අභයරාජ කුමාර සූත්‍ර වර්ණනාව
එවම්මෙ සුතං යනු අභය සුත්‍රයයි. එහි අභය යනු ඔහුගේ නමයි රාජකුමාරො බිම්බිසාරගේ පුත්‍රයා. වාදං ආරොපෙහි දොස් නගව. නෙරයිකො නිරයෙහි උපදින්නා. කප්පට්ඨො කල්පස්ථායී අතෙකිච්ඡො බුදුවරුන් දහසක් විසින්ද පිළියම් කිරීමට නොහැකි. උග්ගිලිකුං අන්තදෙක මුදා කියන්ට නොහැක්කේ ගිලීමටවත් එළියට ගැනීමටවත් නොහැකිවිය. ඔගිලිකුං ප්‍රශ්න කිරීමෙහි දොස් ඇතිකොට ආපසු ගැනීමට නොහැක්කේ ගිලගැනීමට. ඇතුළට ප්‍රවේශ කිරීමට නොහැකිවිය.
එවං භන්තෙ නිගණ්ඨයා මෙසේ සිතීය. ශ්‍රමණ ගෞතම තෙමේ මාගේ සව්වන් බිඳුවා ගනී. මම එක් ප්‍රශ්නයක් නගන්නෙමි නම් මැනවි. යමක් විචාරන ලද්දේ ශ්‍රමණ ගෞතම තෙමේ දණින් නැමී හුන්නේ නැගිට ගැනීමට නොහැකි වන්නේයයි හේ අභයගේ ගෙයින් ගෙනා බත්ඇත්තේ සිනිඳු බොජුන් බුදිනේ බොහෝ ප්‍රශ්න එකතු කොට මෙහි ශ්‍රමණ ගෞතම තෙමේ මෙනම් දොසක් දක්වයි. මෙහි මේ දොසක් දක්වතියි සියල්ල හැරදමා සිව්මසක් ඇවෑමෙන් මේ ප්රශ්නය ඇසීමෙහි හෝ විසඳීමෙහි දොසක් දක්වන්ට නොහැකිය. මෙය ඔවට්ටකසාර නමි කවරෙක්නම් මෙය ගෙන ශ්‍රමණ ගෞතමට වාද නගන්නේද. ඉන්පසු අභය රාජකුමාරයා නුවණැත්තේය. ඔහු හැකිවන්නේය. ඔහුට උගන්වාලමියි නිෂ්ඨාවට ගොස් උගන්වාලීය. හේ වාදකිරීමේ කැමැත්ත ඇති බැවින් ඔහුගේ වචනය පිළිගෙන එවං භන්තෙ යි කීය.
අකාලොඛො අජ්ජ මේ ප්රශ්නය සිව්මසෙකින් ගොඩනගනලද්දකි. එහි මෙයගෙන මෙය විසඳන්නේ දිවාභාගය ප්‍රමාණවත් නොවන්නේයයි සිතන්නේ මෙසේත් සිතීය. සොදානි හෙට, අත්තචතුත්ථො කුමක් හෙයින් බොහෝදෙනකු සමග නිමන්ත්‍රණය නොකළේද. ඔහුට මෙසේ සිතිණ. බොහෝ දෙනකු හුන්කල මදක් අලසවනවිට අන් සූත්‍රයක් අන්කරුණක් අන් එබඳු උදාහරණයක් ගෙනවුත් දක්වයි. මෙසේ ඇතිකල්හි කලහයක් හෝ කෝලාහලයක් හෝ වන්නේ ය. එසේවුවත් හුදෙකලාවම ඇරයුම් කරන්නෙමි. මෙසේත් මට අපහසක් ඇතිවන්නේය. මේ අභය තෙමේ භාග්‍යවතුන්වහන්සේ දිනපතා භික්ෂුන් සියයක්හෝ ඒ දහසක් සමග හැසිරෙනු දැකත් හුදෙකලාවට ඇරයුම් කරන්නේය. ඔහු මසුරෙක් යැයි මෙසේ දෝෂයක් නොවන්නේයයි තවත් තිදෙනකු සමග තමා සිව්වැනි කොට ඇරයුම් කළේය.
තනඛෙවත්ථ රාජ කුමාර එකංසෙන රාජකුමාරය මෙහි ප්‍රශ්න නිශ්චය වශයෙන් විසඳීමක් වෙයි. තථාගතයන් වහන්සේ මෙබඳු වචනයක් කියන සේක් විය හැකිය නොකියන සේක්ද විය හැකිය. කියු කරුණින් අර්ථය දැක කියන සේක නොදක්නා සේක් නොකියනසේකැයි අර්ථයි. මෙසේ භාග්‍යවතුන්වහන්සේ නිගණ්ඨයා විසින් සිව්මසකින් ගොතන ලද ප්රශ්නය අසනිවාතයෙන් පර්වත කූටය සුනුවිසුණු කරන්නාක් මෙන් එක් වචනයෙකින්ම සුණුවිසුනු කළසේක. අනස්සුංනිගණ්ඨා නිගණ්ඨයෝ නැසුණෝය.
අඞ්කෙ නිසින්තො හොති කලවාහි හුන්නේ වෙයි. ව්යාජහේතු වාදීහු වාදය ගොඩනගමින් කිසියම් ඵලයක් හෝ මලක් හෝ පොතක් ගෙන හිඳගනිති. ඔවුහු තමන්ට ජය ලැබුණුවිට අනෙකා යටපත් කරති. අනෙකාට ජය ලැබුණුකල්හි ගෙඩිය කන්නාක් මෙන්, මල තලාදමන්නාක් මෙන් පොත මේ කියවන්නාක්මෙන් කැලඹීමක් පෙන්වති. මොහු මෙසේ සිතීය. සම්මා සම්බුදු රජාණන් වහන්සේ බට සංග්රාම ඇත්තෙකි. පරවාදීන් මථනය කරන්නෙකි. යම් හෙයකින් මට ජය ලැබුණොත් එය කුසලයකි. නොවේනම් දරුවා රිදවා හඬවන්නෙමි. ඉන්පසු බලන්න පින්වත්නි මේ දරුවා හඩයි නැගිටුවවු පසුව දැනගත්තෙමු යි දරුවාගෙන හුන්නේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි රාජකුමාරයාට වඩා සියගුණයෙන් දහස් ගුණයෙන් උතුම් වාදියෙකි. මොහුට මේ දරුවාටම උපමා කොට වාදය බිඳින්නෙමියි සිතා තං කිං මඤ්ඤසි රාජකුමාර ආදිය වදාළසේක.