ආනෙඤ්ජසප්පාය සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති මාවිසින් ආනඤ්ජසප්පාය සූත්‍රය මෙසේ අසන ලදි. එහි අනිච්චාති ඇතිවී නැති වන බැවින් අස්ථිර වූ. කාමාති වස්තු කාමය හා ක්ලේශ කාමයයි. තුච්ඡාති නිත්‍ය සාර ස්ථිරසාර ආත්ම සාරයක් විරහිත බැවින් හිස්ය. නොවේයැයි නොගන්න යැයි හිස් මිටක් යැයි කීකල මිටක් නම් නැතැයි කියන ලද්දේ වෙයි. යමෙකුගේ අභ්‍යන්තරයෙහි කිසිවක් නැත. ඔහු හිස්යැයි කියයි. මුසාති විනාශය. මොසධම්මාති නැසුණු ස්වභාවයයි. කුඹුරක් මෙන් වස්තුවක් මෙන් රත්තරන් රන් අමුරන් මෙන් පෙනී කිහිප දවසකින් සිහිනයක් දැක්කාක් මෙන් නැසෙත්. නොපෙනෙත්. එහෙයින් මෝසධර්මය යැයි කියන ලදි. මායාකතමෙතන්ති යම්සේ මායාවෙන් ජලය මැණිකක් කොට දක්වන ලදි. දෙබරකොළය කහවණුවක් කොට දක්වන ලදි. වෙනත් මෙබඳු හෝ රූපයක් දක්වන්නේ සිටියහුට එසේම පෙනෙයි. ඒ ස්ථානයෙන් ඉවත්වුනාම ප්‍රකෘතියෙන්ම පෙනෙයි. පංචකාමයෝ ද එසේමය. පච්චුපට්ඨාන අර්ථයෙන් මායාකතන්ති යැයි කියන ලදි. යම්සේ මායාකාරයෙක් ජලය ආදියෙහි මැණික් ආදි වශයෙන් පෙන්වන්නේ වංචාකරයි. මෙසේ කාමය ද අනිත්‍යාදි ස්වභාවයෙන් නිත්‍යාදි ස්වභාවය දක්වන්නේ වංචාකරත්. වංචනික අර්ථයෙන් මායාකතන්ති යැයි කියන ලදි.
බාලලාපනන්ති මාගේ පුතා මගේ දුව මාගේ රන් අමුරන් යැයි මට මෙසේ බාලයන්ගේ බාල කථායි. දිට්ඨධම්මිකාකාමාති පංචකාම ගුණයෝ මානුෂිකය. සම්පරායිකාති ඒවාහැර ඉතිරි ඒවා මේ ආත්මයේම විඳින සුළුයි. කාමසඤ්ඤාති මානුෂික කාමයන් අරබයා උපන් සංඥාවයි. උභයමෙතං මාරධෙය්‍යන්ති යන්න කියන ලදි. [missing trans]
මාරස්සෙස විසයොති යනාදියෙහි යම්සේ වස්ත්‍රයේ විෂය වස්ත්‍ර විෂයයි. පාණ්ඩයාගේ විෂය පාණ්ඩව විෂයයි. පැවතීම් ස්ථාන වශයෙන් විෂය යැයි කියයි. යමෙක් විසින් මේවායෙහි කැමැත්ත ගන්නේ ද ඒවා මත්තෙහි මාරයා විෂය පවත්වයි. ඒ සඳහා මාරස්සෙස විසයොති යි කියන ලදි. පංච කාමගුණයන්හි සතුන්ට කෑම දමන්නාක් මෙන් මාරයා ගමන් කරයි. යමෙක් විසින් මේවායෙහි කැමැත්ත ගන්නේ ද ඒවා මත්තෙහි මාරයා විෂය පවත්වයි. ඒ සඳහා මාරස්සෙස නිවාපොති යන්න කියන ලදි. යම්සේ යම්තැනක ඇත් ආදීන් විෂය පවත්වත් ද එය ඇත් ගෝවරයි. අශ්ව ගෝචර එළු ගෝචර යැයි කියයි. යමෙක් විසින් මේවායෙහි කැමැත්ත ගන්නේ ද ඒවා මත්තෙහි මාරයා විෂය පවත්වයි. ඒ සඳහා මාරස්සෙස ගොචරොති යි කියන ලදි.
එත්‍ථාති මේ කාමයන් කෙරෙහි. මානසාති සිතින් රැස් කරන ලද. එහි පළමුව දෙවැදෑරුම් කාමය අරබයා අභිධ්‍යාදි ලක්‍ෂණ අභිධ්‍යාවයි. කාරනුත්තරිය ලක්‍ෂණයන්ගෙන් සාරම්භ ද ඉපදීම් ව්‍යාපාදයයි. කෙසේ උපදී ද? මමායිත වස්තු සිඳුණේ ශෝක කරත්. ඔහු මෙසේ රූප සිතේ පරිඝාතනය වේයැයි මෙසේ උපදියි. තෙව අරියසාවකස්සාති ආර්ය ශ්‍රාවකයාගේ ඒවා.
