සච්චවිභඞ්ග සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මාවිසින් සච්චවිභංග සූත්‍රය මෙසේ අසන ලදි. එහි ආචික්ඛනාති මේ දුක්ඛාර්ය සත්‍ය නමි. -පෙ- මේ දුක්ඛනිරෝධ ගාමිණි පටිපදාර්ය සත්‍ය නමි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයයි. තව ද මෙහි පඤ්ඤපනාති නම් දුක්ඛ සත්‍යාදීන්ගේ දර්ශන තැබීමයි. අසුනක් තබන්නේ අසුන් පැනවීම යැයි කියයි. පට්ඨපනාති තැබීමයි. විවරණාති විවෘත කිරීමයි. විභජනාති විභාග කිරීමයි. උත්තානිකම්මන්ති ප්‍රකට කිරීමයි.
අනුග්ගාහකාති ආමිස සංග්‍රහයෙන් ධර්ම සංග්‍රහයෙන් යන දෙකින් අනුග්‍රහ කිරීමයි. ජනෙත්තීති උපදවන ලද මවය. ආපාදෙතාති පෝෂ්‍ය කරන. පෝෂණය කරන ලද මව මෙන් මුගලන් තෙරුන් දක්වයි. ජනික මව මාස නවයක් හෝ මාස දහයක් හෝ ලුණු ඇඹුල් ආදිය පරිහරණය කරමින් කුසෙහි දරුවා දරාගෙන කුසින් නික්මුණු කළ පෝෂ්‍ය කරන ලද මව කිරිමව පිළිගනියි. ඕතොමෝ කිරි මෝරු ආදිය පොවා වර්ධනය කරයි. ඔහු වැඩීමට පැමිණ සැප වූ පරිදි හැසිරෙයි. මෙපරිද්දෙන් ම සැරියුත් තෙරුන් තමාගේ හෝ අනුන්ගේ ළඟ පැවිදි වූවන් සංග්‍රහ දෙකෙන් සංග්‍රහ කරන්නේ ලෙඩවූවනට පිළිදැගුම් කරමින් කමටහනෙහි යොදවා සෝවාන් බව දැන අපාය බියෙන් නැගිටි කාලයේ පටන් දැන් වෙන වෙනම පුරුෂකාරයෙන් මතුමාර්ගයෙහි උපදවන්නාහු යැයි ඔවුන් කෙරෙහි බලාපොරොත්තු නැතිව අනෙත් නවකයන්ට අවවාද කරති. මුගලන් තෙරුන් ද තමාගේ හෝ අනුන්ගේ ළඟ පැවිදි වූවන්ට එසේම සංග්‍රහ කොට කමටහනෙහි යොදවා යට ත්‍රිවිධ ඵලයන්ට පැමිණි කළ අපේක්‍ෂා රහිතබවට නොපැමිණෙයි. කුමක්හෙයින් ද? උන්වහන්සේට මෙබඳු අදහසක් වෙයි. බුදුරදුන් කියන ලදි. මහණෙනි, යම්සේ ස්වල්ප වූ අසූචි ද මුත්‍ර ද කෙළ ද සැරව ද ලේ ද දුගඳ ම වෙයි. එසේම මහණෙනි, මේ භවය ද මම ස්වල්පයක්වත් වර්ණනා නොකරමි. යටත් පිරිසෙයින් අසුරගසන පමණක්වත් ය. එහෙයින් යම්තාක් අර්හත්වය දක්වා නොපැමිණෙත්. ඒතාක් ඒවායෙහි අපේක්‍ෂාවක් නැතිව නොපැමිණ අර්හත්වයට පැමිණෙයි. එහෙයින් බුදුරදුන් කීය. සෙය්‍යථාපි භික්ඛවෙ ජනෙත්ති එවං සාරිපුත්තො සෙය්‍යථාපි ජාතස්ස ආපාදෙතා එවං මොග්ගල්ලානො සාරිපුත්තො භික්ඛවෙ සොතාපත්තිඵලෙ විනෙති. මොග්ගල්ලානො උත්තමත්‍ථෙති. පහොතීති හැකියි.
දුක්ඛෙ ඤාණන්ති ඇසීම විමසීම අවබෝධ කරන නුවණයි. එසේම දුක්ඛසමුදයෙහි ද දුක්ඛනිරෝධයෙහි ද ඇසීම අවබෝධ කිරීමේ නුවණ වටියි. එසේම දුක්ඛනිරෝධගාමිනීපටිපදායෙන් නෛෂ්ක්‍රම්‍ය සංකල්පාදියෙහි කාම ප්‍රත්‍යයෙන් කාමයෙන් නිසට බැවින් හෝ කාමයන් විමසීමෙන් උපන් හෝ කාමඝාතනය කාමය සංසිඳීම් කරන්නේ ඉපදීම හෝ වෙයි. නෙක්ඛම්ම සංකප්පො සෙසු පදයන්හි ද මේ ක්‍රමයයි. මේ සියල්ලෙහි පූර්වභාගයෙහි නොයෙක් නොයෙක් සිත්වල මාර්ගක්‍ෂණයෙහි එක්සිතක් ලබත්. එහි මිථ්‍යා සංකල්පනා චේතනාවන් සමූළ ඝාතනය කරන එකම සංකල්පයකි. නම් තුනක් ලබයි. සම්මාවාචාදිය ද පූර්වභාගයෙහි නොයෙක් නොයෙක් සිත්වල කියන ලද ලද ක්‍රමයෙන් ම මාර්ගක්‍ෂණයෙහි එකම සිතක් ලබත්. මේ මෙහි සංක්‍ෂේපයයි. විස්තර සත්‍යකථා විසුද්ධිමාර්ගයෙහි ද සම්මාදිට්ඨි සූත්‍රයෙහි ද කියන ලද්දේමය.