අහිතාය දුක්ඛාය දෙවමනුස්සානන්ති එක වෙහෙරෙහි සංඝයා මැද උපන් වාදය කෙසේ දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පවතී ද? කොසබෑ නුවර මෙන් භික්ෂූන් දෙදෙනෙක් අතර වාදයක් ඇති වූ විට ඒ විහාරයෙහි ඔවුන්ගේ අතවැසියෝ වාද කරත්. ඔවුන්ගෙන් අවවාද ගන්නා භික්ෂුණීහු වාද කරත්. එයින් ඔවුන්ගේ උපස්ථායකයෝ වාද කරත්. ඉක්බිතිව මිනිසුන් ද ආරක්ෂක දෙවියෝ වෙත්. අධර්මවාදීන්ට අධර්මවාදී ආරක්ෂක දෙවියෝ වෙත්. එයින් ආරක්ෂක දෙවියන්ගේ මිත්ර භූමස්ථ දෙවියෝ බිඳෙත්. මේ ක්රමයෙන් බ්රහ්මලෝකය දක්වා ආර්යශ්රාවක සියළු දෙවිමිනිසුන් කොටස් දෙකක් වෙත්. ධර්මවාදීන්ට වඩා අධර්මවාදීන් බොහෝ වෙත්. එයින් යමක් බොහෝ අය ගන්නා ලද්දේද එය ගනිත්. ධර්මය අතහැර බොහෝ දෙනා අධර්මය ගනිත්. ඔවුහු අධර්මය පතුරුවමින් වාසය කරන්නේ අපායෙහි උපදිත්. මෙසේ එක විහාරයක සංඝයා මැද උපන් වාදය බොහෝ අයගේ අහිත පිණිස දුක් පිණිස වෙයි.
අභිඤ්ඤාදෙසිතාති මහාබෝධි මූලයෙහි වැඩසිටියේ ප්රත්යක්ෂ කොට කියන ලදි. පතිස්සයමානරූපා විහරන්තීති ආශ්රය හේතුවෙන් වාසය කෙරෙත්. භගවතො පච්චයෙනාති දැන් බුදුරදුන් ජ්යෙෂ්ඨ කොට ගෞරව සහිතව වාසය කරන්නේ ස්වාමීනි. ඔබ වහන්සේගේ උසස් තේජස හේතුකොටගෙන වාදයක් ඇති කරන්නට නොහැකිය. බුදුරදුගේ ඇවෑමෙන් එය උපදවනාහු යැයි කියයි. වාදය ඇති වන්නේ යම් තැනක ද එතන දක්වන්නේ අජ්ඣාජීවෙ වා අධිපාතිමොක්ඛෙ වාති එහි අජ්ඣාජීවෙ යනු ජීවිකාව හේතුකොටගෙන ජීවිකාව කරණකොටගෙන භික්ෂූන්ගේ උතුරු මිනිස්දම් උල්ලංඝනය කරයි. පාරාජිකාපත්ති ආදි ක්රමයෙන් පරිවාරයෙහි පනවන ලද ශික්ෂාපද සය තබා ඉතිරි සියළු ශික්ෂාපද අධිප්රාතිමෝක්ෂය නම් වෙයි. අප්පමත්තකො සො ආනන්දොති අජ්ඣාජීවය ද අධිප්රාතිමෝක්ෂය ද අරඹයා උපන් වාදය නම් යම්හෙයකින් අනුන්ගේ කථාවක් තමන්ගේ ස්වභාවයෙන් සළකා අත්හැරීමට පහසු ද එබැවින් අප්පමත්තකය යැයි කියන ලදි.
මෙහි මේ ලෝකයෙහි සමහරෙක් උතුරුමිනිස් දම් රුවා දක්වා කීම නොකිරීමෙන් කිසිවක් ලබන්නටය ආදි වශයෙන් සිතා ආජීවය හේතුකොටගෙන උතුරු මිනිස්දම් හෝ උල්ලපනය කරා ද සංචාරිත්රයට හෝ පැමිණියේ ද යමෙක් ඒ විහාරයෙහි වසමින් ඒ භික්ෂුව රහත් යැයි ආදි වශයෙන් කනට කොඳුරා කියත් ද නොගිලන්ව තමාට වැඩ පිණිස ප්රණීත ආහාර ගෙන්වාගෙන වළඳා ද භික්ෂුණීන්ට හෝ එය දන්වා පාටිදේසනීයට පැමිණේ ද යම්කිසිවෙක් බත් ව්යංජන දැන්වීම් ආදි දුක්කට වස්තුවක් කරා ද ඔහු සබ්රහ්මචාරීහු මෙසේ හඳුනාගනිති. මොහුට මෙසේ ලබන ලාභයෙන් කවර ප්රයෝජන ද? යමෙක් මේ ශාසනයෙහි පැවිදි වී මිථ්යා ජීවයෙන් ජීවිකාව කෙරේ ද? පැණවීම් ඉක්මවීම් කරයි. මෙසේ තමාගේ ස්වභාවයෙන් වන්නේ යැයි මට මේ ලාභයෙන් කවර ප්රයෝජනයක් ද? මම මෙසේ මැනවින් දේශනා කරන ලද ධර්මවිනයෙහි පැවිදි වී මිථ්යාජීවයෙන් ජීවත්වෙමියි පැණවීම් ඉක්මවමියි සළකා එයින් මිදෙයි. මෙසේ අනුන්ගේ කතාවෙන් හෝ තමාගේ ස්වභාවයෙන් හෝ කල්පනා කොට නොකොට අත්හරී. එහෙයින් ඔහුට භාග්යවතුන් වහන්සේ අප්පමත්තකොති යනුවෙන් කීහ.