ව කාරය ආගම සන්ධි මාත්‍රයක් වෙයි. ඉධ මනුසික්ඛතොති මේ ශාසනයෙහි හික්මෙන තැනැත්තාට ඒ කෙලෙස් තුන ම අන්තරායකර වේ. අභිභූය්‍ය ලොකන්ති කාමගුණ නැමැති ලෝකය මැඩගෙන. අධිට්ඨාය මනසාති ධ්‍යාන ආරම්බන සිතින් අධිෂ්ඨාන කොට. අපරිත්තන්ති කාමාවචර සිත පරිත්ත නමි. එය ප්‍රතික්‍ෂේප කිරීමෙන් මහග්ගතය අපරිත්ත නමි. පමාණන්ති කාමාවචරමය. අප්‍රමාණ රූපාවචරය අරූපාවචරයයි. සුභාවිතන්ති මෙය කාමාවචරාදීන්ට නමක් නොවෙයි. මෙය ලෝකෝත්තරයන්ටම නමකි. එහෙයින් මේ වශයෙන් අපරිත්තය අප්‍රමාණය සුභාවිතය යන සියල්ල ලෝකෝත්තරයට ම වටියි.
තබ්බහුලවිහාරිනොති කාමය ප්‍රතිබාහනයෙන් ප්‍රතිපදාව ම බොහෝ කොට වාසය කරන්නහුගේ ආයතනෙ චිත්තං පසීදතීති කාරණයෙහි පහදියි. මෙහි කාරණය නම් කුමක් ද? රහත්බව හෝ රහත්වීමට විදසුන් වැඩීම හෝ හතරවන ධ්‍යානය හෝ හතරවන ධ්‍යානයෙහි උපචාර හෝ සම්පසාදෙ සතීති මෙහි සම්ප්‍රසාදය දෙයාකාරයි. අධිමෝක්‍ෂ සම්ප්‍රසාදය හා ප්‍රතිලාභ සම්ප්‍රසාදයයි. රහතන් වහන්සේ විසින් විදර්ශනාව පිහිටුවා වාසය කරන්නේ මහාභූතාදීන්හි එළඹ සිටීම් අත්හරින්නේ මහාභූතයි. උපට්ඨහන්ති උපාදාරූපය එළඹ සිටියි. නාම රූපය එළඹ සිටියි. සියළු ආකාරයෙන් ප්‍රත්‍යයන් එළඹ සිටිත්. ලක්‍ෂණ ආරම්මණ විදර්ශනාව එළඹ සිටියි. අද ම රහත් බව ගන්නෙමි යි නොලද්දේ ම ආශ්‍රවයෝ සිටියි. අධිමෝක්‍ෂය ලබයි. තුන්වන ධ්‍යානය පාදක කොට හතරවන ධ්‍යානය සඳහා කසිණ පරිකර්ම කරන්නාට නීවරණ විෂ්කම්භානාදිය බලන්නට යමකින් මේ අත්හරින්නේ නීවරණ විෂ්කම්භනයයි. කෙලෙස් ඇති කල්හි පිහිටයි. සංස්කාරයන් අනුව ගිය විභූතිය ප්‍රකට කොට දිවැස් ඇත්තාට පරලොව මෙන් එළඹ සිටියි. චිත්තුප්පාදයෙන් ලේප පිඩෙහි ඇලෙන්නාක් මෙන් උපචාරයෙන් සමාධිය වේ. අද ම හතරවන ධ්‍යානය උපදවන්නෙමි යි නොලද්දේ ආස්‍රවයෝ පිහිටත්. අධිමෝක්‍ෂ ලබයි. මේ අධිමෝක්‍ෂ සම්ප්‍රසාදය නමි. මේ සම්ප්‍රසාදය ඇති කල්හි යමෙක් රහත්බව හෝ ලබයි. ඔහුට හතරවන ධ්‍යානය හෝ විදර්ශනාව හෝ වෙයි.
ඉධ පන ආයතනෙ චිත්තං පසීදතීති රහත්වීමට විදර්ශනාවේ ද හතරවන ධ්‍යාන උපචාරයන්ගේ ද ලැබීම් ප්‍රතිලාභ සම්ප්‍රසාදය යැයි දතයුතුයි. විදර්ශනා ප්‍රඥාවෙන් විශේෂයෙන් මිදෙන්නහුගේ කාරණා උපචාර ආනඤ්ජ සමාපත්තියයි.