කුක්කුරවතිය සූත්‍ර වර්ණනාව
එවම්මෙසුතං යනු කුක්කුරවතිය සුත්‍රයයි. එහි කොලියෙසු යන එනම් ඇති ජනපදයෙහි. එයද හුදෙක් කොලනගරයෙහි පිහිටි කෝලිය රජකුමරුන්ගේ නිවාසස්තානය බැවින් මෙසේ කියනු ලැබේ. ඒ කෝලිය ජනපදයෙහි ගලිද්දවසනං ඒ නියම්ගම නිර්මාණය කරනලද කල්හි පීතවර්‍ණ වස්ත්‍ර හැඳගත් මිනිස්සු නැකැත් කෙළි කෙළියහ. ඔවුහු නැකැත් කෙළි කෙළවර ගඟ අසල නියම්ගමට නම් තබන්නේ හලිද්දවසන යයි නමක් කළහ. එය ගොදුරුගම කොට වාසය කෙරේ යන අර්ථයි. මෙහි විහාරයයි කිසිවක් නියමිත කොට නැත. එහෙත් බුදුවරුන්ට සුදුසු සෙනසුනෙහිම වාසය කළසේකැයි දතයුතුයි. ගොවතිකො ගවයකු මෙන් හැසිරෙන්නෙක් හිසෙහි අං තබා වලිගයක් බැඳ එසේ හැසිරෙන්නියක සමග තණ කමින් හැසිරේ. අචෙලකො නග්න. නිර්වස්ත්‍ර සෙනියො ඔහුගේ නම
කුක්කුරවතිකො බල්ලකු මෙන් හැසිරෙන්නා සියලු සුනඛ ක්‍රියා කරයි. මේ දෙදෙනාම වැලිකෙළියේ පටන් යහළුවෝය. කුක්කුරොව පලිකුජ්ජිත්වා සුනඛයා නම් ස්වාමීයාගේ සමීපයෙහි හිඳිමින් දෙපසින් බිම සුරා සුනඛ හඬින් බුරමින් හිඳියි. මෙතෙමේද සුනඛක්රියා කරන්නෙමියි භාග්‍යවතුන්වහන්සේ සමග සතුටුව දෙඅතින් බිම සුරා හිස සලමින් බුඃබුඃ හඬ නගා අත්පා හකුළුවා සුනඛයකු මෙන් හුන්නේය. ඡමානික්ඛත්තං බිම තැබු. සමත්තං සමාදිණ්ණං සම්පුර්ණ කොට ගන්නා ලද. කාගති කවර නිෂ්පත්තියක්ද කො අභිසම්පරායො මරණින් මතු කවර තැනක ඉපදුණේද අලං ඔහුට අප්‍රිය වෙතියි තෙවරක් පසුබායි කුක්කුරවතං සුනඛව්රතසමාදානය.
භාවෙති වඩයි. පරිපුණ්ණං අනුන අබ්බොකිණ්ණං නිරතුරු කුක්කුරසීලං - සුනඛහැසිරීම කුක්කුරචිත්තං අද පටන් සුනඛයින් විසින් කළයුතුදෑ කරන්නෙමියි මෙසේ උපන් සිත. කුක්කුරාකප්පං සුනඛයන්ගේ ගමන ආකාරයක් ඇත. සිටින ආකාරයක් ඇත. හිඳින ආකාරයක් ඇත. නිදන ආකාරයක් ඇත. මළමුත්‍ර පහකරන ආකාරයක් ඇත. අන් සුනඛයන් දැක දත් විරවා ගමන්කරන ආකාරයක් ඇත. මෙය කුක්කුරාකප්ප නමි. එය කරයි යන අර්ථයි. දෙවො ශක්රසුයාම ආදීන්ගෙන් එක්අයෙක්. දෙවඤ්ඤතරො ඔවුන්ගේ දෙවැනි තෙවැනි ආදී තැන්වල සිටින එක්තරා දෙවියෙක් මිච්ඡාදිට්ඨි අදේවලෝකවලට යන මගම දෙව්ලොවට යන මගයයි ගෙන උපන් බැවින් එය ඔහුට මිථ්‍යාදෘෂ්ටිය නම් වේ. අඤ්ඤතරගතිං වදාමි ඔහුට නිරයෙන් බැහැර හෝ තිරිසන්යෝයෙන් බැහැර අනික් ගමනක් නැත. ඒ නිසා එසේකීය. සම්පජ්ජමානං දෘෂ්ටියෙන් මුසු නොවී සපල වූයේ නම්
නාහං භන්තෙ එතං රොදාමි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් මට කියන ලදද, මම භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රකාශය ගැන නොහඬමි නො වැළපෙමි. අදෝනා නොකියමි යන අර්ථයි මෙසේ සකර්මක වශයෙන් අර්ථය දත යුතුය. කඳුළු හෙළන මතින් නොවේ.