ජීවක සූත්ර වර්ණනාව
එවම්මෙතං යනු ජීවකසුත්රයයි. එහි ජීවකස්ස කොමාරභච්චස්ස අම්බවනෙ යනු මෙහි ජීවත් වේනුයි ජීවක නමි, කුමරු විසින් පෝෂණය කරන ලද්දේයයි කොමාරභච්චනමි යම්සේ කීයේද දරුවෙනි කපුටන් විසින් වට කොට සිටින මෙය කුමක්ද දේවයන් වහන්ස දරුවෙකි. දරුවෙනි ජීවත්වේද දේවයන් වහන්ස ජීවත්වෙයි. දරුවෙනි. එසේ නම් ඒ දරුවා අන්තඃපුරයට ගෙනගොස් පෝෂණය කරවන්ට කිරි මවුන්ට දෙවු. ඔහුට ජීවත්වන්නේයයි ජීවකයයි නමක් තැබුහ. කුමරු විසින් පෝෂණය කරන ලද්දේනුයි කොමාරභච්ච යයි නමක් තැබුහ. මේ මෙහි සංක්ෂේපයයි. විස්තර වශයෙන් ජීවකවත්ථුක්ඛන්ධකයෙහි දැක්විණ. එහි විනිශ්චය කථාවද සමන්ත පාසාදිකා නම් විනය අටුවාවෙහි කියන ලදී.
මේ ජීවක වනාහි එක්කලෙක භාග්යවතුන් වහන්සේගේ තුන් දොසින් ලෙඩවුණු ශරීරය සුළු විරේකයක් කොට සීවෙය්යක රෙදිදෙකක් දී වස්ත්රානුමෝදනාව අවසන සෝවාන් පෙළෙහි පිහිටා මෙසේ සිතීය. මා දවසට දෙතුන්වරක් බුදු උවටැනට යායුතුයි. මේ දෙවුරම බොහෝ ඈතය. මාගේ අඹ උයන වඩාත් ආසන්නය. මෙහි භාග්යවතුන් වහන්සේට විහාරයක් කරවන්නේනම් මැනැවැ හේ ඒ අඹවනයෙහි රාත්රිස්ථාන දිව්යස්ථාන ලෙන් කුටි මණ්ඩප ආදිය සාදා භාග්යවතුන් වහන්සේට සුදුසු ගඳකිළියක් කරවා අඹවනය රියන් දහඅටක් උස තඹපට වණින් පවුරකින් වට කරවා බුදුපාමොක් බික් සඟනට සිවුරු සමග බතින් සතප්වා දක්ෂිණෝදකය වත්කොට විහාරය පැවරිය. ඒ සඳහා කියන ලදී. කෝමාරභච්ච ජීවකගේ අඹවනයෙහි යැයි.
ආරහන්ති යනු ඝාතනය කරත්. උද්දිස්සකතං යනු උදෙසා කරන ලද, පටිච්චකම්මං යනු තමන් සඳහා කරන ලද නැතහොත් පටිච්චකම්මං යනු නිමිතිකොට කිරීම යන්නට සමාන වචනයකි. සඳහා කරන ලද කර්මයක් මෙහි ඇතැයි මස් සඳහා කිරිම යයි කියන ලද්දේවෙයි. යමෙක් මෙබඳු මසක් අනුභව කෙරේද හේද ඒ කර්මයට දායාද වෙයි. වධකයාට මෙන් ඔහුටද ප්රාණඝාතකර්මය වේය යන්න ඔවුන්ගේ විශ්වාසයයි. ධම්මස්සච අනුධම්මං ව්යාකරොන්ති යනු භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද කරුණට අනුකරණයක් කියත් මෙහි කාරණය නම් ත්රිකෝටිපරිශුද්ධ මත්ස්යමාංශ අනුභවයයි. අනුකරණය නමි අනුකරණය නම් ත්රිකෝටි පරිශුද්ධ මත්ස්ය මාංශ පරිභෝගයයි. අනුකරණය නම් මහජනයාට එසේ ප්රකාශකිරීමය. භාග්යවතුන් වහන්සේ උදෙසා කළ දේ යම්හෙයකින් පරිභෝග නොකරන සේක්ද ඒනිසා ඒ කරුණ කිසිසේත් නොවේ. තීර්ථකයන් එසේ ප්රකාශ කිරීම අනුකරණය නොවේ. සහධම්මිකො වාදානුවාදො යනු අනුන් විසින් කියන ලද කරුණින් සකාරණව තොපගේ වාදය හෝ අනුවාදය උගතුන් විසින් ගර්හා කළයුතු කරුණ කිසියම් අප්රමාදී වුවකුට නොපැමිණෙන්නේ ඇයි මෙය කියනලදී. කිමෙක්ද සියලු ආකාරයෙන්ම තොපගේ වාදයෙහි ගැරහියයුතු කරුණක් නැද්ද. අබ්හාචික්කන්ති යනු අභිභවනය කොට කියත්
ඨානෙහි යනු කරුණින් දිට්ඨං නම් භික්ෂුන් සඳහා මුවන් මසුන් මරා ගනු ලබන දෙය දිට්ඨනම් සුතං නම් හික්ෂුන් සඳහා මුවන් මසුන් මරා ගන්නාලදයි ඇසු පරිසඞ්කිතං යනු දුටු සැකකළදෙය ඇසුසැක කළයුතු දෙය ඒ දෙකින්ම මිදුණු සැකකළයුතු දෙය යැයි තුන්වැදෑරුම්වේ.
