අපණ්ණක සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු අපණ්ණක සුත්‍රයයි. එහි චාරිකං අතුරිත චාරිකාවය
අත්‍ථි පන වො ගහපතියොයි කුමක් නිසා ඇසුද ඒ ගම කැලෑවට ඇතුළුවන තන්හි පිහිටියේය. නොයෙක් ආකාර මහණ බමුණෝ දිවාකල මග ගොස් සවස වසනු පිණිස ඒ ගමට එති ඒ මිනිස්සු ඔවුන්ට ඇඳපුටු අතුරා පාදොවා තෙත පිසදා කැප පැන් ආදිය දී දෙවැනි දවසෙහි පවරා දන් දෙති. ඔවුහු පහන් සිතින් ඔවුන් සමග පිළිසඳර කථාකරමින් මෙසේ කියත්. ගෘහපතිවරුනි, ඔබලා විසින් කිසියම් දර්ශනයක් ගන්නා ලද්දේද නැත ස්වාමීනි ගෘහපතියෙනි දර්ශනයක් නැතිව ලෝකය ඉදිරියට ගෙනයනු නොලැබේ. එක් දර්ශනයක් කැමතිවී කමා කොට ගන්ට වටී ලෝකය ශාස්වතය යන දර්ශනය ගන්නැයි කියා ගියාහුය. පසුදිනෙක තවත් අය පැමිණියහ. ඔවුහුද එසේම ඇසූහ. ඔවුහු ස්වාමීනි පසුගිය දිනවල ඔබ වැනිවූ ශ්‍රමණ බ්‍රාහ්මණ යෝ පැමිණ ලෝකය ශාස්වතය යන දර්ශනය මේ දර්ශනය අප ලවා ගන්වා ගියහුයයි දැන්වූහ. මෝඩයෝ කුමක් දනිත්ද මේ ලෝකය බිඳෙයි උච්ඡේද දර්ශනය ගනුවයි ඔවුහුද උච්ඡේද දර්ශනය ගන්වා ගියාහුය. මේ උපායෙන් තවත් අය එකවච්සස්සත වාදයද, තවත් අය අන්තානන්තවාදයද තවත් අය අමරාවික්ඛෙප විවාදය දැයි දෙසැටක් මිසදිටු උගන්වා ලුහ. ඔවුහු එක් දෘෂ්ටියකවත් පිහිටා සිටීමට නොහැකි වූහ. සියලු දෙනට පසුව භාග්‍යවතුන් වහන්සේ වැඩිසේක. උන්වහන්සේ ඔවුන්ට හිතපිණිස විචාරන සේක් අත්‍ථිපන වො ගහපතයො ආදිය වදාළසේක. එහි ආකාරවතී කරුණු සහිත සහේතුක අපණ්ණකො නොවිරුදු දෙමගක නොයන නිශ්චිතව ගන්නා පුද්ගලයා
නත්‍ථි දින්නං ආදී දසවත්‍ථුක මිච්ඡාදිට්ඨියයි. යට සාලෙය්‍යක සූත්‍රයෙහි විස්තර කරන ලදී. එසේම එයට ප්‍රතිවිරුද්ධවුයේ සම්මා දිට්ඨියයි.
නෙක්ඛම්මෙ ආනිසංසං යමක් ඒ අකුසලයෙන් නික්මුණු බවෙහි ආනිසංසයයි යමෙක් පවිත්‍රපක්ෂ වේද විශුද්ධ පක්ෂ වේද එය නොදකිත් යන අර්ථයි. අසද්ධම්ම සඤ්ඤත්ති නොවු විරූධර්ම හඳුන්වාදීම. අත්තානං උක්කංසෙති මාහැර තමාගේ දර්ශනය අන්‍යයන් ලවා ගැන්වීමට හැක්කේ අන් කවරෙක්දැයි තමා ඔසවා තබයි. පරංවම්හෙති මෙපමණක් ජනයා අතරේ එකෙක්වත් තමාගේ දර්ශනය අනුන්ලවා ගන්වන්ට නොහැක්කේ යයි මෙසේ අනෙකා යටට දමයි. පුබ්බෙව ඛොපන පෙර මිථ්‍යා දර්ශනය ගන්නහුගේ සුසිල්වත්බව හීන වුයේ වෙයි. දුසිල්බව එළඹ සිටියේ වෙයි. එවමස්සිමෙ මෙසේ මොහුට සිතෙයි. මේ මිථ්‍යාදෘෂ්ටි ආදීහු නැවත නැවත සත් වරක් ඉපදීම් වශයෙන් ඒ මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෝය නොයෙක් පාපී අකුශල ධර්ම උපදී නම්වේ.