මග්ගෙ වාපි ආනන්ද පටිපදාය වාති ලෝකෝත්තර මාර්ගයට පැමිණ වාද කිරීම නම් සියළු ආකාරයෙන් සංසිඳෙයි. අවබෝධ කරගත් මාර්ග ඇත්තන්ට වාදයක් නැත. පූර්වභාග මාර්ගයත් පූර්වභාග මාර්ග ප්රතිපදාවත් සඳහා මෙය කියන ලදි.
එහි මේ ක්රමයයි. මිනිස්සු භික්ෂුවට මෙසේ ලෝකෝත්තර ධර්මයෙන් ගරු කරති. ඔහු අතවැස්සන් සමඟ පැමිණ වැඳ සිටි කල්හි අසයි. කුමකට පැමිණියේ ද? ස්වාමීනි, කමටහන් ඇසීමටයි. හිඳුව. මොහොතකින් රහත් වන්නට හැකි කමටහනක් කියන්නෙමියි කියා කියයි. භික්ෂුව තමා වාසය කරන ස්ථානයට පැමිණ සිටින්නේ මුල කමටහන සිහි කරයි. උන්වහන්සේ එය සිහිකරමින් සිටින කල ආලෝකය උපදියි. මේ ප්රථම මාර්ගයයි. ඔහු දෙවැනි ඕභාස නුවණ උපදවයි. දෙවැනි මාර්ගය අවබෝධ කළේ වෙයි. පැමිණියේ ද වෙයි. එකල්හි ඒ භික්ෂූන් වහන්සේලා රහතන් වහන්සේලා නොවූහ. මෙසේ කමටහන් කීමට ද නොහැකිය. ඒකාන්තයෙන්ම මේ අය රහත් වෙතියි නිෂ්ඨාවට පැමිණෙයි.
ඔහු පසුකාලයේ දී කළුරිය කරයි. අසල්වැසි මිනිස්සු පැමිණ අසත්. කිසිවෙකු විසින් තෙරුන්ගෙන් ප්රශ්නයක් අසන ලදදැයි. උපාසකවරුනි, පළමුව අපහට තෙරුන් වහන්සේ විසින් ප්රශ්නය කියන ලදි. ඔවුහු මල් වලින් කුළු ගෙයක් සාදා රනින් ඇස්වලට මුඛයට පියන් සාදා සුවඳ මල් ආදියෙන් පූජාකොට සතියක් සාධුක්රීඩා කොට දවා ඇටගෙන සෑයක් කරති. වෙන ආගන්තුකයෝ විහාරයට පැමිණ පා දොවා මහතෙරුන් දකින්නෙමුයි. ඇවැත්නි, මහතෙරුන් කොහිදැයි අසත්. ස්වාමීනි. පිරිනිවියේය. ඇවැත්නි තෙරුන් විසින් දුෂ්කර දෙයක් කරන ලදි. මාර්ගඵල උපදවන්නහු විසින් ප්රශ්න අසන ලදි. ස්වාමීනි, භික්ෂූන්ට කමටහන් කියන්නේ මේ ආකාරයටයි කීවේය. ඇවත මේ මාර්ගය නොවෙයි. මේ විදර්ශනා උපක්ලේශයයි. තොපි නොදන්නහුද? තෙරුන් වහන්සේ පෘථග්ජනය. ඔවුහු කෝලාහල කරන්නාහු නැගිට සියළු විහාරයන්හි භික්ෂූන් ද ගොදුරු ගමෙහි මිනිස්සු ද නොදනිත්. කුමන මඟකින් නුඹලා ආවේදැයි නුඹලා ම දැනගනිව්. කිමෙක් ද? නුඹලා විහාර දොරටුවෙහි සෑය නොදැක්කෙහු ද? මෙබඳු වාද ඇති භික්ෂූන් සියයක් හෝ දහසක් හෝ සිටියද ඔවුන්ගේ දෘෂ්ටිය අත්නොහරිති. ස්වර්ග මාර්ග දෙක ම වළකන ලදි.