බහුවේදනිය සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු බහුවෙදනීය සුත්‍රයයි. තත්‍ථ පඤ්චකඞ්ගො ථපති පංචකඞ්ග යනු ඔහුගේ නමයි. වෑපොරෝ කණිනහුල් මුගුරු කළුනුල් නැළිය යන අංග යන්ගෙන් යුත් බැවින් ද ඔහු පංචඞ්ගයයි ප්‍රකට විය. ථපති වඩුදෙටුවා උදායී පණ්ඩිත උදායී තෙරණුවෝ
පරියායං කරණ ආනන්ද ද්වෙපානන්‍ද ද්වෙපි ආනන්‍ද - ආනන්ද දෙකක් - පරියායෙන කරුණින් මෙහිද කායික චෛතසික වශයෙන් දෙක දතයුතුය. සුඛා ආදී වශයෙන් තුනකි. ඉන්‍ද්‍රිය වශයෙන් සුබීන්‍ද්‍රිය ආදි කොට ඇති පස, ද්වාර වශයෙන් චක්‍ඛුසම්ඵස්සජා ආදී කොට ඇති සය, උපවිචාර වශයෙන් ඇසින් රූපයක් දැක සොම්නස දනවන රූපයක් ළඟ හැසිරේය ආදී වූ දහඅට, ගෙහසිත සොම්නස් සය. ගෙහසිත උපේක්ෂා සය නෛෂ්ක්‍රම්‍යසිත උපේක්ෂ සය. යන තිස්හය අතීතයෙහි තිස්හයක්ද, අනාගතයෙහි තිස්හයක්ද, වර්තමානයෙහි තිස්හයක්ද, යනුවෙන් එකසිය අටක්වූ වේදනාව දතයුතුය.
පඤ්ච බොඉමෙ ආනන්‍ද කාමගුණා මෙය තනි ගැළපීමයි. එපමණක් නොව දෙකක් ආදිකොට ඇති වේදනාවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලදහ. පිළිවෙළින් එක් වේදනාවක්ද කියන ලදී. එය දක්වන්නේ පඤ්චකඞග වඩුදෙටුවාගේ වාදයට උපස්තම්භවීමට මේ දේශනාව ආරම්භ කළස්ත.
අභික්කන්තතරං සුන්දර තර පණීතතරං ප්‍රණීතතර මෙහිද චතුර්ථධ්‍යනයෙහි පටන් අදුක්ඛමසුක වේදනාවයි. එයද ප්‍රණිතාර්ථයෙන් සුඛ යයි කියන ලදී. නිරෝධය අවෙදයිත සුඛ වශයෙන් සුඛ නම් වීය. පංචකාම ගුණ වශයෙන් ද අටසමවත් වශයෙන්ද උපන් සුඛය වෙදයිත සුඛ නම් නිරෝධය අවේදයිත සුඛ නම් මෙසේ වේදයිත සුඛය වෙදයිත සුඛ නමි, නිරෝධය අවේදයිත සුඛ නමි මෙසේ වෙදයිත සුඛය හෝ වේවා අවේදයිත සුඛය හෝ වේවා නිදුක් බැවින් සුඛාර්ථයෙන් එකම සුඛයම උපන.
යත්‍ථයත්‍ථ යම් යම් තැනක සුඛං උපලබ්භති වේදයිත සුබය හෝ අවේදයිත සුබය හෝ ලබයි. තනතං තථාගතො සුඛස්මිං යෙව පඤ්ඤාපෙති ඒ සියල්ල තථාගතයන් වහන්සේ නිදුක් බැව් සැපයෙහිම පනවනස්ක. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තිය ශීර්ෂ කොට නෙය්‍යපුද්ගල වශයෙන් අර්හත්වය කුළුගන්වා දේශනාව නිමැවුසේක.
