සුනක්ඛත්ත සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතන්ති සුනක්ඛත්ත සූත්‍රය මාවිසින් මෙසේ අසන ලදි. එහි අඤ්ඤා රහත් බව ව්‍යාකතා ක්‍ෂීණාශ්‍රව ජාති ආදි පදයෙන් කියන ලදි. අධිමානෙන පැමිණිය යුතු සංඥාවට නොපැමිණ අවබෝධ නොකොට අවබෝධ සංඥාවෙන් වී මා විසින් අවබෝධ කළේයැයි යන මානයෙන් ප්‍රකාශ කළහ.
එවං චෙත්‍ථ සුනක්ඛත්ත තථාගතස්ස හොති සුනක්ඛත්තය, මෙහි මේ භික්‍ෂූන්ගේ ප්‍රශ්න විසඳීමෙහි මෙතැන මොවුන්ට නොවූ අඳුරෙකි. එබැවින් මොවුහු අවබෝධ නොකර අවබෝධ කරගත් සංඥා ඇත්තේය. එබැවින් එය පිරිසිදු කොට ප්‍රසිද්ධ කොට ධර්මය දේශනා කරන්නෙමියි මෙසේ ද තථාගතයන් වහන්සේට වෙයි. අථ ච පනිධෙකච්චෙ -පෙ- පුච්ඡන්ති තස්සපි හොති අඤ්ඤථත්තං භාග්‍යවතුන් වහන්සේට පිළිපන්නවුන්ට ධර්මය දේශනා කරයි. යම් තැනක කැමති වාරයක සිටියා වූ සමහරු හිස් පුරුෂයෝ වෙති. එහිදී භාග්‍යවතුන් වහන්සේ මොවුහු මේවා ඉගෙන නොදැනම දන්නාක් මෙන් නොපැමිණීම පැමිණි සංඥා ඇත්තාහු වී ගම් නියම්ගම්වල ආදියෙහි විශේෂයෙන් කියන්නාහු හැසිරෙත්ය යන්න දකියි. එය ඔවුන්ට බොහෝ කල් අහිත පිණිස දුක් පිණිස වෙයි. මෙසේ කැමති වාරයෙහි සිටින්නවුන්ගේ කාරණා ද පිළිපන්නවුන්ට වැඩ පිණිස ධර්මය දේශනා කරන්නෙමියි උපන් සිතේ වෙනස් භාවයක් වෙයි. මෙය ඒ සඳහා කියන ලදි.
ලොකොමිසාධිමුත්තො පංචකාමයෙහි ඇලුණු, එහිම නිමග්න වූ එහිම බර වූ තප්පති රුචියයි. කාමගුණ සභාගයි. ආනඤ්ජ පටිසංයුත්තාය ආනඤ්ජ සමාපත්තියෙන් යුතු සංසෙය්‍ය කියන්නේ ආනඤ්ජ සංයොජනෙන හි ඛො විසංයුත්තො ආනඤ්ජ සමාපත්ති සංයෝජනයෙන් යුතු ලොකාමිසාධිමුත්තො මෙබඳු වූ රළු සිවුරු ඇතිව මැටි පාත්‍රයක් ගෙන තමා සමානයන් සමග පිටිසර ගමට යයි. ගමට පිඬු පිණිස පැමිණි කල මිනිස්සු දැක මහා පාංශුකූලිකයෝ පැමිණියාහුය. කැඳ බත් ආදිය පිළියෙළ කොට සකසා දන් දෙති. බත්කිස නිම වූ කල්හි අනුමෝදනාව අසා ස්වාමීනි හෙට ද මෙහිම පිඬු පිණිස වඩින්න යැයි කියයි. උපාසකවරුනි, කම් නැත. අද ද බොහෝ සේ දුණි. ස්වාමීනි, මේ වස් කාලය මෙහි වැඩ සිටින්න යැයි කී කල එය ඉවසා විහාරයට යන මාර්ගය අසා විහාරයට යති. එහි සෙනසුන් ගෙන පාත්‍ර සිවුරු තැන්පත් කරති. සවස් කල ආවාසිකයෙක් ඒ භික්‍ෂූන් විචාරයි. පිඬු පිණිස හැසිරුනේ කොහේද? අසවල් ගමය. ආහාර ලැබුනේ ද? එසේය, ඒ මිනිස්සු ශ්‍රද්ධා ඇත්තේ වෙයි. මොවුහු අද පමණක් මෙබඳු ශ්‍රද්ධා ඇත්තේද? හැමදාම මෙබඳුමද? ශ්‍රද්ධා සම්පන්න මිනිස්සු හැමදාම එබඳුය. මේ විහාරය ඔවුන් නිසාම දියුණු වෙයි. එයින් එයින් ඒ පාංශුකූලිකයෝ නැවත නැවත ඔවුන්ගේ ගුණ කියති. දවසේ ඉතිරියෙහි ද කියා රාත්‍රියෙහි ද කියති. මෙපමණකින් කැමති වාරයෙහි සිටියහුට වෙයි. මෙසේ ලෝකාමිසාධිමුත්තිය දත යුතුය.
දැන් ආනඤ්ජ සමාපත්ති ලාභියා දක්වන්නේ ඨානං ඛො පනෙතං යනාදිය කීහ. ආනඤ්ජාධිමුත්තස්ස කෙලෙස් සිඳීමෙන් තොර යට සමාපත්ති හයෙහි ඇලුණු, සෙපවුත්තෙ එය කියන ලදි. සමාපත්ති හය ලාභී අධිමානසික පංචකාම ගුණයෙන් බැඳුණු පණ්ඩුපලාසයා මෙන් පැමිණෙයි. එහෙයින් කියන ලදි.
දැන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති ලාභියාගේ අධිමානසිකත්වය දක්වන්නට ඨානං ඛො පන යනාදිය කීහ. එහි ද්වෙධා භින්නා මැදින් බිඳුණු අප්පටි සන්‍ධිකා ලාකඩවලින් හෝ ඇලවිය නොහැකි සෙභින්නෙ බිඳුණු. මතුවෙහි මතුවෙහි සමාපත්තිලාභීන් විසින් පහත් සමාපත්ති දෙකෙන් බිඳුණු සීලයෙන් මෙන් වෙයි. එය සමාදන් වන්නෙමියි සිත නො උපදවන්නේ ම ය. එහෙයින් කියන ලදි. ආනඤ්ජ සංයොජනෙහි ඛො විසංයුත්තො ආනජ සමාපත්ති සංයෝජනයෙන් වෙන්ව,
දැන් නේවසංඥානාසංඥායතන ලාභීන්ට අධිමානසිකයාගේ දොස් දක්වන්නේ ඨානං ඛො පන යනාදිය කීය. එහි සෙවන්තෙ අෂ්ට සමාපත්තිලාභීන්ට යට සමාපත්ති පිළිකුල්ව වැටහෙති. නැවත සමාදන් වන්නෙමියි සිතක් නූපදියි. එහෙයින් කියන ලදි.
දැන් ක්‍ෂීණාශ්‍රවයන්ගේ දක්වන්නේ ඨානං ඛො පන යනාදිය කීහ. එහි සෙ උච්ඡින්නෙ එය නසන ලද, මතු සමාපත්තිලාභීන්ට යට යට සමාපත්ති මුලින් සිඳින ලද තල්ගසක් මෙන් වැටහෙයි. තං සමාපජ්ඡිස්සාමි එහි සිත නූපදියි. එහෙයින් කියන ලදි.
[missing trans]
[missing trans]