්ලොව හැර සෙසු ඒවා පරලෝක නමි. මොහු අසවල් දෙව්ලොව ඉපදී අසවල් තැන වසන්නෙමි. මේ නමයි. කන්නෙමි අනුභව කරන්නෙමි හිඳින්නෙමි පොරවන්නෙමි මෙබඳු නැවීම හැරීම පිණිස කියන ලදි. එය ද නො උපදවන්නෙමි. න ච මෙ තං නිස්සිතං විඤ්ඤාණං භවිස්සතීති මෙසේ තෘෂ්ණා ගැනීම්වලින් මුදා තෙරුන්ගේ දේශනාව රහත්බව කුළුගැන්වීමෙන් ම නිම වූයේය.
ඔලියසීති තමන්ගේ සම්පත් දැක අරමුණුවල බැඳෙන්නෙහි ය. මෙසේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් මේ නම් ඇති ගෘහපතියා මෙසේ ශ්‍රද්ධා ඇත්තේ ය. පැහැදුණේය. මරණ බියට බියවෙයි. වෙනත් කවරෙක් බිය නොවෙයි ද? සිතන්නේ ඔහුට දැඩිකොට අවවාද දෙන්නේ මෙසේ කීය. න ච මෙ එවරූපි ධම්මි කථා සුතපුබ්බාති මේ උපාසක තෙමේ බුදුරදුන් වෙතින් ද මෙබඳු බණ කථාවක් නොඅසන ලද විරූයැයි කියයි. කිමෙක් ද? බුදුරදුන් මෙබඳු සියුම් ගැඹුරු කථාවක් නොකියයි ද? නොකියන්නේ නොවෙයි. මෙසේ අධ්‍යාත්මික ආයතන හය ද බාහිර හය ද විඥාන කයෙහි හය ද ස්පර්ශ කයෙහි හය ද වේදනා කයෙහි හය ද ධාතු හය ද අරූප හතර ද මෙලොව ද පරලොව ද පෙන්වා දිට්ඨ සුත මුත විඥාන වශයෙන් රහත්බවෙහි බහා කියන ලද කථාවක් මොහු විසින් පෙර නොඅසන ලදි. එහෙයින් මෙසේ කියයි.
එසේවුවත් උපාසක තෙමේ දීමෙහි ඇලුණේය. බුදුරදුන් වෙත යන්නේ ද හිස් අතින් නොවේ. පෙරබත් කාලයෙහි යන්නේ කැඳ කැවිලි ආදිය ගෙන්වාගෙන යයි. පසුබත් කාලයෙහි යන්නේන්නම් ගිතෙල් මී පැණි ආදිය ද ඒවා නැති කල්හි වැලි ගෙන්වාගෙන ගඳ කිළියෙහි විසුරුවයි. මේ උපාසක තෙමේ බෝසත් ගති ඇත්තෙකි. එහෙයින් බුදුරදුන් අවුරුදු විසිහතරක් උපාසකයාට බොහෝසෙයින් දාන කථාවන් ම කීය. උපාසකයා මේ දානය නම් බෝසත්වරු ගිය මාර්ගයයි. මා ගිය මාර්ගයයි. මාවිසින් කල්ප ලක්‍ෂයක් අධික කොට ඇති සාරාසංඛෙය්‍යයක් දන් දෙන ලදි. නුඹ මා ගිය මාර්ගය ම අනුව යන්නෙහි ය. ධර්මසේනාපති ආදී මහා ශ්‍රාවකයන් ද තමාගේ සමීපයට පැමිණි කළ ඔහුට දාන කථාව ම කියත්. එහෙයින් කීය. න ඛො ගහපති ගිහීනං ඔදාතවසනානං එවරූපි ධම්මි කථා පටිභාතීති මෙය කියන ලද්දේ වෙයි. ගෘහපතිය ගිහියන් නම් කෙත්වතු රන්රිදී දැසිදස්සන් අඹුදරුවන් ආදියෙහි ආශාව තියුණුය. ආලය තියුණුය. මෙහි ආලය නොකටයුතුයි.