නවවැනි බහුවේදනීය සුත්‍රයයි
අපණ්ණක සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු අපණ්ණක සුත්‍රයයි. එහි චාරිකං අතුරිත චාරිකාවය
අත්‍ථි පන වො ගහපතියොයි කුමක් නිසා ඇසුද ඒ ගම කැලෑවට ඇතුළුවන තන්හි පිහිටියේය. නොයෙක් ආකාර මහණ බමුණෝ දිවාකල මග ගොස් සවස වසනු පිණිස ඒ ගමට එති ඒ මිනිස්සු ඔවුන්ට ඇඳපුටු අතුරා පාදොවා තෙත පිසදා කැප පැන් ආදිය දී දෙවැනි දවසෙහි පවරා දන් දෙති. ඔවුහු පහන් සිතින් ඔවුන් සමග පිළිසඳර කථාකරමින් මෙසේ කියත්. ගෘහපතිවරුනි, ඔබලා විසින් කිසියම් දර්ශනයක් ගන්නා ලද්දේද නැත ස්වාමීනි ගෘහපතියෙනි දර්ශනයක් නැතිව ලෝකය ඉදිරියට ගෙනයනු නොලැබේ. එක් දර්ශනයක් කැමතිවී කමා කොට ගන්ට වටී ලෝකය ශාස්වතය යන දර්ශනය ගන්නැයි කියා ගියාහුය. පසුදිනෙක තවත් අය පැමිණියහ. ඔවුහුද එසේම ඇසූහ. ඔවුහු ස්වාමීනි පසුගිය දිනවල ඔබ වැනිවූ ශ්‍රමණ බ්‍රාහ්මණ යෝ පැමිණ ලෝකය ශාස්වතය යන දර්ශනය මේ දර්ශනය අප ලවා ගන්වා ගියහුයයි දැන්වූහ. මෝඩයෝ කුමක් දනිත්ද මේ ලෝකය බිඳෙයි උච්ඡේද දර්ශනය ගනුවයි ඔවුහුද උච්ඡේද දර්ශනය ගන්වා ගියාහුය. මේ උපායෙන් තවත් අය එකවච්සස්සත වාදයද, තවත් අය අන්තානන්තවාදයද තවත් අය අමරාවික්ඛෙප විවාදය දැයි දෙසැටක් මිසදිටු උගන්වා ලුහ. ඔවුහු එක් දෘෂ්ටියකවත් පිහිටා සිටීමට නොහැකි වූහ. සියලු දෙනට පසුව භාග්‍යවතුන් වහන්සේ වැඩිසේක. උන්වහන්සේ ඔවුන්ට හිතපිණිස විචාරන සේක් අත්‍ථිපන වො ගහපතයො ආදිය වදාළසේක. එහි ආකාරවතී කරුණු සහිත සහේතුක අපණ්ණකො නොවිරුදු දෙමගක නොයන නිශ්චිතව ගන්නා පුද්ගලයා
නත්‍ථි දින්නං ආදී දසවත්‍ථුක මිච්ඡාදිට්ඨියයි. යට සාලෙය්‍යක සූත්‍රයෙහි විස්තර කරන ලදී. එසේම එයට ප්‍රතිවිරුද්ධවුයේ සම්මා දිට්ඨියයි.
නෙක්ඛම්මෙ ආනිසංසං යමක් ඒ අකුසලයෙන් නික්මුණු බවෙහි ආනිසංසයයි යමෙක් පවිත්‍රපක්ෂ වේද විශුද්ධ පක්ෂ වේද එය නොදකිත් යන අර්ථයි. අසද්ධම්ම සඤ්ඤත්ති නොවු විරූධර්ම හඳුන්වාදීම. අත්තානං උක්කංසෙති මාහැර තමාගේ දර්ශනය අන්‍යයන් ලවා ගැන්වීමට හැක්කේ අන් කවරෙක්දැයි තමා ඔසවා තබයි. පරංවම්හෙති මෙපමණක් ජනයා අතරේ එකෙක්වත් තමාගේ දර්ශනය අනුන්ලවා ගන්වන්ට නොහැක්කේ යයි මෙසේ අනෙකා යටට දමයි. පුබ්බෙව ඛොපන පෙර මිථ්‍යා දර්ශනය ගන්නහුගේ සුසිල්වත්බව හීන වුයේ වෙයි. දුසිල්බව එළඹ සිටියේ වෙයි. එවමස්සිමෙ මෙසේ මොහුට සිතෙයි. මේ මිථ්‍යාදෘෂ්ටි ආදීහු නැවත නැවත සත් වරක් ඉපදීම් වශයෙන් ඒ මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෝය නොයෙක් පාපී අකුශල ධර්ම උපදී නම්වේ.