කින්ති සූත්ර වර්ණනාව
එවම්මෙසුතන්ති කින්ති සූත්රය මා විසින් මෙසේ අසන ලදි. එහි කුසිනාරායං යනු මේ නම ඇති මණ්ඩල පෙදෙසයි. බලිහරණෙ ඒ වන ලැහැබෙහි භූතයන්ට බලි ගෙන එත්. එහෙයින් ඒ පෙදෙස බලිහරණය යැයි කියන ලදි. චීවරහෙතු සිවුරුවලට කාරණායි. සිවුරු කැමතිවේය යන අර්ථයි. ඉතිභවාභවහෙතු ඒ දේශනා පුණ්ය ක්රියා වස්තුව නිසා ඒ ඒ භවයෙහි සැප විඳින්නෙමියි ධර්මය දේශනා කරයි. කුමක්ද? තොපට මෙසේ වේය යන අර්ථයයි.
චත්තාරො සතිපට්ඨානා සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ලෞකික ලෝකෝත්තර යැයි කියන ලදි. තත්ථ ඒ සත්තිස් බෝධිපාක්ෂික ධර්මය කෙරෙහි සියුං වූහ. අභිධම්මෙ විශිෂ්ඨ ධර්මයෙහි මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෙහි යන අර්ථයි. තත්ර චෙති මේ බෝධිපාක්ෂික ධර්ම හැඳින්වීමේ ආධාර විභක්තියයි. අත්ථතො චෙව නානං ව්යඤ්ජනතො චාති මෙහි ශරීරයම සතිපට්ඨානයයි. වේදනාව සතිපට්ඨානය යැයි කී කල්හි අර්ථයෙන් නානත්වය වෙයි. තදමිනාපි නුඹලා මේ කාරණයෙන් ද එය දැනගනිව්. අර්ථයත් ව්යඤ්ජනයත් එක්කොට අර්ථයාගේ අනෙත් පරිද්දකින් ගන්නා ලද බැවින් ව්යඤ්ජනයාගේ වරදවා තබන බව දැක්විය යුතුයි. යො ධම්මො යො විනයො මෙහි අර්ථයත් ව්යඤ්ජනයත් අඟවන කරුණම ධර්මයත් විනයත් අර්ථ වශයෙන් සමවෙයි.
සිහියම සතිපට්ඨානය යැයි ගන්නා ලද කල ව්යඤ්ජන වශයෙන් නා නා බවයි. හුදෙක් ව්යඤ්ජනයම සතිපට්ඨානයෙන් සතිපට්ඨානය යැයි වැරදි ලෙස නඟන ලද්දේ වෙයි. අප්පමත්තකං ඛො සූත්රයට පැමිණ ව්යඤ්ජන අල්පමාත්ර වෙයි. ධනිත වශයෙන් ආරෝපනය කළ කල්හි නිවීමට පැමිණෙන්ට හැකිවෙයි.
එයට මේ උදාහරණ කථාවකි. විජයාරාම විහාර වාසි එක් රහතන් වහන්සේ නමක් භික්ෂූන් වහන්සේලා දෙනමකට සූත්රයක් ගෙන කමටහන් කියන්නේ අව්යක්ත පෘථජ්ජන තෙමේ සමුද්දො සමුද්දො යැයි ධනිත කොට කීයයි කීය. එක් භික්ෂුවක් ස්වාමීනි, සමුද්ද යැයි අල්පව කීය. ඇවැත්නි, සමුද්ධ යැයි කී කල ද සමුද්ද යැයි කී කල ද අපි ලුණු සාගරයම යැයි දනිමු. නුඹලා අර්ථය නො සොයන්නාහුය. ව්යඤ්ජන සොයන්නාහුය. යව. මහා විහාරයෙහි ව්යඤ්ජන ප්රගුණ කළ භික්ෂූන් සමීපයෙහි ව්යඤ්ජන ශුද්ධ කරව් යැයි කමටහන් නූගන්වා නැගිටවූයේය. උන්වහන්සේ පසුව මහා විහාරයෙහි බෙරය ගස්වා භික්ෂුසංඝයාට සතර මඟෙහි ප්රශ්න කියා පිරිනිවීය. මෙසේ සූත්රයට පැමිණ ව්යඤ්ජනයන්ගේ අල්පමාත්රය නම් වෙයි.
විනයට පැමිණ අල්පමාත්රයක් නොවේය. සාමණේර ප්රවෘජ්යාව උභතො ශුද්ධියෙන් වටියි. උපසම්පදා ආදී වූ කර්මයෝ සිථිල ධනිතාදීන්ගේ කිරීම් පමණකින් කෝප්ය වෙත්. මෙහි මෙය සූත්ර ව්යඤ්ජන සඳහා කියන ලදි.
සතරවෙනි වාරයෙහි විවාදයයි. කුමක් ද? සංඥා විවාදයයි. මම සිහියම සතිපට්ඨානය යැයි කියමි. මේ ශරීරය සතිපට්ඨානයයි කියන්නේ ඔවුන්ගේ සංඥාව නොවේ. ව්යඤ්ජනය ද නොවේ. මේ න්යායයි.