මෙහි වනාහි සර්ව සංග්රාහික විනිශ්චයයි. මෙහි භික්ෂුහු මිනිසුන් දැල් උගුල්ගත් අත්ඇතිව ගමින් නික්මෙන්නවුන් හෝ වනයෙහි ඇවිදින්නාවුන් දකිති. දෙවැනි දවසයෙහි ඒ ගමට පිඬු පිණිස පිවිස ඒ භික්ෂුන්ට මත්ස්ය මාංශ සහිත පිණ්ඩපාතය ගෙන එත් ඔවූහු මේ භික්ෂුන් සඳහා කරන ලද්දකැයි දැකීමෙන් සැකකරති. මෙය දිට්ඨ පරිසංකිත නමි, එය ගැනීම නොවටී. යමක් එසේ සැක නොකටයුත්තක් නම් එය ගැනීම වටී. ඒ මිනිස්සු ස්වාමීනි කුමක්නිසා නොගන්නේ දැයි විමසා ඒ බව අසා ස්වාමීනි මෙය භික්ෂුන් සඳහා නොකරන ලද්දේය. තමා සඳහා හෝ රජුගේ සේවයෙහි නියුක්තයන් සඳහා කරන ලද්දේයයි ඉදින් කියත්ද එය කැපය.
භික්ෂුහු දැල් උගුල් ආදිය අතැතිව ගමෙන් නික්මෙන්නවුන් හෝ වනයෙහි හැසිරෙන්නවුන් නොදකිත්ද එහෙත් අසත්ද දෙවැනි දින ඒ ගමට පිඬු පිණිස පිවිසි ඒ භික්ෂුන්ට මත්ස්ය මාංශ සහිත පිණ්ඩපාතය ගෙන එත්, ඔවුහු භික්ෂුන් සඳහා කරන ලද්දේයි ඇසීමෙන් ඒ ගැන සැක උපදවති. මෙය සුතපරිසඞ්කිත නම්. එය ගන්ට නොවටී. යමක් පරිසංකිත නොවේද එය ගන්ට වටී. යම්හෙයකින් ඒ මිනිස්සු ස්වාමිනි කුමක් හෙයින් නොගන්නේදැයි විමසා ඒ බව දැන ස්වාමීනි මෙය භික්ෂුන් සඳහා කරන ලද්දේ නොවේ. තමන් විසින් තමන් සඳහා හෝ රාජපුරුෂයන් සඳහා කරන ලද්දේයයි කියති. එය කැපය.
නොදකිත්ද නොඅසත්ද එහෙත් ගමට පිඬුපිණිස පිවිසි භික්ෂූන්ට පාත්රය ගෙනගොස් මත්ස්යමාංශ සහිත පිණ්ඩපාතය බෙදා ගෙනඑත් මෙය භික්ෂුන් සඳහා කරන ලද්දේ නොවේදැයි ඔවුහු සැක පහළ කරති. මෙය තදුභය විමුත්තපරිසඞ්කිත නමි මෙයද ගන්ට නොවටී. යමක් මෙසේ අපරිසංකිතද එය වටී. යම් හෙයකින් ඒ මිනිස්සු ස්වාමීනි කුමක්නිසා නොගන්නේදැයි විමසා ඒ බව අසා ස්වමීනි මෙය භික්ෂුන් සඳහා කරන ලද්දක් නොවේ අප විසින් තමන් සඳහා හෝ රාජ පුරුෂයන් සඳහා හෝ කරන ලද්දේය. පැවති මස හෝ කැප සරුප් පරිදිම ලැබ භික්ෂුන් සඳහා සම්පාදනය කරන ලද්දේයයි කියත්. එය කැපය.