තත්‍ර ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ලබ්ධිවල කලිග්ගහො පරාජය ගැනීම දුස්සමත්තො සමාදිණ්ණො නොගතහැකි ස්පර්ශ කළ නොහැකි එකං සමථරිත්‍වා තිට්ඨති එක් අන්තයක් එක් කොටසක් තමාගේ වාදයට පතුරුවා අභිබවා සිටී. සචෙ ඛො නත්‍ථි පරලොකො මෙසේ ඇතිකල්හිම සුවපත්බව ගෙනදෙන්නේ වෙයි. රිඤ්චති අත්හරියි.
සද්ධම්මසඤ්ඤං සිදුවු දේ හඳුන්වාදීම
කටග්ගාහො ජයග්‍රහණය සුසමන්තො සමා දිණ්ණො මනාව ගනු ලැබුයේ මනාව ස්පර්ශකරන ලදුයේ උබයංසමවිරිත්‍වා තිට්ඨති උභයාන්තය, උභය කොට්ඨාසය ස්වකීය වාදයද පරවාදයද පතුරුවා අභිබවා සිටී. සචෙඛො අත්‍ථිපරලොකො මෙසේ ඇති කල්හිද යම්හෙයකින් නැත්නම්. එසේ ඇති කල්හිද සුවපත්බව ගෙන දෙයි. අනුන්ගෙන් ද ඒකාංශ උභයාංශයන්හි මේ ක්‍රමයෙන්ම අර්ථය දතයුතුය. කරොතො තම අතින් කරන්නහුම
කාරයතො අණ දී කරවන්නහුට. ඡින්‍දතො අනුන්ගේ අත්අදිය සිඳින්නහුම, පචතො දණ්ඩෙන්. පෙළන්නහුට තර්ජනය කරන්නහුට හෝ සොචයතො අනුන්ගේ බඩුගෙනයාම් ආදියෙන් ඇතිවන ශෝකය, තමාම කරන්නහුටද අනුන්ලවා කරවන්නහුටද, කිලමයතො ආහාර නොගෙන සිටීම බන්ධනාගාර ප්‍රවේශය ආදියෙන් තමා වෙහෙසන්නහුට ද අනුන් ලවා වෙහෙස කරවන්නහුට. ඵන්‍දතො ඵන්‍දපයතො අන්‍යයා පනින පනින විට බඳින කල්හි තමාද පනින්නහුටද අනුන් ලවා පන්න වන්නහුටද. පාණමතිපාතයතො පණ නසන්නහුටද නසවන්නහුටද මෙසේ සියලු තැන කාරණකාරණ වශයෙන්ම අර්ථ දත යුතුය.
සන්‍ධි ගෘහසන්ධිය. නිල්ලොපං මහා කොල්ලකෑමක් එකාගාරිකං එක් ගෙයක්ම වටකොට කොල්ලකෑම පරිපන්‍ථෙ පැමිණි පැමිණියවුන් කපනු පිණිස මාර්ගයෙහි සිටින්නහුට කරොතො න කරීයතිපාපං කිසියම් පාපයක් කරමියි හැඟීමෙන් කරන්නහුද පාපයක් නොකරයි. පාපයක් නැත සත්වයෝ වනාහි කරමුයි මෙසේ හැඟීම් ඇත්තෝ වෙති. යන අර්ථයි. ඛුරපරියන්තෙන දැලිපිහි තලයක් හා සමාන තලයකින් හෝ දැලිපිහිතලයෙන් හෝ එකමංසබලං එක්මස් රැසක් පුඤ්ජං එයටම සමාන වචනයකි. තතො නිදානං එක්මස් රැසක් කිරීමේ හේතුව දකුණු තෙර මිනිස්සු කර්කශය දරුණුය. ඔවුන් සඳහා හනන්තො ආදිය කියන ලදී. උතුරු තෙර ශ්‍රද්ධා ඇත්තෝවෙති. පහන්වූවෝය. බුද්ධමාමකයෝය. ධර්ම මාමකයෝය සංඝමාමකයෝය. ඔවුන් සඳහා දදන්තො ආදිය කියන ලදී.