ගණකමොග්ගල්ලාන සූත්ර වර්ණනාව
එවම්මෙසුතන්ති ගණකමොග්ගල්ලාන සූත්රයයි. එහි පච්ඡිමා සොපානකළෙබරාති යම්තාක් පළමු සෝපාන ඵලකයෝයි. එක් දවසකින් සත්මහල් ප්රසාදයක් තනන්නට නොහැකිය. භූමිය ශුද්ධ කරවා ටැඹ ඉස්සීමේ පටන් සිත්තම් කිරීමාදී පූර්ව අනුක්රියා මෙහි පෙනෙන්නේ යැයි දක්වයි. යදිදං අජ්ඣෙනෙති වේදත්රය එක් දවසකින් හදාරන්නට නොහැකිය. මොවුන්ගේ හැදෑරීම ද පූර්ව අනුක්රියාවෙන්ම පෙනෙන්නේ යැයි දක්වයි. ඉස්සත්ථෙති ආයුධ විද්යාවෙන් එක් දවසකින් වාලවේධිය තත්ත්වයට පත්වන්නට නොහැකිය. ස්ථාන පිළියෙළ කිරීම් ආදි පූර්ව ක්රියාවන් පෙනෙන්නේ යැයි දක්වයි. සඞ්ඛානෙනාති ගණන් කිරීමයි. එහි පූර්ව ක්රියාවන් තමාම දක්වන්නේ මෙසේ ගන්නේ යැයි කීය.
සෙය්යථාපි බ්රාහ්මණොති යම් හෙයකින් බාහිර ආගම්වල යම් යම් ශාස්ත්ර ඉගෙන ගනිත් ද එසේම කෛරාටික වෙති. එහෙයින් තම ශාසනය බාහිර ශාසනත් සමඟ උපමා නොකොට යහපත් අජානීය අශ්වයා සමග උපමා කරමින් සෙය්යථාපි යනාදිය කීහ. යහපත් අජානීය අශ්වයා යම් දෙයක හික්මවන ලද්දේ ද එය ජීවිත හේතුව නිසාවත් නොඉක්මවයි. එපරිද්දෙන්ම ශාසනයෙහි මනාකොට පිළිපන් භික්ෂුව සීලය නැමති සීමාව නොඉක්මවයි. මුඛාධානෙති මුඛයෙහි තබා ගැනීමයි.
සති සම්පජඤ්ඤායචාති සති සම්පජඤ්ඤයෙන් සමන්විත භාවය පිණිසයි. රහතන් වහන්සේලා දෙනමකි. එක් නමක් නිතර සිහි කරයි. අනෙත් නම නිතර සිහි නොකරයි. එහි නිතර සිහි කරන නමට යම්කිසි කටයුත්තක් කොට ඵල සමවතට සමවැදීමට හැකිය. අනෙත් නමට ස්වල්ප කටයුත්තක් ඇතේ ඵල සමවතට සමවැදීමට නොහැකිය.
එහි මේ වස්තුවයි. එක් රහතන් වහන්සේ නමක් රහත් සාමණේරයන් වහන්සේ නමක් සමඟ ආරණ්යයෙහි විසීමට වැඩියේය. එහි දී මහ තෙරුන්ට සෙනසුනක් ලැබුණි. සාමණේරයන්ට නොලැබුණි. එය කල්පනා කරන්නේ තෙරුන් වහන්සේ එකදු දවසක් ද ඵල සමවතට පැමිණීමට නොහැකි විය. සාමණේරයන් තුන් මසක් ඵල සමවතින් කල් යවා ස්වාමීනි, ආරණ්ය වාසය සැපදැයි ඇසීය. ඇවැත්නි, සැප නැතැයි තෙරුන් වහන්සේ කීහ. මෙසේ මෙබඳු වූ රහතන් වහන්සේ ද මේ ධර්මය මුල පටන් ආවර්ජනය කොට සමවැදීමට නොහැක්කේ යැයි දක්වමින් සති සම්පජඤ්ඤය කීහ.
යෙ මෙ භො ගොතමාති තථාගතයන් යැයි කියන කියන කළ බමුණාට මේ පුද්ගලයෝ සිත් සතුටු නොකෙරෙත් යැයි යන ක්රමය පහළ විය.
පරමජ්ජධම්මෙසු අජ්ජධර්ම නම් ශාස්තෘවරු හය දෙනාගේ ධර්මයයි. ඒ අතරින් ගෝතම වාදයම උතුම්ය යන තේරුමයි. ඉතිරිය ද සියළු තැන්හිම ප්රකටය.
ගණකමොග්ගල්ලාන සූත්ර වර්ණනාව නිමි.
ගෝපකමොග්ගල්ලාන සූත්ර වර්ණනාව
එවම්මෙසුතන්ති ගෝපකමොග්ගල්ලාන සූත්රයයි. අචිරපරිනිබ්බුතෙ භගවතීති භාග්යවතුන් වහන්සේ පිරිනිවී ධාතු බෙදීම් කොට ධර්ම සංගායනා කරන්නට රජගහ නුවරට ආ කාලයෙහි රඤ්ඤො පජ්ජොතස්ස ආසංකමානොති චණ්ඩපජ්ජෝත නම් රජු බිම්බිසාර රජුගේ යහළුවෙකි. ජීවක යවා බෙහෙත් කරවන ලද කල පටන් අතිශයින් මිත්ර විය. ඔහු අජාසත්ත විසින් දේවදත්තගේ වචනය ගෙන පියා මැරුවේ යැයි අසා මාගේ ප්රිය මිත්රයා මරා මොහු රාජ්ය කරන්නේ යැයි සිතයි. මාගේ යහළුවාගේ මිත්රභාවය ඇති බව දැනුම් දෙමියි මෙසේ කීය. එය අසා ඔහුට සැකයක් ඉපදුනි. එහෙයින් රඤ්ඤො පජ්ජොතස්ස ආසංකමානොති යන්න කියන ලදි. කම්මන්තොති පිට නගරයෙහි නගර අළුත්වැඩියා කිරිම පිණිස කටයුතු කරන තැනට
උපසඞ්කමීති අපි ධර්ම විනය සංගායනා කිරිමට හැසිරෙමු. මොහු මහේශාක්ය රාජ වල්ලභයෙකි. සංග්රහ කළාම වේළුවනය ආරක්ෂා කරන්නේ යැයි සිතමින් පැමිණියේය. තෙහි ධම්මෙහීති ඒ සර්වඥතා ඥානයෙහි සබ්බෙන සබ්බන්ති සියළු ආකාරයෙන් සියල්ල සබ්බථා සබ්බන්ති සියළු කොටස් වලින් සියල්ල කුමක් අසම්දැයි අසයි. ශාස්තෘවරු හයදෙනා පළමුව උපන්නේ ය. අප්රසිද්ධ කුල වලින් නික්ම පැවිදි විය. ඔවුහු තථාගතයන් වහන්සේ වැඩ සිටිද්දීම කළුරිය කළහ. ඔවුන්ගේ ශ්රාවකයෝ ද අප්රසිද්ධ කුල වලින් නික්ම පැවිදි විය. ඔවුහු තථාගතයන් වහන්සේ වැඩසිටිද්දීම කළුරිය කළහ. ඔවුන්ගේ ශ්රාවකයෝ ද අප්රසිද්ධ කුල වලින්ම පැවිදි විය. ඔවුන්ගේ ඇවෑමෙන් මහත් වාදවිවාද කළහ. මහණ ගොයුම්තෙමේ උසස් කුලයෙන් නික්මව පැවිදි විය. උන්වහන්සේගේ ඇවෑමෙන් ශ්රාවකයන්ගේ මහත් විවාදයක් වන්නේ යැයි මේ කථාව සියළු දඹදිව පැතිර ගියේය. බුදුරදුන් වැඩසිටිද්දී භික්ෂූන්ගේ වාදයක් නොවීය. යම් වාදයක් වුණි ද එය එහිම සංසිඳුණි. පරිනිර්වාන කාලයෙහි යොදුන් හැට අටදහස් සියයක් වූ සිනේරු පර්වතය සොලවන්නට සමර්ථ වූ සුළඟ ඉදිරියෙහි පැරණි කොලයක් කෙසේ සිටින්නේ ද? දස පාරමිතා පුරා සර්වඥ බවට පත්වූ ශාස්තෘන් වහන්සේට අලජ්ජි වූ මරු කවරෙක් අනෙකෙක් ලැජ්ජා කරන්නේ යැයි මහත් සංවේගයක් උපදවා බොහෝ භික්ෂූන් සමගිව සංසිඳුණාක් මෙන් කින්නු නො එතන්ති මෙය විචාරන්නෙමියි ප්රශ්න කරයි. අනුඤ්ඤායමානොති කළ නොකළ දෙය දන්නේය යන තේරුමයි.